නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඞ්වඞ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..

February 2, 2018 at 10:17 pm | lanka C news
නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඞ්වඞ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘හැත්තෑ වන නිදහස් දිනය සැමරීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීමට එළිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු දිනයේ ලංකාවට පැමිණියා.  අපිට මතකයි මීට අවුරුදු 20කට පෙර රැජිනගේ වැඩිමහල් පුතු ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමාරයා 50 වන නිදහස් සමරු උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණා.  එතුමාට ආරාධනා කලේ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව.  ඒ පිළිබඳ එදා එජාපය ප්‍රබල විවේචනයක් එල්ල කළා.  1998 පෙබරවාරි 06 දින හැන්සාඩ් වාර්තාවේ 176 පිටුවේ එවකට එජාප පතාක යෝධයෙකු වන විජමු ලොකු බණ්ඩාර මැතිතුමා කළ කතාවෙන් මම කොටසක් උපුටා දක්වන්නම්.

චන්ද්‍රිකා මැතිණිය ඉංග්‍රිසි භාෂාවෙන් ජාතිය ඇමතීම ගැන එතුමන් ලොකු විවේචනයක් එල්ල කලා. එතුමිය ජාතිය අමතනවා කියා ඇමතුවේ චාල්ස් කුමාරයා විතරයි කියලා එතුමන්  ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම ගැන දැඩි ප්‍රහාරයක් එල්ල කලා. එම කතාවේ වැඩි දුරටත් මෙසේ සදහන් වෙනවා. “මේ විධියට ඉංග්‍රිසියට උඩ ගෙඩි දෙන්නට ජාතික හැඟීම් මරන්නට චාල්ස් කුමාරයා හැර වෙන කවුද හොඳ ගෙන්වන්න?  ඇයි මේ චාල්ස් කුමාරයා ගෙන්වන්නේ කියා කලින් අපට ප්‍රශ්නයක් තිබුණා.  චාල්ස් කුමාරයා හැර වෙන කවුරු ගෙන් වන්න ද?“

එදා චාල්ස් කුමාරයා ගෙන්වීම ගැන ප්‍රභල විවේචනයක් ඉදිරිපත් කල එක්සත් ජාතික පක්ෂය චාල්ස්ගේ මල්ලි එඩ්වඩ් කුමාරයාව 70 වන නිදහස් දිනයේ ප්‍රධාන අමුත්තා කර තිබෙනවා.  එදා එජාපය ගත් ස්ථාවරයට අපි එකඟයි.  නිදහස සමරන්න ගෙන්වා ගැනීමට නරකම පිරිස තමයි එංගලන්තේ රජ පවුලේ සාමාජිකයින්.  ඒ අය තමයි අපේ නිදහස උදුරා ගත්තේ.  නිදහස උදුරා ගත් කෙනාගේ ප්‍රධානත්වයෙන් නිදහස සැමරීම මොන විහිළුවක් ද?  ඒක හරියට රෝහණ විජේවිර ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන්වනවා වගේ වැඩක්.  තවත් සරල කරලා කිව්වොත් තාත්තාගේ තුන් මාසයේ පින්කමට තාත්තා මැරූ කෙනා ගෙන්වනවා වගේ වැඩක්.

නිදහස් උළෙල කියන්නේ රට ගැන ආඩම්බරයක් ඇති කරන නිදහස උදෙසා දිවි පිදූ කැප්පෙටිපොළ වීර පුරන් අප්පු වැනි විරුවන්ගේ මග යන්නට ජනතාව තුල අධිෂ්ඨානය ඇති කරන දේශප්‍රේමය උද්දීපනය කරන උත්සවයක්.  එහෙව් උත්සවයකට අපේ යටත් විජිත ස්වාමියා ගෙන්වීමෙන් අපි පෙන්වන්නේ අපේ හීන දීන යටත් විජිත මානසිකත්වය නොවේද?  විජමු ලොකු බණ්ඩාර වැනි දේශප්‍රේමින් අද එජාපයේ නොසිටීමේ අඩුව තමයි මේ පෙනෙන්නේ.

නිදහස උත්සවයට පිටරැටියෙකු ඕනෑ නම් ජාතියට මග පෙන්විය හැකි නූතන මැලේසියාව ගොඩ නැගූ  අපටත් ආදර්ශයක් ගත හැකි ආචාර්ය මහතීර් මොහොමඩ් මැතිතුමන්ව ගෙන්වන්න තිබුණා.  සුද්දෙකුම  ඕනෑ නම් දේශප්‍රේමයේ සහ ස්වාධීනත්වයේ ලෝක සංකේතය වන රැසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැතිතුමන්ව ගෙන්වන්න තිබුණා.  අපි ඉංග්‍රිසි කුමාරයෙක් ගේනවා කියන්නේ කුමක්ද?  අපි වැරදිලා  මීට වසර 70 කට කලින් නිදහස භාර ගත්තත් තවමත් අපි සිතින් තවමත් ඔබේ යටත් වහල් ජාතියක්ය  කියන පණිවිඩය  තමයි අපි ඉංග්‍රීසීන්ට ප්‍රකාශකරන්නේ’

– අරවින්ද අතුකෝරල

22,840 Viewers

26 Comments to “නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඞ්වඞ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..”

