නායයාමක් සක්‍රිය වේ.. ප‍්‍රධාන මාර්ගය වසා දමයි…

October 14, 2018 at 8:40 am | lanka C news
නායයාමක් සක්‍රිය වේ.. ප‍්‍රධාන මාර්ගය වසා දමයි…

නායයාමේ අවධානමක් හේතුවෙන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් නතර කිරිමට නොර්වුඩ් පොලිසිය කටයුතු කර ඇත.

හැටන් බගවන්තලාව , හැටන් මස්කෙලිය සහ  හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් වු ප්‍රධාන මාර්ගයේ කොටසක් හා ප්‍රධාන මාර්ගය අභියස පිහිටි නිවාස පහක් නායයාමට සක්‍රියවි ඇත.

ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමන කටයුතු එක් මං තිරුවකට පමණක් නොර්වුඩ් පොලිසිය මගින් සිමා කර තිබු අතර , ඊයේ (13) දහවල් සිට රථ වාහන එක් මංතිරුවක ධාවනය කිරිමත් සමග මුළු මාර්ගයම ගිලා බැසිමට සක්‍රිය විමත් සමග එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම තාවකාලිකව  නතර කිරිමට නොර්වුඩ් පොලිසිය කටයුතු කර තිබුණි.

එම මාර්ගයේ බස් රථ වලින් ගමන් ගන්නා මගින්ව නායයමට සක්‍රිය වි ඇති ස්ථානය දක්වා ප්‍රවහනය කර එතැන් සිට මගින්ව බස්වා දෙපස ගාල් කර ඇති බස් රථවලින් ගමනාන්තය දක්වා ප්‍රවහනය කිරිමට නොර්වුඩ් පොලිසිය ක්‍රියා කටයුතු කර ඇත.

නායයාමට සක්‍රිය වි ඇති  ස්ථානයේ පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 23 දෙනෙකු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ස්ථිරවම එම නිවාස වලින් ඉවත් කර ඇති අතර එම නිවාසවල  පදිංචිකරුවන් මේ වන විට ඔවුන්ගේ ඥති නිවස්වල පදිංචි වි ඇත.

එම මාර්ගවල ගමන් ගන්නා රථ වාහන   විකල්ප මාර්ග ඔස්සේ නැවත දැනුම් දෙන තුරු ධාවනය කරවන ලෙස නොර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි..

10,393 Viewers

One Comment to “නායයාමක් සක්‍රිය වේ.. ප‍්‍රධාන මාර්ගය වසා දමයි…”

  1. gamarala says:

    යමපාලන නායකයන්ගේ මුසල කමට වෙන දේ?

Main News