ධීවරයන්ට වෙඩි තියන යුගය යහපාලන අපි නිමා කළා.. ගජ මිතුරු ආර්ථිකයටත් තිත තැබුවා…

December 8, 2017 at 6:28 am | lanka C news
ධීවරයන්ට වෙඩි තියන යුගය යහපාලන අපි නිමා කළා.. ගජ මිතුරු ආර්ථිකයටත් තිත තැබුවා…

අයිතීන් ඉල්ලන ධීවරයන්ට වෙඩි තියන යුගය නිමා කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ධීවර ඛනිජ තෙල් සහ විදුලි යන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.

පසුගිය රජය සමයේ පැවතී අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් මත්ස්‍ය වෙළඳපොල පවා අපට අහිමි වූ බවද ඇමතිවරයා පැවසීය.

නමුත් වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්ති අනුව ඒ සියල්ල යලි මව්බිමට දිනා දීමට අපට හැකි වී තිබෙන බවත් ධිවර ප්‍රජාවගේ අයිතීන් දිනා දීමටද ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලකට අනුව කටයුතු කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදුලිබල ක්ෂේත්‍රය තුළද අතීතයේ සිට පැවතී මාෆියා තවදුරටත් ක්‍රියාත්මක වන බව කී ඇමතිවරයා පසුගිය රජය බිහිකළ යක්ෂයන් අරක්ගත් ගජමිතුරු ආර්ථිකයට තිත තබමින් සිටින බවද වැඩි දුරටත් කියා සිටියේය.

මාධ්‍ය ඒකකය
ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය

2,148 Viewers

3 Comments to “ධීවරයන්ට වෙඩි තියන යුගය යහපාලන අපි නිමා කළා.. ගජ මිතුරු ආර්ථිකයටත් තිත තැබුවා…”

  1. asaranaya says:

    මේ ඇමතියාට ඇමරිකන් පුර වැසිභාවය ඇත, ඔහු තවමත් නිදැල්ලේ, අසරණ ගිතා අක්කා එලියෙ. මුන්ගෙ මරේ මරු යහාපාලනය.

  2. රාහුල මල්ලී says:

    බැංකු ආරක්ෂා කරන යුගයක් නිමා කර බැංකු කඩන යුගයක්ද අපි ඇති කලා කියලා කිව්වත්… ඒකත් හරි….

  3. john the baptice says:

    අමාත්‍ය රාජිත ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව දැන් හෙලීවී ඇත. ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකක්. අමාත්‍යවරයා මේ අහිංසක ධීවරයින්ට ප්‍රහාර එල්ල කළේද රටට සිදුකළ මත්ස්‍ය වංචාව හෙලිවීමේ වෛරය නිසා බවට දැන් හෙළිවෙමින් පවතී. සිය ධුරය අයුතු ලෙස භාවිත කරමින් සිදුකළ වංචා රැසක් අමාත්‍යවරයා සිදුකර ඇති බවට ධීවරයින් මෙහිදී චෝදනා කළ අතර පසුව ධීවරයින් මේ පිළිබව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කර තිබෙනවා.

Main News