නව පනත සූදානම්.. සදාකාලිකවම රට පාලනය දෙමළ බෙදුම් වාදීන්ට හා සහ ඔවුන්ගේ රූකඩ ආණ්ඩුවලට..

May 18, 2017 at 6:48 pm | lanka C news
නව පනත සූදානම්.. සදාකාලිකවම රට පාලනය දෙමළ බෙදුම් වාදීන්ට හා සහ ඔවුන්ගේ රූකඩ ආණ්ඩුවලට..

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරිමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ජාතිවාදී පදනමින් ඉදිරිපත් කල ඇති බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

ජාතිවාදී පදනමින් ගෙනා ඡන්ද දායකයින් ලියාපදිංචි කිරිමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත

ශ්‍රී ලංකාවේ දේශපාලනය සදහටම වෙනස් කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ පනතක් විදිහටයි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත අපි දකින්නේ. මේ පනත හරහා උතුරු නැගෙනහිර අවතැන් වුවන්ට අනිකුත් පලාත්වලින් අවතැන් වුවන්ට වඩා විශේෂිත සැලකීමක් ලැබෙනවා.  අපි හිතුවොත් මඩ කළපුව පොලොන්නරුව මායිමේ යම් බෝම්බයක් පුපුරලා පොළොන්නරුවේ කෙනෙකුත් අවතැන් වෙනවා, මඩකළපුවෙ කෙනෙකුත් අවතැන් වෙනවා කියලා. මේකෙන් මඩකළපුවේ අවතැන් වී දැන් කොළඹ පදිංචි දෙමළ පුද්ගලයාට කොළඹ ජීවත්වෙමින් මඩකළපුවේ ඡන්දය පාවිච්චි කිරීමට අයිතියක් ලැබෙනවා. නමුත් වැලිකන්දේ අනාථ වු දැනට නුවර ජීවත්වෙන කෙනෙක් ඉන්නවනම් එම පුද්ගලයාට එම අයිතිය ලැබෙන් නෑ.

මේක ජාතිවාදී පදනමින් ප්‍රදේශවාදී පදනමින් ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1)  12 (2) වගන්තිය අමු අමුවේ උල්ලංඝණය කරනු ලබන පනත් කෙටුම්පතක්.

මෙතෙක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ යම් ඡන්දහිමියෙක් විදිහට ලියාපදිංචි වීමට තියෙන සියළුම විධිවිදාන නොසලකා හැරලා කිසියම් පුද්ගලයෙකු අවතැන් වූවා කිව්වොත් එයාලට පුළුවන් වෙනවා උතුරු නැගෙනහිර ලියාපදිංචිවෙන්න. ඒ සදහා අවශ්‍ය වෙන්නේ තමන් දැනට පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් ඔහු අවතැන් වුවෙක් බවට සහතික නිකුත් කිරීම පමණමයි.

එහෙමනම් කැනඩාවෙන් බ්‍රිතාණ්‍යයෙන් නෝර්වේ වලින් වගේම තමිල්ණාඩුවෙන් ලංකාවට ඇවිල්ලා හෝටලයක නතරවෙලා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලන්න පුළුවන් මම අවතැන් වුවෙක් බවට සහතිකයක් දෙන්න කියලා.

මේක එක් පැත්තකින් සමස්ථ ග්‍රාමනිලධාරීන්ම අනවශ්‍ය පීඩනයකට වංචාවන් කිරීමට පොළඹවන පනතක්. මොකද ඒ ග්‍රාම නිලධාරියා සහතික කරන්නේ  කොහොමද තීරණය කරන්නේ කොහොමද මෙම පුද්ගලයා කිලිනොච්චියේ හරි මඩකලපුවේ හරි අවතැන් වුවෙක් කියලා. කිසිසේත්ම තමන් නොදන්නා තමන්ට කිසිම සාක්ෂියක් නැති කාරණයක් පිළිබදවයි ග්‍රාම නිලධාරීවරයාට සහතික කරන්නට වෙන්නේ. ඡන්ද ලියාපදිංචිය සදහා පිටරටින් පැමිණෙන බෙදුම්වාදියාව බොරුවෙන් නිදහස් කරලා ඔහුගේ මේ පීඩනය ග්‍රාම නිලධාරියා වෙත පටවන්නයි මේ පනත මගින් උත්සහා කරලා තියෙන්නේ.

