නිදහස් දින මුල්ගල් තබන බව කී ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ අතුරුදහන්… වෙබ් අඩවියත් අඩාලයි..

February 6, 2017 at 1:20 pm | lanka C news | ලංකා සී නිවුස්
නිදහස් දින මුල්ගල් තබන බව කී ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ අතුරුදහන්… වෙබ් අඩවියත් අඩාලයි..

අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තබන බවට අදාළ සමාගම පසුගිය කාලය පුරාවටම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගියේය. කෙසේ වෙතත් කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම ව්‍යාපෘතිය මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අල් අමාන් සමූහය සම්බන්ධ කිරීමට කළ උත්සාහයක දී අදාළ සමාගමේ දුරකතන අංක ද ක්‍රියා විරහිත වී ඇති බව තහවුරු විය.

කොළඹ 02 ඉදිකරනු ලබන බවට සඳහන් වූ මෙම දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණය මහල් 117 කින් යුක්ත වන බවත් එය ඉදි වූ පසුව දකුණු ආසියාවේ උසින් වැඩිම ගොඩනැගිල්ල වනු ඇති බවත් අදාළ සමාගම සිය පූර්ව ප්‍රචාරණයේ දී සඳහන් කොට තිබිණි. මීටර 625 ක උසකින් යුතු මෙම ගොඩනැගිල්ල කුළුණු දෙකකින් සමන්විත වන අතර එය ලෝකයේ 09 වැනියට උසම ගොඩනැගිල්ල වනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වී තිබිණි. එහෙත් මෙකී පරිශ්‍රය ඉදිවන භූමිභාගය පිළිබඳ නිශ්චිත සඳහනක් කොතැනකවත් දකින්නට ලැබුණේ නැත.

මෙකී ව්‍යාපෘතියේ නිල වෙබ්අඩවියට අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ අල් අමාන් සමූහය විසින් බවට ප්‍රකාශ කර තිබිණි. බැලූ බැල්මට මෙය මැදපෙරදිග සමාගම් ලෙස පෙනුන ද අල් අමාන් සමූහයේ නිල වෙබ් අඩවියට අනුව එය 2001 වසරේ දී ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද ජාත්‍යන්තර වෙළෙඳ සමාගමකි. එහි අනු ශාඛාවක් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කර ඇත.

වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතියට අමතරව තවත් දැවැන්ත ව්‍යාපෘති දෙකකට, අල් අමාන් සමූහය අත ගසා ඇති බවත් ඒවා නම් උතුරු කොළඹ වෙරළබඩ තීරයට යාබදව ඉදිවන Aman 101 – Royal Empire සහ යාපනය අර්ධද්වීපයේ මණ්ඩතිවු දූපතේ ඉදිකිරීමට යෝජිත Aman Royal Island ව්‍යාපෘතීන් බවත් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් නිල වෙබ් අඩවියේ සඳහන් වී තිබිණි.

අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් නිල ෆේස්බුක් පිටුව ද මේ වන විට ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම අත්හිටුවා ඇත.

– biz.adaderana.lk

20,533 Viewers

4 Comments to “නිදහස් දින මුල්ගල් තබන බව කී ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ අතුරුදහන්… වෙබ් අඩවියත් අඩාලයි..”

  1. බන්ඩයියා says:

    කුලියපිටියෙ වොක්ස්වැගන් හැදුව වගේ තවත් ‘යහපාලන’ මගඩියක්. US$ බිලියන ගනනකට එයාර් ලංකා විකුනන්න ෂොට් ලිස්ට් කොරල තියෙන්නෙත් ඔය වගේම තුට්ටු දෙකේ කොම්පැනියකට තමය්.

  2. sunimal says:

    අරාබියෙන් එන මේවගේ ප්‍රොජෙක්ට් ගැන පරිස්සම් වෙන්න සිදුවනවා .මේකට අනිවාර්යෙන්ම විල්පත්තු කැලෑ
    හොරු සම්බන්ධ ඇති .සමහර විට මේ වියාපෘති මේ රටේ වහාබි මුලධර්මය ප්‍රචාරය කරන මද්යස්ථාන වෙන්න පුළුවන් .චිනාට දුන්නා වගේ නෙවෙයි අරාබීන්ට දෙන එක රටවැසියන් අරාබිකාරයන්ට රාජ්‍ය දේපල හෝ වියාපෘති පැවරීමට විරුද්දව නැගීසිටියයුතුයි .
    අරාබියේ මෙල්ච්චයන්ට මේ රටේ වියාපෘති කිරීමට ඉඩදීමට සියලුම දෙනා විරුද්දවෙමු .

  3. daham says:

    ane aththatama me aanduwata nam deviyange haal kavilama thamayi. kiyanne monawada kranne monawada kiyala vichaarayak naha. boru pacha kelinne dive kate gavilaa nemeyi. habayi niyameta karanne horakam vitharayi. mahindalata nam eva igenagannawath bari tharam.

Main News