නාවික හමුදා කඳවුර අසලින් බෝම්බ දෙකක් හමු වෙයි.

October 4, 2018 at 5:30 pm | lanka C news
නාවික හමුදා කඳවුර අසලින් බෝම්බ දෙකක් හමු වෙයි.

මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි බෝක්කුවක් තුල තිබියදී අත්බෝම්බ දෙකක් ජල නල සේවකයින් පිරිසකට හමු වී ඇති බවට මැදවච්චිය පොලීසිය කියා සිටියේය.

පූනෑව ප්‍රදේශයේ ජනතාවට ජලය ලබා දීම සඳහා මේ දින වල කොන්ත්‍රාත් සමාගමක් විසින් ජල නල පද්දතියක් එලීමේ කටයුතු සිදු කෙරෙන අතර එසේ සේවකයින් පිරිසක් පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයෙන් මෙම ජල නල පද්දතිය එලමින් සිටියදී නාවික හමුදා කඳවුර මීටර් 300 ක් පමණ ආසන්නයෙන් පිහිටි බෝක්කුවක් තුල අත් බෝම්බ දෙකක් හමු වී ඇත.

පසුව එම සේවකයින් පිරිස විසින් ඒ බව මැදවච්චිය පොලීසියට දැනුම් දීමෙන් පසුව මැදවච්චිය පොලීසියෙන් අදාල ස්ථානයට පැමිණ අත්බෝම්බ දෙක රැගෙන ගොස් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දීමට පියවර ගෙන ඇත.

අදාල අත්බෝම්බ දෙක තැබූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර ඒ පිළිබඳව පරික්ෂණයක්ද අරඹා ඇතයි මැදවච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,493 Viewers

3 Comments to “නාවික හමුදා කඳවුර අසලින් බෝම්බ දෙකක් හමු වෙයි.”

  1. ඕකටනේ යහපාලනය ගෙන ආවේ දැන් ඉතින් ආවා ඇවිත් වෙනස සැපයි නේද​???????

  2. LION says:

    යමපාලනය දැන් කියාවි මේකත් දකුනු ඉන්දියාවේ සිනමා බලලා දෙමළ තරුණයන් කරපු දෙයක් කියා ලැජ්ජයි

  3. මොන බොරුද බං. නත්තලට පත්තු කරන්න ගෙනාව චීන පටස් බං ඕවා. says:

    මොන බොරුද බං. නත්තලට පත්තු කරන්න ගෙනාව චීන පටස් බං ඕවා. පොඩ්ඩක් ඉදපල්ලකෝ පරීක්ෂණ ඉවර කොරලා පොලිස් නඩු දාලාම දෙන්නම්….

Main News