නැවතත් රටේ නායකයා වෙන්න මගේ අදහසක් නෑ.. මේ ආණ්ඩුව 2017 දී පෙරලනවා..

December 30, 2016 at 12:38 am | lanka C news
නැවතත් රටේ නායකයා වෙන්න මගේ අදහසක් නෑ.. මේ ආණ්ඩුව 2017 දී පෙරලනවා..

2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියාසිටියි.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා අද කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බව පෙන්වා දුන්නේය.

රාජ්‍ය නායකයා නොවන පාලකයෙක්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති’ බව කියාසිටියේය.

‘රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි’ බව ඔහු පවසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කල හැකි බව සඳහන් කළේය.

එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ව්‍යවස්ථා වෙනස

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව තරඟ කළහොත් ඡන්ද බෙදී එක්සත් ජාතික පක්ෂයට වාසි දායක තත්වයක් ඇතිවිය හැකි බවට පළවෙන මතය තමන් පිලි නොගන්නා බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටිනු ඇති බවත් සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා හා විපක්ෂනායකවරයා සමග සිදුකළ හමුවීම් ගැන යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා ‘ව්‍යවස්ථා සම්පාදනය සිදුවන ආකාරය ගැන මිස ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ මතය එහිදී ප්‍රකාශ නොකළ බව ප්‍රකාශ කළේය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ අභිනව ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කළ පසු බවත් ඔහු පවසයි.

එහෙත් එම ව්‍යවස්ථා වෙනස සිදුවේදැයි තමන්ට සැක සහිත බවත් ඔහුගේ අදහසයි.

චීන ආයෝජන

හම්බන්තොට චීන ආයෝජන ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපතවරයා චීනයට අකක්ර 15,000ක ඉඩම් පැවරීමේ තීරණයට තමන් කිසිසේත් එකඟ නොවන බව අවධාරණයෙන් කියාසිටියේය.

ඒ පිළිබඳව තමා අදාළ චීන සමාගමට දැනුම් දුන්බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා, තම පාලන කාලයේදී සැලසුම් කර තිබුණේ චීන කර්මාන්ත පුරයක් සඳහා අක්කර 750 පමණක් ලබාදීමට බවත් ප්‍රකාශ කළේය.

තම පාලන කාලයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීම ගැන ඉන්දීය තානාපති අංශ දැඩි විරෝධය පළකරමින් හැසිරුණු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, දැන් ඔවුන් “මීයන්” සේ හැසිරෙන බව සඳහන් කළේය.

ඉන්දියාව තම ආණ්ඩුවේ පාලන සමයේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් එළිපිටම විරෝධතා දැක්වුවත් දැන් නිහඬව සිටින්නේ ඔවුන්ට ත්‍රිකුණාමලය වරාය ලැබෙන නිසාදැයි තමන් නොදන්නා බවත් කියා සිටියේය.

ඉන්දියාව සමඟ

යුද්ධය ජය ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් කළ බවට හිටපු ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා කරන ප්‍රකාශය නිවැරදිදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘ඉන්දියාව යුද ජයග්‍රහණයට දායක වූ බව තමාත් ප්‍රකාශ කර ඇති බව’ සඳහන් කළේය.

එහෙත් තමිල්නාඩු ගැටලුව නිසා එය එළිපිට ප්‍රකාශ කිරීමට ඉන්දියාවට අවශ්‍ය නොවූ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ඉන්දියාව ඔහුට සහයෝගය දක්වන පසුබිමක සිටි ඉන්දියාව පසුව වෙනස්වීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්නයක් යොමු වූ විට ‘ඇතැම් වැරදි අවබෝධ මෙන්ම ඇමරිකානු බලපෑම්ද එයට හේතු වන්නට ඇති යන්න හිටපු ජනාධිපතිවරයාගේ ඊට පිළිතුර වුණේය.

2015 ජනාධිපතිවරණ පරාජය ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමරිකාව, ඉන්දියාව, එරට ‘රෝ’ ඔත්තු සේවය සහ බටහිර රටවල මැදිහත්වීමෙන් සිදු වූ එම මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දීමට තමන්ට නොහැකි වූ බවත් එය 2011 වසරේ සිට සැලසුම් කෙරෙමින් තිබුණ වැඩ පිළිවෙලක් වූ බවත් සඳහන් කළේය.

– BBC

43,501 Viewers

16 Comments to “නැවතත් රටේ නායකයා වෙන්න මගේ අදහසක් නෑ.. මේ ආණ්ඩුව 2017 දී පෙරලනවා..”

  1. rajapathi says:

    තනතුරු ගැන ඇති සිතිවිල්ලේ
    අවසාන මුලවෙඉ ලතවිල්ලේ
    ඇයි මේ විදියට හැසිරෙන්නේ ඔබ
    යලිදු නොඑනු ඇත ඔබ ආයේ
    බලයෙන් මත්වී හැසිරෙන්නේ ඔබ
    අගමැති ගැන ඇති සිතිවිල්ලේ
    කිසිදු දිනෙක යලි නොමවෙන්නේ
    එගැන ඇති වන සිතිවිල්ලේ
    අවසාන මුලවෙඉ ලතවිල්ලේ
    අගමැති තනතුර රනිල් මැතිදු ළඟ
    යලි නොම දෙනු ඇත මේ කපයේ
    එගැන ඇති වන සිතිවිල්ලේ
    අවසාන මුලවෙඉ ලතවිල්ලේ

    • සිරිතේක්කු says:

      මෙන්න පිලිගන්න තුන් වේලටම පුන්නක්කු ගිලින,
      වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය එජාප තරුන රිලා
      කැලේ නවතම සාමාජිකයා, රාජපති!

      දෙන්ඩ හොඳ හූවක්!!!

