නායක රූකඩයන් ශ‍්‍රීලනිපයත් එජාපයේ මිනීමරු ගමනේ හවුල්කාරයෙක් කරලා..

July 31, 2017 at 6:38 am | lanka C news
නායක රූකඩයන් ශ‍්‍රීලනිපයත් එජාපයේ මිනීමරු ගමනේ හවුල්කාරයෙක් කරලා..

රූකඩ නායකයන් විසින් ශ‍්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂයේ අතේ නැටවෙන රූකඩයක බවට පත් කරලා ඉවර බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරුල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා මෙසේ කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ආසන බලමණ්ඩලය නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ, උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී 29 දා එක්වෙමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටිලා තියෙන්නේ ඉතාමත් අසීරු අඩියකට. බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය අතහැරලා ගිහින් නිදහස් පක්ෂය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නැහැ කියලා හිතපු හින්දයි. නමුත් අද වෙලා තියෙන්නේ පක්ෂයේ නායකයාම අපේ ආදරණීය පක්ෂය එදා බණ්ඩාරනායක මැතිතුමා පවා ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ ගැට ගහපු එකයි.

අද නිදහස් පක්ෂය වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂය කියන විදියටයි. රූකඩ නායකයෝ අපෙ පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයේ අතේ නැටවෙන රූකඩයක බවට පත් කරලා ඉවරයි. රටේ ජාතික සම්පත් විකුණා දමමින්, වෘත්තීය අරගල මැර බලයෙන මර්දනය කරමින එක්සත් ජාතික පක්ෂය යන මිනීමරු ගමනේ හවුල්කාරයෙක් වෙන්න අපේ පක්ෂයටත් වෙලා තියෙන්නෙ නායකයන්ගෙ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසයි.

කොන්ද පණ තියෙන නිදහස් පාක්ෂිකයන විදියට එක්සත් ජාතික පක්ෂයේ ඉඳුල හෝදන්න යන වැඩපිළිවෙළට අපි එදා ඉඳලම විරුද්ධ වුණා .හැබැයි පක්ෂයට ආදරය නොකරන ජන බලයක් නැති කිහිපදෙනෙක් ගිහින් මේ ජාතික ආණ්ඩුව කියලා නමට කියන හවුල ආණ්ඩුව අටෝගන්න සහයෝගය දුන්නා. අන්න ඒ පාවාදීම නිසයි අපිට අද මේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දෙන්න වෙල තියෙන්නේ.

අපේ පාක්ෂිකයෝ කවුරුවත් කැමැති නැහැ මේ හවුල් ආණ්ඩු දීගයට. ගමේ මිනිස්සු දැන් කියන්නේ මේ හවුලේ දීගය ඇති අපේ ආණ්ඩුවක් හදමු කියලයි. හැබැයි මේ ආණ්ඩුවේම ඉදගෙන එක්සත් ජාතික පක්ෂයේ ඉදුල් කන්න කැමැති පිරිසකුත් ඉන්නවා. ඒ අය තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න වැඩ කරන්නේ. රටට ආදරය කරන කාටවත් මේ හවුල් ආණ්ඩුවේ ඉන්න පුළුවන්කමක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

5,872 Viewers

2 Comments to “නායක රූකඩයන් ශ‍්‍රීලනිපයත් එජාපයේ මිනීමරු ගමනේ හවුල්කාරයෙක් කරලා..”

  1. Wijebahu says:

    Ranathgungas specialty Prasanna and Arjuna both are stupid men with Oxford bodies and nursery brains.

  2. pp says:

    wirudda paksaya le sa slfp ekata rate karana thibuna aithihasika karaya baraya slfp eken MY3 nisa mewara gilihuna. anduwata ekathukara gania nisa slfp ekata me awasana wantha iranamata muhuna denna wela. ada rate inna wipaksa nayaka bodi. slfp ek unp grahanayata hasu wela. rata wenuwen katha karana kenek naha.

Main News