නාමල් රාජපක්‍ෂ, ඞීවී චානක, ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරුන් පොලින් අත්අඩංගුවට ගනී..

October 10, 2017 at 9:14 pm | lanka C news
නාමල් රාජපක්‍ෂ, ඞීවී චානක, ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරුන් පොලින් අත්අඩංගුවට ගනී..

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන නාමල් රාජපක්‍ෂ, ඞී.වී. චානක, ප‍්‍රසන්න රණවීර ඇතුළු තවත් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පසුගිය සිකුරාදා දිනයේ හම්බන්තොටදී විරෝධතා පැවැත්වූයේ යයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පළාත් සභා මන්ත්‍රිවරැන් වන උපාලි කොඩිකාර හා අජිත් ප්‍රසන්නද අත්අඩංගුවට ගත් පිරිස අතරේ වෙයි.

මොහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් අද කැදවා තිබූ අවස්ථාවේදීය.

අදාල මන්ත‍්‍රීවරුනට එදින හම්බන්තොට ප‍්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙස අධිකරණ වාරන නියෝගයක්ද නිකුත් කර තිබින.

9,094 Viewers

3 Comments to “නාමල් රාජපක්‍ෂ, ඞීවී චානක, ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරුන් පොලින් අත්අඩංගුවට ගනී..”

  1. SS says:

    Let’s see,how our best law student faces to this problem.

  2. Toyyia says:

    මට පේන විදියට නඩු විභාගයක් ලං වෙනකොට මෙයා යකා නටනවා.

  3. ආණ්ඩුවේ සල්ලි. says:

    නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උසාවිය පොලිසිය හරහා යොදවන හැටි ගෑස් නල වතුර නල ප්‍රහාර වලින් පැහැදිලිවේ. යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය විරුද්දවාදීන් ගෙන් පාලි ගන්න හැටි අපටත් පෙනේ. බුද්ධාගම් ගැන කතාකරන කුරුස කාරයන් පංචිකාවත්තේ වෙලදනායකයන් ලිච්චවි බණ දෙසයි. හම්බන්තොට කලාවකත් පෙළපාලි තහනම් නම් නම් කොලබ ගැන කතා මොකටද?වයිරයෙන් වයිරය සන්සින්දවන්නට බැරිය. සන්කිදියාව ලෝකෙට පොරකාසේ. ජයවේවා.හිරගෙවල් හදමු. මුන් ඔක්කොම එහි දමමු.පාසල් ඉස්පිර්තාල වසමු.හිර ගෙවල් හදමු.දියවන්නාවේ තුනෙන් දෙකෙන් රට කොරමු.

Main News