නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්…

July 31, 2018 at 12:40 pm | lanka C news
නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්.

බෙහෙත් නොමැතිව  රෝගීන් රෝහල්වල සුසුම් හෙලද්දී ශී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා තමන් විසින්ම තමන්ට උපහාර උළෙලක් පවත්වා ගැනීම හාස්‍ය ජනකය. මීට පෙර ‌‌ෙඖෂධ වර්ග 48 මිල අඩු කලා යැයි උදම් ඇනීමට මිලියන ගණනක් වියදම් කොට පෝස්ටර් ගැසූ අප සෞඛ්‍ය ඇමතිවරයා තමන්ට උපහාර වශයෙන් තමන්ම උපහාර උළෙලක් සංවිධානය කර ගන්නේද මේ රටේ ජනතාවගේ බදු මුදලින් වීම ජුගුස්සාජනකය. නෙලුම් පොකුණ වැනි මිල අධික ස්ථානයක මෙවැනි උපහාර උළෙලක් පැවැත්වීම තුළින්ම සෞඛ්‍ය ඇමතිවරයාගේ මානසිකත්වය කෙසේද? යන්න තේරැම් ගන්නා ලෙස අප මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ඉතිහාසයේ කවරදාකටවත් වඩා අද වන විට නිදහස් සෞඛ්‍ය සේවාව පිරිහී ඇත. ජාතික අක්ෂිරෝහලේ කාච හිගයෙන් රෝගීන් පීඩා විදී.  රෝහල්වල වෛද්‍යවරැ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් භාහිර ඔසුසල් වලින් මිලදී ගැනීමට තුන්ඩු ලබා දෙයි. රැධිර පරීක්ෂණ සදහා රෝගීන් විශාල පිරිසක් පුද්ගලික රස‌ායනාගාර වල පෝලිම්වලය. පිළිකා එන්නත් මිලදී ගැනීමේ ටෙන්ඩරයේ පාඩුව මිලියන සිය ගණනකි. සෞඛ්‍ය ඇමතිවරයා තමන්ටම තමන් විසින් උපහාර උළෙලක් සංවිධානය කර ගනී. මෙවැනි මානසික රෝගීන්ට අනුකම්පා කිරීම හැර වෙන කල හැකි කිසිදෙයක් නොමැතිය ජනතාව අසරණවී සිටී.

‘’සුවපති අභිශේකය’’ ලෙස නම් කරමින් ‘’හුස්ම ගන්නා මිනිසුන්ගේ කතාව’’ යන්නෙන් නම් කර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්   2018/07/31 දින කොළඔ නෙලුම් පොකුණ රගහළේදී සවස 2 ට තමන් වෙනුවෙන් තමන් විසින්ම පවත්වා ගනු ලබන උපහාර උළෙලට සහභාගීවන පිරිසගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ එදිනම සවස 5 කොළඔ ජාතික රෝහලටද පැමිණ මෙරට  ‘’හුස්ම ඉල්ලා සිටින මිනිසුන්ගේ කතාව’’ සියසින් දැක බලා ගැනීම සදහාද පැමිණෙන ලෙසය.

සෞඛ්‍ය ඇමතිතුමනි,මිනිසුන් වෙනුවෙන් අවංකව වැඩ කරන්න එවිට එම මිනිසුන් ඔබට උපහාර කරනු ඇත.එය සැබෑ උපහාරයයි! එවිට ඔබට කුලියට මිනිසුන් ගෙන උපහාර උළෙලවල් පැවැත්වීමට සිදුනොවනු ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

8,189 Viewers

7 Comments to “නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්…”

  1. tora says:

    ubalama niwedana dagena, ubalama news uth danawa 😀

  2. බදු හද බද්ද says:

    මිනිසාගෙ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය
    රාජිතගෙ පරම යුතුකම පවුලටම සේවය කිරීමය
    මොහු හද බද්ධය මහජන බදු බද්දෙන් පණ දීමය
    මොන බද්ධයත් ගැහෙනවිට හද බද්ධය හිරවීමය

  3. SMA Panadura says:

    He accused Rajapkses that lot of public funds were wasted. Now he himself is doing the same. Must be suffering from inferiority complex. People should reject this fellow at the next general election.

  4. Kadiya says:

    “මදුරුවාට මරණ දඬුවම” ලෙස රටපුරා බෝඩ් ගසා මදුරුවන් බයකර ඩෙංගු උවදුරෙන් රට බේරාගත් සෞව්ඛය ඇමතිතුමා වැනි මහා වීර පුරුෂයකු හට උපහාර උළෙලක් පැවැත්වීම ඉතාම වැදගත්. මෙම මහා වීරයා දෙවන වන්නේ වේලුපිල්ලේ ප්‍රබාකරන් මහා මරුවාට පමණි.

  5. කානු අධිපති says:

    සිඟිති ආතල්

  6. Gadol says:

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත පසුගිය රජයේ ධීවර ඇමති ධුරය දරන කාලයේදී අමාත්‍ය බලතල උපයෝගී කරගෙන ගැඹුරු මුහුදේ මසුන් අල්ලා තිබීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කළේය.

    එම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙම පැමිණිල්ල සිදුකර ඇත.

    2014 වසරේදී පමණක් ඇමති බලතල උපයෝගී කරගෙන රුපියල් ලක්ෂ 20,000 ක මසුන් අල්ලා තිබෙන බවත්, සමාගම් පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී සමාගමක් පිහිටුවා තිබෙන බවටත් පැමිණිලි කළ බව සමරවීර මහතා ප්‍රකාශ කළේ

  7. Eththata Hitha says:

    ඛෙහෙත් නොමරා ලමයි මරපු එකල පතල සෞඛ්‍ය ඇමතියා හිටං
    රට නොමරා මිනිසුන් දැනට මරන ජනපතියා හිටං

Main News