නත්තල් සීයා වේලාසනම කිලිනොච්චි යයි…

December 22, 2017 at 12:40 pm | lanka C news
නත්තල් සීයා වේලාසනම කිලිනොච්චි යයි…

මෙවර නත්තල් වෙනුවෙන් කිලිනොච්චියේ නැවත පදිංචි වූ කිතුනු බැතිමතුන් වෙනුවෙන් නව අත්දැකීමක් එක් කරමින් අලංකාර වූ නත්තල් කැරොල් ගී උත්සවයක් කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවනාගාරයේදී ඊයේ (21) මධ්‍යම රාත්‍රිය වන තුරු පැවත්වුණි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කාරියකරවන මහතාගේ සංකල්පයක් මත 57 සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජේ.එස් ගුණවර්ධන මහතාගේ මගපෙන්ධීමෙන් 571 බළසේනාධිපති කර්නල් කේ.ඩබ්ලිව්.එස් කොළොඹත්න්ති‍්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණයෙන් මෙම නත්තල් උත්සවය සංවිධානය කොට තිබුණී.

මෙම උත්සවය සඳහා ප‍්‍රධාන ආරාඹ්ත අමුත්තන් වශයෙන් යාපනය අනුනායක පියතුමන් වන ගරු අති උතුම් ජේ ජෙබරත්නම් පියතුමන්, මන්නාරම අනුනායක පියතුමන් අති උතුම් වික්ටර් සුසේ පියතුමන් සමග ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොඛ්ච්චි ආඥාපති මේජර් ජෙනරල් අඡිත් කාරියකරවන මැති තුමන් සහභාගි වන ලදි.

සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා වලින් අලංකාර අයුරින් මෙම කැරෝල් ගී උත්සවය සංවිධානය කොට තිබූ අතර උත්සව අවස්ථාවට සහභාගී වූ දූ දරුවන්ගේ සිත් ඇදී ගිය ප්‍රධාන අංගයක් වූවේ නත්තල් සීයාගේ සම්ප්‍රාප්තිය වූ අතර පසුව නත්තල් සීයා විසින් කිතුණු බැතිමතුන් වෙනුවෙන් තැගී බෝගද පිරිනමනු ලැබීය. ඊට අමතරව මීගමුව රොටරි සමාජිය විසින් පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ බෙදා දීමක්ද මෙහිදී සිදු විය.

උත්සව අවස්ථාව සඳහා 57 සේනාංකාධිපති මේජර් ජෙනරල් එචි.ජේ.එස් ගුණවර්ධන 65 සේනාංකයේ සේනාංකාධිපති මේජර්ජර් ජෙනරල් සරත් වීරවර්ධන, 66 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දුමින්ද කැප්පෙටිවලාන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ප‍්‍රභුවරුන් ඇතුලු විශාල පිරිසක්සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,122 Viewers

2 Comments to “නත්තල් සීයා වේලාසනම කිලිනොච්චි යයි…”

  1. Gadol says:

    සුබ නත්තලක්

  2. ASW says:

    Why should the lives of millions of innocent animals be destroyed at time of Christmas purely to celebrate the birth anniversary of one man?

Main News