FCID තිගස්සවමින් නාමල් කෝටි 20ක් වන්දි ඉල්ලා නඩු දමයි.. නාමල් දින්නොත් ජීවිතේ පුරාම වන්දි ගෙවන්න වෙයි..

October 10, 2016 at 3:00 pm | lanka C news | ලංකා සී නිවුස්
FCID තිගස්සවමින් නාමල් කෝටි 20ක් වන්දි ඉල්ලා නඩු දමයි.. නාමල් දින්නොත් ජීවිතේ පුරාම වන්දි ගෙවන්න වෙයි..

කිසිදු නීතිමය පදනමකින් තොරව තමන් අත්අඩංගුවට ගත්තේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයයෙන් රැපියල් කෝටි20ක වන්දි මුදලක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද දිනයේ නඩු පවරනු ලැබීය.

පැමිණිල්ලේ වග උත්තරකරැවන් කර ඇත්තේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 07 ස්ථානාධිපති අනුර ප්‍රේමරත්න හා උප පොලිස් පරික්ෂක ලලිත් ශාන්ත වන අතර මන්ත‍්‍රීවරයා තමනට සිදු වූ අපකීර්තියට හා මානසික පීඩාවට වන්දි වශයෙන් කෝටි 20ක මුදල් ඉල්ලා සිටී.

පසුගිය ජූලි මස 11 වැනි දින මන්ත‍්‍රිවරයා අත්අඩංගුව ගනු ලැබුවේ රගර් ක්‍රිඩා ප‍්‍රවර්ධනය සදහා පුද්ගලික සමාගමකින් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

43,531 Viewers

9 Comments to “FCID තිගස්සවමින් නාමල් කෝටි 20ක් වන්දි ඉල්ලා නඩු දමයි.. නාමල් දින්නොත් ජීවිතේ පුරාම වන්දි ගෙවන්න වෙයි..”

  1. nimal says:

    NAMAL PUTHA NIYAMI

    JAYA WEWA …..JAYA……..JAYA …JAYA WEWA.

  2. මහේන්ද්‍ර ගුණවර්ධන says:

