නිදහස් සැමරුම් උළෙලක් යාපනයේ..

February 5, 2018 at 2:04 am | lanka C news
නිදහස් සැමරුම් උළෙලක් යාපනයේ..

70 වන නිදහස් සැමරුම් උළෙලක් යාපනය දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිද හමුදා පොලිසිය සහභගිත්වයෙන් පැවැත්විණ.

ප්‍රදේශයේ පාසල් වල දරු දැරියන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් වූ 70 වෙනි නිදහස් දින උළෙල කාගේත් සිත් ඇදගන සුළු විය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා…

ශ්‍රී ලංකා ධරණිය තලයේ මුළු මහත් ඉතිහාසයම පත අට එකට සිඳගත් ආර්තිකය වන්නේ නිදහස පිළිබද කරන ලද අරගලයි.2500 ක වසර කාලය තුලම වරින් වර චෝල පර්ල පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි විදෙශිකින්ගේ අක්ක්‍රමනයන්ට එරෙහිව මේ රටේ ගෙන ගිය සටන ඉතිහාසය වෙන අන් කවරක් වත් ඉතිහාසය යැයි සටන්කරන්න දෙයක් ඇත්තේ නැ.

ඒ නිසා මේ නිදහස් දිනයේ ඒ නිදහස වෙනුවෙන් දිවිපිදු විරයින්ව ගෞරවයෙන් සිහිපත් කරන අතරම ඔවුන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය වන්නේ නැවත වතාවක් මේ රට විදේශීය ආක්‍රමනයකට හෝ රට බෙදා වෙන් කිරීමට හෝ තිබෙන ඉඩකඩ සම්පුර්ණයෙන්ම අවහිර කර දමා එක්සත් ලංකාවක් ගොඩ නැගීමයි..

ජාති කුල මල බේදවලින් තොර එක මවකගේ දරු පිරිසක් ලෙස සියලු දෙනාම ඒකරාශී ව සිටීම තමයි ඔවුන්ගේ ජිවිත පරිත්‍යාග වලට කල හැකි ඉහලම කෘතවෙදිත්වය හා ගෞරවය ලෙස මම සලකන්නේ.

වර්තමන් රජය යටතේ යහපාලනයත් ඒ වගේම සංහිඳියාවත් දේශපාලන නියාය පත්‍රයේ මුලිකත්වයට ගෙන තෙබෙනවා. එයින් අදහස් කරන්නේ රටේ සමගිය සමාදානය සහජිවනය රජකවිමයි.

මේ නිදහස් දිනයේ සහජීවනය වගේම රටේ සංවර්ධනයකුත් අපි ඉදිරි ගමනේදී බලාපොරොත්තු වෙනවා..ඒ සියලු දේවල් සාක්ෂාත් කරගැනීමට හැකිවේවායි  ප්‍රර්ථනා කරනවා .

මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් ලේකම් N.වේදනායගම් මහතා,ආණ්ඩුකාර ලේකම්

L.ඉලංගෝවන් මහතා ඇතුළු රජයේ නිලධාරීන් ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් හා යාපනය ප්‍රදේශයේ ජනතාව ද සහභාගිව සිටියහ.

– ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

2,274 Viewers

One Comment to “නිදහස් සැමරුම් උළෙලක් යාපනයේ..”

  1. sky says:

    සිරිසේන උතුරේ සංහිදියාව කියමින් ඊළමට පාර කපනවා ..ඔහුගේ වචනවලින් පවසනවා නම් වසර 30 කොටි නිදහස සැමරුමයි මේ
    ..කළු කොටි නිදහස් කරමින් ,අපේ රණවිරුවන් සිරගෙට පෝරකේට යවනවා ..ජාතික ගිය දෙමළෙන් ගැයුවේ නිකම්ද ?
    අපේ රටේ ජනතාවට රට ජාතිය බේරාගත් රණවිරුවන් අමතක වීම ඉතාම කනගාටු දායකයි …
    සිහලුනේ අවදිවෙව්

Main News