2018 මැයි දක්වා මිනී මැරුම් 225යි.. කොල්ලකෑම් 1280ට වැඩියි.. සොයා බලන්න නායකයෙක් නෑ.. රට වේගයෙන් විනාශයට..

July 30, 2018 at 6:27 am | lanka C news
2018 මැයි දක්වා මිනී මැරුම් 225යි.. කොල්ලකෑම් 1280ට වැඩියි.. සොයා බලන්න නායකයෙක් නෑ.. රට වේගයෙන් විනාශයට..

අද අපට නිදහසේ ජීවත් වීමට නොහැකි වට පිටාවක්‌ නිර්මාණය වී ඇති බවත් දිනපතා සිදුවන බිහිසුණු මැර ක්‍රියා නිසා දරුවන්ගේ අනාගතය ද අවාසනාවන්ත තැනකට තල්ලු වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසිය .

ඒ මහතා එසේ කිවේ පසු ගිය 28 වෙනි දා දෙනියාය කොටපොළ ජාතික පාසලේ පැවති ජිනදාස අරියගේ මහතා විසින් ලියන ලද ” නව සිරිත් මල්දම ” සහ “දකුණු පළාතේ අත් බලි යාගය ” යන කෘති දෙක දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි .

හෙට්ටිගේ මහතා එහිදී මෙසේද කීය .

“දන්නා අයගේ පොත් කියවීමෙන් නොදන්නෝද දන්නෝ වෙති “කියල එදා මුනිදාස කුමාරතුංගයන් කීවා .සමාජය සසල වෙමින් පවතින කාලයක මෙවැනි පොත් ලියා ජාතියට එකතු කිරීම වැදගත් වැඩක් .මානව වර්ගයාගේ යහ පැවැත්ම වෙනුවෙන් යමක් කරන්නා වීරයෙක් හැටියට සලකන්න ඕනෑ .ඉතිහාසයේ වීරත්වය පිදුනේ එවැනි අයටයි .අද සමහර වෙලාවට වීරයන් වෙලා ඉන්නෙ වාචාල කතා කියන ,මැරකම් කරන උදවිය .අපි ගමට රටට යුතුකම් ඉටු කරන්න ඕනෑ .සොර බොර වැව හැදුව බුලතා එදා වීරයෙක් ලෙස සැලකුවා .ගොවි ජනයා රජ මැති වරුන් ඔහු වීරයකු ලෙස පිදුවා .වැව හදපු බුලතා ගේ උතුම් අත් දෙක ගැන කවි කීවා .”දෝත පුරා පැන් අරගෙන බීපල්ලා -වැව් බැදි අපේ මුත්තට පිං දීපල්ලා “කියල කිව්වෙ .මින්නේරිය වැව හදපු මහ සෙන් රජුට මහා සෙන් දෙවිය කීවා . ජනතාව වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් වැඩ කරන වීරයන් රටකට ඕන කරනවා .

“නව සිරිත් මල් දම ” නව යුගයට ගැලපෙන ලෙස පැරණි “සිරිත් මල් දම ” ට දිගුවක් ලෙස සකස් කර තිබෙනවා .එය පාසල් දරු දැරියන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ප්‍රයෝජනවත් ලෙස රචනා කර තිබෙනවා මේ නිසා කතුවරයා වීරයෙක් හැටියට සලකන්න පුලුවන් .

අද සමාජය කණගාදායක තැනකට ඇවිත් .මැර කම් හැම තැනම .දරුවන් මැරයන්ගෙන් බේරා ගැනීමට වඩා දරුවන් මැරයන් වීමෙන් වළකා ගන්නෙ කොහොමද කියන අභියෝගය අප ඉදිරිපිට තිබෙනවා .පසු ගිය ජනවාරි මැයි දක්වා මිනී මැරුම් 225 ක් සිදුවෙලා .ස්ත්‍රී දුෂණ හිතන්න බැරි විදියට සිදු වේගෙන යනවා .මේ මාස කීපය තුළ කොල්ලකෑම් 1280 කට වැඩියි .රටේ මොනවද වෙන්නෙ කියල සොයා බලන්න නායකයෙක් නෑ .රටත් සමාජයත් විනාශය කරා යනවා .

මිනිස් සිත හදා ගන්න ඕනෑ .නවක වාදය තවමත් අවසානයක් නෑ .1975 සිට මේ වන විට 20ක් මිය ගිහින් .28000 ක් දෙනා නවක වදය නිසා උසස් අධ්‍යාපනය හැර ගිහින් .මානව දයාවට මොකද වෙලා තියෙන්නෙ ?ආදරය කරුණාව නැති ජීවිත භයානක තැනකට තල්ලු වෙනවා .මානව දයාව පරාර්ථ චර්යාව හිටි ගමන් මතු වෙන්නෙ නෑ .අද සමහර අයට මානව දයාව හිටි ගමන් මතු වෙනවා .ඒවා කෘතීම හැසිරීම් රටාවන් .ළමා වයසේදී මනසට වැටෙන උපදෙස් අමු මැටි බදුනක අදින මෝස්‌තර වගේ .

ළමා මනස මුල සිට හදා ගන්න අප කැප වෙන්න ඕනෑ .ඒ සදහා සාහිත්‍ය කලාවෙන් බොහෝ දේ කළ හැකියි . සාහිත්‍ය කන්නද කියා ඇසුව නායකයන් හිටිය රටක අපි ඉන්නෙ .ඒ කතාවට ජයලත් මනෝරත්න කලාකරුවා උත්තරයක් දීල කිව්වෙ සාහිත්‍ය තියෙන්නෙ කන්න නොව කන හැටි උගන්වන්න කියලයි .

දරුවන්ට පරමාදර්ශී චරිත අවශ්‍යයි .අද එවැනි චරිත සොයා ගන්නත් අමාරුයි .මේ ආණ්ඩුවේ දේශපාලකයෙක් පසු ගිය වසර කීපය තුළ පාසලකට ගිහින් එක ආදර්ශමත් කතාවක් කළ බවට කාටවත් මතකද ?ඒ අයට දරුවන් ඉදිරියේ ආදර්ශමත් කතාවක් කරන්න බෑ .ඒ තරමට පිරිහිලා .

12,894 Viewers

3 Comments to “2018 මැයි දක්වා මිනී මැරුම් 225යි.. කොල්ලකෑම් 1280ට වැඩියි.. සොයා බලන්න නායකයෙක් නෑ.. රට වේගයෙන් විනාශයට..”

  1. සීගිරි says:

    නිල්, කොළ, රතු තක්කඩියෝ රැල විවිධ එකගතා හා විවිධ සංධාන වලට එලබෙන වඟ පෙනෙනවා ….රෝමය ගිනි ගන්නවා,නිල්,රතු,කොළ නීරෝලා වීණා ගහනවා…
    දරිද්‍රතාවය උහුලා ගන්න බැරිව.. තමන්ගේ දරැවා,සහෝදරයා,අම්මා රැක බලාගන්න බැරැව මිනිස්සු ඒ අයව මරා දාලා තමනුත් දිවි නසා ගන්න ප්‍රවෘති දිනපතාම.
    තමන් රැකෙන්න,තම රට රැකගන්න අපට අවශ්‍ය නම් ජනතා විප්ලවයකින් මුං හැම එකාම එලවලා දාන්න වෙනවා…

  2. තනිකර බොරු. 2014 යි 2017 පොලිස් නිල සංඛ්‍යාලේඛණ සසඳා බලන්න.

Main News