නරේන්ද‍්‍ර මෝදි චන්ද‍්‍රිකා තාක්‍ෂණයෙන් වතුකරයේ ජනතාව අමතයි..

August 13, 2018 at 8:40 am | lanka C news
නරේන්ද‍්‍ර මෝදි චන්ද‍්‍රිකා තාක්‍ෂණයෙන් වතුකරයේ ජනතාව අමතයි..

ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කදුරට නව ගම්මාන යටිතල පහුසකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව නුවරඑළිය ඩන්සිනන් වතුයායේ ඉදිකල “මහත්මා ගාන්ධි පුර” නිවාස යෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (2018-08-12) දින ජනතා අයිතියට පත් කෙරිණ.

නිවාස 404 කින් යුතු මහත්මාගාන්ධිපුර නිවාස ව්‍යාපෘතියේ නිවාස ලාභීන් සඳහා පර්චස් හතක නිරවුල් ඔප්පුද ලබා දීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් සිදුවිය.

නිවාස ලාභීන්ට හරිත භූමි නිවාස ඔප්පු ලබා දීමද සිදුවිය.

ඒ අනුව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි මෙම නිවාස යෝජනාක්‍රමය ජනතා අයිතියිට පත්විය.

මෙම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ වතුකරයේ ජනතාව ඇමතීමද විශේෂත්වයකි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නෝර්වුඩ් ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේ ලබා දුන් පොරොන්දුවකට අනුව ඉදිකිරීමට නියමිත නිවාස 10 000 ට අදාළ ගිවිසුම ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතා සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අත්සන් තැබීය.

මේ අවස්ථාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගරු තරන්ජිත් සිං සන්ධු ,කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ,ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ,වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජා මහතා, අරවින්ද් කුමාර් මහතා, වේලු කුමාර් මහතායන මන්ත්‍රීවරුන් ඇතුළු ඇතුලු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

– අරුණ රත්නායක

5,013 Viewers

6 Comments to “නරේන්ද‍්‍ර මෝදි චන්ද‍්‍රිකා තාක්‍ෂණයෙන් වතුකරයේ ජනතාව අමතයි..”

  1. n.s fasions kurunegala says:

    toilet ekawath nethi ratak ay apta udaw karanne – meka indian colonoyak karanna munta one

  2. sakalabujan says:

    What about homeless sinhala peoples in North and east ????

  3. ගමරාළ says:

    යකෝ ඉස්සෙල්ලා තමුන්ගෙ රටේ උන්ට ටොයිලට් හදලා දීපන්කො. උන් පාර දෙපෑත්තෙ වෑසිකිලි යන්නෙ. ගන්දස්සාරෙ බෑ. ඉන්දියාව මොකක්ද කියලා ඉන්දියාවට දවසකට හරි ගිය උන් දන්නවා.

  4. ඒඒඒ මූඩිය ද අපේ රටේ ජනාඩිපති . එහෙනම් සිරා කව්ද බං…..

  5. lanka says:

    Who is President in this country?Do we have someone like a President ?

  6. Kings says:

    Are we another State for India?

Main News