නැගෙනහිරට වැසි ඉල්ලා පිරිත් සජ්ජායනයක්..

April 11, 2017 at 2:02 am | lanka C news
නැගෙනහිරට වැසි ඉල්ලා පිරිත් සජ්ජායනයක්..

නැගෙනහිර පළාතේ පවතින දැඩි නියඟය අවසන් වී වැසි ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත් සජ්ජායනයක් හා දේව දානයක් ඉඟිනියාගල වැව් බැම්මේ පිහිටුවා ඇති ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිටදී පැවැත්වින.

අප්‍රේල් 08 වැනිදා රාත්‍රි දේව දානය පැවැත්වීමෙන් අනතුරුව අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථානවලින් වැඩමවූ මහා සංඝරත්නය පසුදා උදෑසන දක්වා පිරිත් සජ්ජායනයක් පැවැත්වූහ.

සංඝයා වහන්සේ විෂයෙහි පිරිනැමූ දානයකින් එම කටයුත්ත අවසන් විය.

ඇමති දයා ගමගේ, අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ, රාජ්‍ය නිලධාරීන්, ගොවි ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

– ජෝර්ජ් පෙරේරා

1,063 Viewers
Main News