නාම යෝජනා බාර ගැනීම අවසන්.. අද ප‍්‍රතික්‍ෂෙප කල නාම යෝජනා මෙන්න.. [Updated]

December 21, 2017 at 3:54 pm | lanka C news
නාම යෝජනා බාර ගැනීම අවසන්.. අද ප‍්‍රතික්‍ෂෙප කල නාම යෝජනා මෙන්න.. [Updated]

2018 පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම අද දහවල් 12.30න් අවසන් විය.

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර තිරප්පනේ ප‍්‍රාදේශීය සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය නාම යෝජනා පත‍්‍රය දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් වැලිගම ප‍්‍රාදේශීය සභාවට බාර දෙන ලද නාම යෝජනාව මාතර දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මව්බිම ජනතා පක්ෂය දික්වැල්ල ප‍්‍රාදේශී්‍ය සභාවට, ජාතික ජනතා පක්ෂය කොළඹ මහනගර සභාවට එක්සත් සමාජවාදී පක්ෂය ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහාද ඉදිරිපත් කල නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපනය නගර සභාව, වලිකාමම් උතුර, වලිකාමම් නැගෙනහිර, ඩෙල්ෆ්ට් පළාත් පාලන ආයතන සදහාද ඉදිරිපත් කරන ලද නාම යෝජනාවන්ද ප‍්‍රතිෙක්‍සප වී ඇත.

35,912 Viewers

3 Comments to “නාම යෝජනා බාර ගැනීම අවසන්.. අද ප‍්‍රතික්‍ෂෙප කල නාම යෝජනා මෙන්න.. [Updated]”

  1. Sumana says:

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්දෙන් කෙසේ වෙතත් නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කර ගැනීමෙන් නම් වාර්තාවක් තියයි වගේ

  2. Manel says:

    SLPP folks, why can’t you get serious about these things. Do you know the message you are giving to the public?

Main News