මේ පනතේ අරමුණු දෙකක් තියෙනවා. පළමු අරමුණ වෙලා තියෙන්නේ දැනට බටහිර රටවල ජීවත්වෙන ලක්ෂ සංඛ්‍යාත දෙමළ බෙදුම්වාදී ප්‍රවනතාවයේ ඉන්න දෙමළ ජනතාවට මැතිවරණයක් ආවහම ඇවිල්ලා ඡන්දය දීලා ආපහු යන්න පුළුවන් වෙනවා.  ඒ හරහා මේ පනත ක්‍රියාත්මක උනොත් මින්පසු සදාකාලිකවම මේ රට පාලණය කරන්නේ දෙමළ බෙදුම් වාදීන් සහ ඔවුන්ගේ රූකඩ ආණ්ඩු කියන එක සීයට සීයක්ම විශ්වාසයි.

ඒ වගේම අපි දන්නවා සෑම වසරකම ජුනි 1 වෙනි දා වෙනකොට ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කරනවා. ඒ අළුත් ලැයිස්තුව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 දෙනෙකු දිස්ත්‍රික් අනුව බෙදා හරිනවා.  ඒ අනුව සෑම අවුරුද්දකම වාගේ දිස්ත්‍රිකවල එක් මන්ත්‍රීධුරයක් අඩු වැඩි වෙනවා. මේ උත්සහ කරන්නේ යාපනේ ඇතුළු උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව කෘතිමව ඉහල නංවලා ඒ පළාත්වලට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාව වැඩි කරලා අනික් ප්‍රදේශවල මන්ත්‍රීධුරයන් ඩැහැගන්න.

මේ කාරණා දෙකම ඡාතිවාදී පදනමින් රටේ ප්‍රශ්න ඇතිකිරීමේ පදනමින් ගෙනාපු දේවල්.  අපි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර  ද සිල්වා මැතිතුමන් පෙන්වා දුන්නා මෙය ජනතාවගේ ඡණ්ද බලය සහ ඡන්ද අයිතිය ප්‍රකාශකිරීම විකෘති කිරීම උදෙසා ගෙන එන ලද පනතක්. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියට අමතරව 03වෙනි වගන්තියත් උල්ලංඝණය වෙනවා. එම නිසා ජනමත විචාරණයකින් තොරව මෙය සම්මත කරන්න බෑ කියන තර්කය අපි මතුකලා. අපි විශ්වාස කරනවා මේ පනතේ ඇති බයානක කම තේරුම් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය මෙය ජනමත විචාරණයක් සදහා යොමු කරාවි කියලා.

මෙහිදී මාධ්‍ය වේදීන් අසන ලද පැනයන් සදහා පිළිතුරු දුන් නීතිඥ උදය ගම්මන්පිල මහතා —

උතුරු පළාත් සභා මන්ත්‍රී එම් සිවාජිලිංගම් ගේ  හැසිරීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස

මෙතෙක් කල් මේ රටේ තිබුනේ රණවිරු සැමරුම්. අද ජයග්‍රාහීරණවිරුවන් සැමරීම නතර කරලා ඒ වෙනුවට පාරාධිත ත්‍රස්ථවාදීන් සැමරීම දක්වා මේ රට අද ගමන් කරලා තියෙනවා. අපිට මතකයි ඔය කියන සිවාජිලිංගම් 2009 සිට 2015 දක්වා මේ රටේ සිටියත් මෙවැනි කොටි සැමරුම් කරන්න උත්සහා කලේ නෑ. එදා පූස් පැටියෙක් ලෙස සිටිය ඔහු අද කොටියෙක් වෙලා මුළු රටම බය කිරීමේ අරමුනින් ගොරවන තත්වයක් ඇතුවුනේ මේ ආණ්ඩුවේ නිවට කම නිසයි. කොටින්ගේ මේ පිබිදීමට, කොටින්ගේ මේ නැගිසිටීමට, ඒ වගේම උතුරේ පුංචි දරුවන්ගේ සිත්වල දෙමළ බෙදුම් වාදය වැපිරීමට සිවාජිලිංගම් වැනි අයට හැකිවීම පිළිබදව ආණ්ඩුවේ නායකයන් වන ජනපති සහ අගමැති වග කිව යුතුයි.

