නාලක සිල්වා අද CID කැදවයි.. රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණයට අත්අඩංගුවට..?

October 16, 2018 at 9:20 am | lanka C news
නාලක සිල්වා අද CID කැදවයි.. රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණයට අත්අඩංගුවට..?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතකය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා අද පෙරවරු 10.00ට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා තිබේ.

මෙම කුමන්ත‍්‍රණය සිදු කිරීමට දූෂණ විරෝධී බළකා අධ්‍යක්ෂ නාමල් කුමාර සමග සිදු කරන ලද දුරකතන සංවාදවල හඬ ගැලපෙන බවට රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර ඇත.

මාධ්‍ය වාර්තා පලවන්නේ අද දිනයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇති බවයි.

10,198 Viewers
Main News