ධාරානිපාත වැස්සෙන් වාන් දොරටු 20ක් අරී.. අදත් රටපුරා මහ වැහි..

May 25, 2018 at 8:40 am | lanka C news
ධාරානිපාත වැස්සෙන් වාන් දොරටු 20ක් අරී.. අදත් රටපුරා මහ වැහි..

පුත්තම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20ක් විවෘත කර ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශයනට ලැබෙන අධික වර්ෂාව නිසා මෙම තීරණය ගෙන තිබේ.

ජලාශයෙන් පහල පදිංචිකරුවන් අවදානයෙන් පසුවන්නැයි දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද දිනය වෙනුවෙන් නිකුත් කර ඇති කාලගුණ නිවේදනය අනුව අද දිනයේද බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සදහන්ය.

එම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100-150 අතර වර්ෂාපතනයක් ඇද වැටෙනු ඇති බවත් සෙසු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවත් සදහන්ය.

10,274 Viewers

One Comment to “ධාරානිපාත වැස්සෙන් වාන් දොරටු 20ක් අරී.. අදත් රටපුරා මහ වැහි..”

  1. Aceman says:

    Niyan kaleta welenawa, wessa kaleta peenanawa.
    There is such a thing called ‘water management’, maybe our ‘scientific’ polticians and Harvard trained policy makers haven’t heard of it.

Main News