නෑමයි කියු කතා බොරු වෙයි.. යුද අපරාධ ලොක්‌කා ශ්‍රී ලංකාවට එයි..

October 8, 2017 at 8:40 am | lanka C news
නෑමයි කියු කතා බොරු වෙයි.. යුද අපරාධ ලොක්‌කා ශ්‍රී ලංකාවට එයි..

යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණෙනු ඇත. ඔහුව මෙරටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.

ලබන 10 වැනිදා සිට 23 වැනිදා දක්‌වා ඔහු මෙරට රැඳී සිටිනු ඇත.

සංක්‍රාන්ති අධිකරණය පිළිබඳ නිසි බලධාරී ලෙස මානව හිමිකම් කවුන්සිලය හඳුන්වන ග්‍රෙයිප් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් සංචාරයේ යෙදෙන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණය කිරීම, නව ත්‍රස්‌ත මර්දන පනත නිරීක්‍ෂණය කිරීම හා හමුදාව යටතේ ඇති ඉඩම් විමර්ශනය කිරීම යන කරුණුද පැබ්ලෝ ඩී ග්‍රෙයිප්ගේ විෂය පථයට අයත්වේ.

පැබ්ලෝ ඩී. ග්‍රෙයිප්ගේ පැමිණීම කෙරේ කොටි ඩයස්‌පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි ප්‍රසාදය පළකර තිබේ.

ඔහු රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්‌තවාදීන් ගැන ද විමර්ශනය කෙරේ.

ඔහු විසින් කෙටුම්පත් කෙරෙන විමර්ශන වාර්තාව 2018 මාර්තු මස පැවැත්වෙන 37 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

කීර්ති වර්ණකුලසූරිය
– දිවයින

6,710 Viewers

4 Comments to “නෑමයි කියු කතා බොරු වෙයි.. යුද අපරාධ ලොක්‌කා ශ්‍රී ලංකාවට එයි..”

  1. Rohitha says:

    There is absolutely no reason why Sri Lanka should worry about non binding HCR resolutions but for the ponnayas who are ruling at the moment.

    • ඇත්ත says:

      සිංහලයා විසින්ම රෙද්ද අස්සෙ නයි දමා ගැනීමේ ආදීනව………!!!

      ලංකාවට ඇවිල්ල මේ කරගෙන යන යුධ අපරාධ චෝදනා විමර්ශනවලට විරැද්ධව උද්ඝෝෂණ පවත්වන්න සිංහලයින්ට පුළුවන්ද? මොකද සිංහලයින් වෙනුවෙන් පෙනී ඉන්න අයමයි නේද ජිනීවා ගිහිල්ල මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.ගතු කිව්වේ. දැන් ඒවත් පරීක්ෂා කරයි. දැන් සිංහලයන්ට තියෙන්නෙ රෙද්ද අස්සෙ නයි දාගෙන කනවෝ කනවෝ කියන්න විතරයි…

      • sky says:

        බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කෙළේ සිංහල විරෝධී සහසන්ධීය රාජ්‍යයක් ලබා දෙන ව්‍යවස්ථාවක් ඇති කිරීමට හා රණවිරුවන් දඩයම් කිරීමට. ඒ මිසක් හොරු ඇල්ලීමට නොවන බව පැහැදිලි විය යුතුයි. මෙරට දේශපාලනඥයන් තම ප්‍රතිවාදීන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඉන්දු ලංකා ගිවිසුම හා සම්බන්ධ ප්‍රසිද්ධ දේශපාලනඥයකු කියා ඇත්තේ බල්ලන් අනෙක් බල්ලන්ගේ මස් නොකන බවයි. බල්ලන්ට හා දේශපාලනඥයන්ට හොඳ ගතිගුණ තියෙන බවක් පේනවා.

  2. ඇත්ත says:

    සුද්දා දුනනොත් ගන්නවා ඉඹලා ම
    වස ටික වුණත් කනවා රස කර කර ම
    අනේ මගේ රට සුද්දට පිදුවා ම
    හැමදා බැලයන් වේවි අපි එහි හැම දා ම.

Main News