      • පාමංකඩ රවී says:

        ඔය යහපාලන හංසයාට මනාපය දුන්නු අයගෙ දැනුම තමයි, රංචාගොඩ ළමයාගේ කවි වගේ. මී හරක්. උස නම් සිකුරිටි, කොට නම් කම්කරු තනතුරු දෙන්නේ ඒකනේ.

      • Alapaluwa says:

        මේ රාජපතිලා වගේ කාලකන්ණි නරුමයෝ ටිකක් නිසා තමයි අද බහුතරයකට අපා දුක් විඳින්න සිදුවෙලා තිබෙන්නේ.මට පුදුම මේතරම් අපරාද රටට වේලත් තවමත් මේ ටෝයියෝ ටික ඇඹරෙන විදිය දැක්කම.

    • සවුදංජේමා says:

      `අගමැති තනතුර රනිල් මැතිදු ළඟ
      යලි නොම දෙනු ඇත මේ කපයේ”

      rajapathi, ඔය කියන තනතුර මිනිහා දෙන්ඩ ඕනෙ නැහැ.
      තව වැඩි කලක් යන්ඩ ඉස්සෙල්ල මේ රටේ මිනිස්සු 
      මෑන්ස්ගෙ පස්ස පැත්තට පයින් ගහල එලවන්නෙ.

      • latha says:

        හරියට හරි, ඕක රනිලගේ පස්සේ යන බුරුවන්ට තේරෙන්නේ නැහැ …28 වතාවක් පැරදිලා, යන්තම ගොවි රාලගේ නැට්ටේ එල්ලිලා ගොඩ ගියා, ගොවි රාලා බොරු කියලා , මිනිස්සු නොමග යවලා ගොඩ ගියා

  2. jerome says:

    Well Said Sir, we are with you………………..

  3. Jeyaramae says:

    Whether You are Head Of the State Or Not, Still You are Our Leader.
    Sri Lankan Majority With You. including Muslims ana Tamil.

  4. යුක්තිය says:

    රනිලා හොද ගොපල්ලෙකි
    හාෙදට හරක් දක්කන්නේ
    බදු හා දඩ බැදුම් කරෙන්,සහන කපා දක්කන්නේ…
    රනිල එපා මහින්ද කෝ කිවිය යුතුත් මේ යුගයේ
    අරැමෙ තමයි රාජපතිල ඉල්ලන්නෙම ගොපලු රජා.

    කුඩා රටකි නමුත් වර්ග කිහිපයකී…
    සිංහල,බර්ගර්,මැලේ හා දෙමල,මුස්ලිම් හා කොල සිංහල….
    මහින්ද මැතිදුන් හා සිංහල ජාතිය එක් වීලා
    කැඩී බිදී ගිය රට එක් කර ගොඩ නැගුවා දිවි දීලා….

    කුහක කොළ සිංහල,මුස්ලිම්,දෙමල එක් වීලා…පොලව පලන් යායුතු මුසාවාද වගුරාලා…
    මහින්ද මැතිදුන් යැව්වා මෙෙත්‍රීව පත් කරලා…
    එදා ගියා මහින්ද තනියම නම් නෙවෙයි හැබයි…
    රට ගොඩ නැගු බල වේගය, රට එක් කල බල වේගය දමා ගියා තරහ වෙලා ලක්ෂ 62 ක් හින්දා…

    එදා ඉදල අද වෙනකම් ඔප්පු උනේ එකම දෙයයි.
    හංසයා අාවේමිනිසුන් රවටාලා,බොරැ වගුරා…වැඩ කල මිනිසුන් හමුවේ තිබූ චෝදනා බොරැ බව…

    නමුත් එකක් කිව යුතුමයි.නියම සිංහලුන් හට
    කොටි අැල්ලුවෙ තුවක්කු කට කාහටවත් නොව තොපටයි…
    නමුත් දැක්ක,හදුන ගත්ත උන් කෙලින්ම කිව්ව ඒක..
    කවදා හරි ඉස්ලාමීය ඉලක්කයත් තොප පමනයි..
    උන් හදුනා ගැනීමටත් හැකිවෙයි දැන ක්‍රියා බලා..
    නමුත් කුහක කොළ සිංහල කරන දෙයක් නෑ මෙලොවට…
    විකිනි,විකිනි යයි චන්දෙට තටුවට,දොල පිදේනියට.
    රට කනවා විනාශ කර දමයි රටත් සිංහලයත්…
    අප අතරම ඉදන් සැගවීලා විනාශය ගෙනෙයි නිවටව ඉද..

    කොළ සිංහලු,කොළ සිංහලු වග කිව යුතුමයි අද රටට වෙච්ච හා වෙන්න තියන විනාශයට..

    හදුන ගන්න අපහසු මේ ලොකුම සතුර රට ජාතියෙ.. හදුන ගන්න සමත් උනොත් දිනුම මගේ රට,ජාතියෙ

  5. upul says:

    රටක නයකකුට තියෙන්න ඕනේ නායක පෙනුම, ඉදිරි දර්ශනය, එක වචනේ, එක ඔබ තුමා ලග තියෙනවා

  6. Ankoora says:

    රාජපති, හරියටම හොයල බලපන් උඹේ තාත්ත කව්ද කියල?.

  7. Nareen says:

    Labenneth naha. Peralenneth naha. Peralannath baha.

  8. Madu says:

    රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි’ බව ඔහු පවසයි

    • Ramani says:

      Absolutely correct!
      Even now, he is still the President of SL in the hearts and minds of grateful people in this country.

  9. well said as always President MR but you have to be our leader omce again with Gotabaya R & Wimal Weeerawansa and all our patriotic JO members to make SRI LANKA GREAT again…jaya wewaaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!

Main News