නාමල්ලගේ රත්තරන් අස්සයෝ, හෙලිකොප්ටර්… බෑණාගේ යුද නැවු ඞීල්..

October 8, 2017 at 4:40 pm | lanka C news
නාමල්ලගේ රත්තරන් අස්සයෝ, හෙලිකොප්ටර්… බෑණාගේ යුද නැවු ඞීල්..

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා පරාජය කරන්න ක්‍රියාත්ම කරපු කුමන්ත්‍රණයේ දී මුලිකම අවධානය යොමු කරලා තිබුණේ තරුණ පරපුරේ ඡන්ද ගැන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් තරුණ සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට මිනුවන්ගොඩ, උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා පරාජය කරන්න ක්‍රියාත්ම කරපු කුමන්ත්‍රණයේ දී මුලිකම අවධානය යොමු කරලා තිබුණේ තරුණ පරපුරේ ඡන්ද ගැනයි. මේ කුමන්ත්‍රණයට මූලික වෙච්ච බටහිර රටවල් සහ මේ රටේ පරගැති බලවේග දැනගෙන හිටියා යමක් කමක් තේරෙන වැඩිහිටියන්ගෙන් බහුතරය රවට්ටන්න බැහැ කියලා.

ඒ නිසා මේ අය තරුණ පරපුර අපෙන් ඈත් කරන්න සැලසුම් හැදුවා. නාමල්ලගේ රත්තරන් අස්සයෝ, හෙලිකොප්ටර්, ලැම්බෝගිනි ගැන බොරු ප්‍රචාරය පටන් ගත්තෙ ඒ සැලසුමට අනුවයි. දැන් යහපාලන ආණඩුව බලයට ඇවිත් අවුරුදු තුනකටත් කිට්ටුයි. එකම එක ලැම්බොගිනියක්වත් ලැබුණද?

අපට චෝදනා කරලා බලයට ආපු අයගේ දුවලා, පුතාලා, ලේලිලා, බෑනලා දැන් කරන දේවල් බලන්න. අධිවේගී මාර්ග හදනකොට, රටේ ලොකු ලොකු උත්සව කරන කොට, යුද නැව් මිලට ගන්නකොට කොමිස් කුට්ටි කාගේ සාක්කුවලට ද වැටෙන්නේ කියන එක දැන් ජනතාවට රහසක් නොවෙයි.

තරුණයන් රටව්ටලා බලයට ආපු ආණ්ඩුව දැන් තරුණයන්ට සලකන හැටි බලන්න. හම්බන්තොට උද්ඝෝෂණයේ දී පොලිස් ලොක්කෝ ලවා තරුණයන්ගේ කන් පලවන්නෙත් මේ යහපාලන ලොක්කොම තමයි. එදා තරුණයන්ගේ කන්වලට පරාල ඇන ගහලා ටයර් සෑයවල්වල යවපු රනිල් වික්‍රමසිංහලා දැන් ආයෙමත් අරඅඳින්නේ ඒ වගෙ යුගයකට රට ගෙනියන්නයි.

තරුණයන්ට අලුත් රටක් හදාදෙන්න කියලා බලය ගත්ත අය අද තරුණයන් ආයෙමත් වතාවත් ටයර් සෑයවල්වල යවන යුගය ආරම්භ කරමින් යනවා. අද තරණ වියේ ඉන්න අය නොදන්නවා වුණත් ටයර් සෑ ඇවිලුණු යුගයේ බිහිසුණුකම රටේ වැඩිහිටියන් දන්නවා.

අද සුදු රෙදි පොරවගෙන ඉන්න ඝාතකයන් ගැන තාමත් මිනිස්සුන්ට මතකයි. අපට තියෙන කණගාටුව තමයි එදා භීෂණයෙන් බැට කාපු නිදහස් පක්ෂයත් අද මේ භීෂකයන්ගේ කකුල් හෝදන තැනට පත් කරලා තියෙන එක. පක්ෂයට සැබෑ ලෙසම ආදරය කරන නායකයෙක් කවදාවත් මේ වගෙ වැඩක් කරන්නේ නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

12,839 Viewers

3 Comments to “නාමල්ලගේ රත්තරන් අස්සයෝ, හෙලිකොප්ටර්… බෑණාගේ යුද නැවු ඞීල්..”

  1. හිටං the Backstabber says:

    මම කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපති වුනාට පස්සේ පක්ෂෙට මොනවා උනත් මට මොකද හිටං.

  2. Toyyia says:

    මම හිතන්නේ මහින්ද මහත්තයා ලෝකේ හටගෙන ඇති නව ප්රවණතාවය හදුනාගෙන නැහැ. ඉන්දියාවේ මෝඩි සහ මයිත්‍රි සිරිපාල මහතා ඒක දැනගෙන කටයුතු කලා.

    අලුත්ම ප්රවණතාවය තමයි “යහ පාලනය”. ප්‍රජාව ඉල්ලන්නේ යහ පාලනය. නමුත් මහින්ද මහත්තයා තවමත් යහ පාලනයට ගරහනවා. කොහෙද ඉතින් දිනන්නේ?

    • බයියා says:

      මයිත්‍රි සිරිපාල මහතා දන්නා අයුරු යහපාලනය යනු අගමැතිට සහ ගෝල බාලයන්ට රිසිසේ
      රටේ මහ බැංකුව සූරාගෙන කෑමට ඉඩ ප්‍රස්ථා සලසා දීමයි.

Main News