    පොලිසිය තුල පොලිස් දෙපාර්තමේන්තුවේ සම්මත ක්‍රමයට අදාල නොවන ලෙස පිහිටුවන ලද ඒකකයක් තමයි එෆ්සීඅයිඩී කියන්නේ. ඒ ආයතනය සාමාන්‍යයෙන් විමර්ශනය කරනවයි කියන්නේ අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පෙන්වා දෙන කරුණු පිළිබඳවයි. ඒ කියන්නේ, පැමිණිල්ල එන්නේ දේශපාලන අධිකාරියෙන්.
    සාමාන්‍යයෙන් නම් පොලිසිය පිස්සු කෙලින්නේ නැහැ. උදාහරණයක් විදියට, මම පොලිසියකට ගිහිල්ල, මෙහෙම කියනවා. “අන්න අර සමාගම, ක්‍රීඩා සමාජවලට ආධාර වශයෙන් දෙන්න කියල, එක්කෙනෙක් අතට සල්ලි දීල තියෙනවා, ඒක හොරකමක්” කියලා. එතකොට පොලිසිය කියන්න ඉඩ තියෙන්නේ “තමන්ගේ මුදල් වංචා කළා කියල සමාගම පැත්තෙන් පැමිණිල්ලක් නැත. තමන්හට මුදල් නොලැබුන බවක් කියාගෙන ක්‍රීඩා සමාජවලින් පැමිණිල්ලක්ද නැත. ඒ නිසා මහත්මයා කරුණාකර ආපසු යන්න” කියන එකයි.
    සිහි බුද්ධිය තිබෙන, පළපුරුද්ද තිබෙන, නීති රීති ගැන දන්න සාමාන්‍ය පොලිස් නිලධාරින් වැඩ කරන්නේ එහෙමයි.නමුත්, දේශපාලන අධිකාරියේ මතය ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී ඉන්න මෙවැනි ආයතන වැඩ කරන්නේ ඒ විදියට නොවෙයි. ඒක නිසා තමයි, ඉහතකී ආකාරයේ පැමිණිල්ලක් මත නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමාව අත් අඩංගුවට ගන්නේ. සාමාන්‍යයෙන්, කෙනෙක්ව අත් අඩංගුවට ගන්නේ, ඒ සඳහා සාධාරණ හේතුවක් තියෙවනම් පමණයි. නමුත් යහපාලන පොලිසිය වැඩකරන්නේ එහෙම නොවෙයි.
    ඒ විතරක් නොවෙයි, ඉදිරියේදී මේ මේ උදවිය අත් අඩංගුවට ගැනීමට නියමිතයි කියල ආණ්ඩුවේ මැති ඇමතිවරු නිතර ප්‍රකාශ නිකුත් කරනවා. ඒ කියන්නේ, දේශපාලන බලවතුන් සහ පොලිසිය කතා වෙලා කෙරෙන වැඩක් මේක.
    මේ උදවිය, මෙච්චර ජරා ක්‍රමයකට, ඊට සම්පුර්ණයෙන්ම විරුද්ධ තේරුමක් තිබුණ “යහ පාලනය” කියන වචනය යොදාගත්තේ ඇයි කියන එකත් ගැටළුවක්. හැබැයි ඉතින්, විරුද්ධ පාක්ෂිකයන්ට දරුණු ලෙස හිංසා කරන්න හිතාගෙන, පලිගන්න ඉඩ තියලා පොලිසිවලටත් සතියක් දෙකක් නිවාඩු දෙනබව මැතිවරණ පොරොන්දුවක් විදියටම කියාගෙන ආව ජේආර් මහත්තය, ඒකට කිවුවෙත් “ධර්මිෂ්ඨ සමාජයක්” බිහිකරනවා කියලයි. ඉතින්, මේගොල්ලෝ “යහපාලනයක්” කියන එකෙන් අදහස් කරන්න ඇත්තෙත්, එෆ්සීඅයිඩී වාගෙ ඒවා හදාගෙන මෙහෙම කරනවා කියන එක වෙන්න ඇති. කොහොම හරි, මේ ආණ්ඩුව “යහපාලනය” කියන වචනයේ අර්ථය සම්පුර්ණයෙන්ම කණපිට පෙරළුවා. කවුරුත් පාහේ දැන් ඒ වචනේ භාවිතා කරන්නේ ආණ්ඩුවට අපහාසයට වගේ.
    නාමල් මන්ත්‍රීතුමා මේ දාන නඩුවෙන්, පොලිසියත් පාඩමක් ඉගෙනගනියි, කවුරුවත් කියන කියන විදියට පිනුම් ගහන්න ගියොත් වැඩ වරදින බවට. තමුන්ගේ සහ උසාවියේ ගෞරවය නම්බුව ගැන හිතන විනිශ්චයකාරවරුත්, යම් දවසක, එෆ්සීඅයිඩී කාරයින්ව එලවා ගනියි, බොරු කතන්දර අටවාගෙන උසාවි එනකොට!!

  3. Gayan says:

    Ha ha Niyamayi- Namal will have to get into the witness boc first. He will get pulverized!!!

    • Boo says:

      Namal has been to the witness box many times, he is well formed for that and therefore he will pulverize the politically dirty thieves from FCID. Watch it.

  4. Lawlord says:

    I just came from fcid. I was asked to come to give a statement regarding nhda. I was one of the board members of the nhda. I went in 10.00am and came out 4.45pm. I was questioned about four hours. It was a real agony and mental harrsment. I openly said that outfit is an illegal unit. I said those officers have no powers to interrogate any public officer or any citizen as per the provions of ccp and other relevant laws. Everyperson who has appeared before fcid shuold file actions every possible forums for this unlawful acts. Im planing to file a fundamental right case in the hrc and sc. Congardulations to you

  5. Ahinsa says:

    Dinai dinai naamal balan inna

  6. Micro Man says:

    එල..නොකෙරූ වරදකට කවුරුහරි අපෙන් පළිගන්ඩ එනවා නම්,අපිත් ඇස්කන් වහගෙන ඉන්ඩ නරකයි.එතකොට උන් හිතනවා අපි නිවටයෝ කියලා.

    නියමයි..නාමල් සහෝදරයා.
    ජයවේවා..!

  7. කර්තේලිස් ආතා says:

    දේශපාලන අතකොලු වෙච්චි නිළධාරීන්ට හොඳ පාඩමක්. නාමල් නඩුව පැරදුනත් ඕක ඉවර වෙනකොට නිළධාරීන් දෙන්නට නීතිඥ ගාස්තුව කෝටියක් දෙකක් වෙයි.

  8. Boo says:

    රනිල් හොරා උගේ සගයත් එක්ක මහා බැංකුවෙන් හොරකම් කල සල්ලි වලින් ගෙවලා උන් දෙන්නව බේර ගනියි.

Main News