මේ ආරම්භ වන්නේ අළු යට වු ගිණි පුපුරු එළියට අරන් ත්‍රස්ථවාදයේ ගිණි ජාලාවෙන් නැවත මේ රටම දවන්නයි. ඒ නිසා සමස්ථ ජාතියම සිවාජිලිංගම්ගේ හැකියාව සහ ජනපතිගේ නොහැකියාව නිසා යලි මතුවන බෙදුම්වාදය පරාජය කරන්න, ත්‍රස්ථවාදය පරාජය කරන්න පක්ෂ ජාති ආගම් භේද පසෙක ලා එකට එක්වීම රණ විරුවන්ට දැක්විය හැකි ඉහලම උත්තමාචාරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම සම්බන්ධව විරෝධතා එල්ල වෙද්දී ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එතුමන්ව මුණ ගැසුනා.

එම හමුව ගැන කිසිම ගැටළුවක් නැ. අපි විරෝධය පළ කරන්නේ මුනගැසිලායි. අපි ආයුධ වලින් නෙවෙයි කතා කරන්නේ. අපි ප්‍රචන්ඩව නෙවෙයි විරෝධය පල කරන්නේ. ඒ නිසා  අපේ අදහස් දක්වන්න අපි විරුද්ධවන්නේ  ඇයි කියා කියන්න අපිට අනිවාර්යෙන් සංවාදයක් පවත්වා ගැනීම අවශ්‍යයි.

අපි මෙරටේ ජනපතිතුමන්ට අගමැතිතුමන්ට විරුද්ධයි. නමුත් එසේ කියා අපි ජනපතිතුමන් අගමැතිතුමන් මුණ නොගැසී ඉන්නෑ.  මැතකදී වාසුදේව නානායක්කාර මැතිතුමන්, ඩලස් අලහප්පෙරුම මැතිතුමන් මමත් කථානායක තුමන් හමුවුනා ගීතා කුමාරසිංහ මැතිතුමන්ගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන්. එයින් අදහස් වෙන් නෑ කථානායක තුමන් පාර්ලිමේන්තුවේ ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝදී පාලනය අපි අනුමත කරන බව.

 ඉන්දීය මහකොමසාරිස්තුමන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශකරලා තිබුණා සුහදව සාකච්ඡාව පැවතිබවට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන් දැනට ඉන්දියාව සහ ලංකාව අතර ඇති ගිවිසුම් පිළිබදව ප්‍රශංසාව පළ කළ බව.

ඒක වැරදියි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආධාරකිරීම සම්බන්ධයෙනුයි ප්‍රශංසාව පල කලේ .දැනට අත්සන් කිරීමට යන ගිවිසුම් සම්බන්ධයෙන් ප්‍රසාදය පල කල බව මහකොමසාරිස්තුමන්  කොතනකවත් ප්‍රකාශ කර නෑ. ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි සාමූහිකවත් මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකවත් ශ්‍රී ලංකාව ඉන්දීය කොලණියක් කිරීමට විරෝධය පළ කර තිබෙනවා.  අපි අපේ විරෝධය පල කිරීම එම නායකයන් සමග සිදු කෙරෙන සංවාද වලදී සිදු කරනවා. ඒ වගේම මෙවැනි ගිවිසුම් ගැන අපේ ආණ්ඩුවක් ආවහම ගනු ලබණ ක්‍රියා මාර්ග ගැන අපි ඉන්දියාවටත් චීනයටත් දැනටමත් අනතුරු අගවා ඉවරයි.

 

11,641 Viewers

4 Comments to “නව පනත සූදානම්.. සදාකාලිකවම රට පාලනය දෙමළ බෙදුම් වාදීන්ට හා සහ ඔවුන්ගේ රූකඩ ආණ්ඩුවලට..”

  1. love nature says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  2. love nature says:

    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

    “රටත් ජාතියත් සමයත් කරණ කොට
    තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
    සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  3. love nature says:

    ඇහැළේපොළ පුත් කුමරූ
    කඩුවට ගෙළ දුන් අයුරූ
    පුරුදු කළොත් සිහල දරූ
    නිදහස අත්වනු නිබොරූ

  4. LogicalBuwa says:

    මූ කියන පච

Main News