දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය සරසවි සිසුන් විරෝධතාවක…

October 5, 2017 at 2:08 am | lanka C news
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය සරසවි සිසුන් විරෝධතාවක…

තමන් නිදහස් කරන්නැයි ඉල්ලා දැනට ආහාර වර්ජනයක නිරතව  සිරගතව සිටින සිරකරුවන් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා (04) යාපනය සරසවිය ඉදිරිපිටදී සරසවි සිසුන් විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය සරසවියේ පීඨ කිහිපයක සිසුන් පිරිසක් හා සරසවියේ අනද්‍යන කාර්ය මණ්ඩලය විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත සරසවි සිසුන් කියා සිටියේ,

‘යුද්දය අවසන් වී වසර 8 ක් ගෙවී ගිය මොහොතේ කිසිදු නඩුවක් නොමැතිව උතුරු හා නැගෙනහිර පලාත්වලින් අත්අඩංගුවට ගත් සිරකරුවන් 132ක් ඉන්නවා අපි කියන්නේ මේ අයව කොන්දේසි විරහිතව නිදහස් කර යුතුයි වත්මන් යහපාලන  ආණ්ඩුව ජාතිවාදය පරාජය කළ බව පැවසුවද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් ගන්න කිසිවෙක් නැහැ

දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු 8ක් වුවද දේශපාලනික තීන්දුවක් ගන්න බැරි ජාතිවාදින්ගේ උවමනාවන් මත බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට නොහැකි වෙලා මේ අය නිදහස් කිරීම අධිකරණ අමාත්‍යංශයේ වගේම යහපාලන ආණ්ඩුවෙත් වගකීම බවටද විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

602 Viewers
Main News