නැවක් ගිනි ගෙන විනාශයි…

June 18, 2018 at 5:30 pm | lanka C news
නැවක් ගිනි ගෙන විනාශයි…

යාපනය කන්කසන්තුරෙයි මයිලිටි වරායේ නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අද (18) උදෑසන හදීසියේම ගිනි ගෙන විනාශ වී ඇති බවට කන්කසන්තුරෙයි පොලීසිය කියා සිටියේය.

මෙසේ ගිනිගෙන විනාශ වූ නෞකාව පරිහරනය නොකෙරෙන අතර කාර්මික දෝෂයක් හේතුවෙන් වසරක පමණ කාලයක් පුරාවට අතහැර දමා තිබූ නෞකාවක් බවට මේ වන විට තොරතුරු අනාවරනය වී ඇත.

අදාල නැව ලංකාවේ ව්‍යාපාරිකයෙකුට අයත් නෞකාවක් වන අතරම ඉන්දියාවේ සිට උතුරට සිමෙන්ති ප්‍රවාහනය කිරීමේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නෞකාවේ ගමන් කටයුතු නවතා ඇත.

කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න ඇති වූ අවස්ථාවේදී යාපනය මහනගරසභාවේ ගිනිනිවීමේ ඒකකය හා නාවික හමුදාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න නිවා දැමීඹට කටයුතු කර ඇතත් ඒ වන විටත් ගින්නේන් නැව විශාල වශයෙන් ගිනි ගෙන විනාශ වී ඇති බවට පරික්ෂණ සිදු කරන කන්කසන්තුරෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,965 Viewers
Main News