  1. Silva says:

    මැයි 19 වැනිදාට, කොටි ඩයස්පෝර නෂ්ටාවශේෂ හා වයිකෝ කොළඹට ගෙනල්ලා උන්ව මූලාසනේ තියලා උන්ට සැලියුට් ගහල තමයි අපි අපේ කොල්ලන්ගේ ඇස්, ඉස්, කටු, ලේ, මස්, නහර පුලා දිනාගත්ත යුද ජයග්‍රහණ දිනේ සමරන්නේ….!!!

    දැනගනින් සංහිදියාව කියන්නේ මොනවාද කියලා…!!

    • BALU TIBBOTTA says:

      Where is SAKKILI TIBBITTA…………………

    • Kamal says:

      අපේ උතුම් මාතෘභූමියේ ආයෝජනය කරන්න එන පර සුද්දන්ට නියම පාඩම් ඉගැන්වූයේ ගම්මන්පිල මැතිඳු විසිනි.

      • Gunaruwan says:

        Meeta kalin pawulath ekka paththirippuwata goda wune Premadasa lokka, janadhipathi wela jathiya amathanna. Habayi ratatayi minihatayi mha naspaththi kalayak thamayi in passe uda wune. Balamu api yaha palakyonta mokada wenne kiyala.

  2. ජානක says:

    ඔය ටික ඔබගේ ගුරාට දුවලා ගිහින් කියන්න.

  3. මගේ රට says:

    මේ නිදහස් දවසේ කළු කොඩි දාලා මුන්ට විරෝධය පල කරමු.

    • OLU says:

      කණගාටුව පත්තිරුප්පුවට මොවුන් නැගීමට ඉඩදී ගෞරවනීය මල්වතු අස්ගිරි නායක සංඝයාවහන්සේලා නිහඩව සිටීමයි …
      .ආණ්ඩුවේ පාලකයන්.අපේ බෞද්ධයන්ගේ අති පුජනිය ස්ථානය මෙසේ පිට රැටියන්ට .පත්තිරිප්පුවට පය තැබීමට ඉඩදීම අපි හෙළා දකිමු ..පත්තිරිප්පුවට කිසිවකු ගොඩනොවේ …
      එය දළදාසමිදුට කරන අගෞරවයකි ..අපි එය හෙළා දකිමු ..දියවඩන නිලමේ මෙයට වගකිව යුතුයි
      මෙය නිදහස සැමරිමක්ද ? කොළණි පාලනය සැමරිමක්ද ? ලැජ්ජයි ජඩපාලනය ලැජ්ජයි

  4. Madushanka says:

    If this is wrong then how about celebrating independence inviting Prince Charles at MR time?

    • Silva CC says:

      චාර්ල්ස් කුමාරයා 1998 දී ලංකාවට ගෙනාවේ 50 වැනි නිදහස සමරන්න චෞර රැජින විසින්. මහින්ද විසින්චා ල්ස් කුමාරයා ගෙනාවේ 2014දි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට.

  5. Muthumini says:

    Mahathwaruni mahinda Charles genawamath me widihatama kiwwa nam mahinda thamath janapathi

    • CAT says:

      තව ටික දවසකින් දළදාමලිගාවත් ඇන්ගලිකන් පල්ලියක් කරයි බලාගෙන …

    • Mahasona says:

      සිරිසේන එඩ්වඩ් කුමරුගේ ග්වුස් නැති අත ඇල්ලුවද ?
      මොහු ආවේ ඇමරිකාවේ බකිම්හැම් මාලිගාවේ සිට රත්තරන් අශ්වයාගේ පිටේ ද ?
      අපේ රටේ මොන නිදහසක් ද සමරන්න තියෙන්නේ ? පාලකයා පබයෙක්නේ

  6. Saradiel says:

    Jada palanaya go to hell ..Sirisena resign and go home ..traitor ….

  7. Vasana says:

    සිංහලයෙනි දැන්වත් ඇස් ඇර පල්ලා ..වසර 30 මෙලෙච්චේද ත්‍රස්තවාදීන් පරදා රට බේරාගත් විරෝධාර රණවිරුවෙක් ‘හැත්තෑ වන නිදහස් දිනය සැමරීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහබාගි කරවාගන්න තිබුනා නේද ? එළිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු අපේ රටට කල සේවය කුමක්ද ? නිදහස සමරන්න ගෙන්වා ගැනීමට නරකම පිරිස තමයි එංගලන්තේ රජ පවුලේ සාමාජිකයින්. ඒ අය තමයි අපේ නිදහස උදුරා ගත්තේ. නිදහස උදුරා ගත් කෙනාගේ ප්‍රධානත්වයෙන් නිදහස සැමරීම මොන විහිළුවක් ද?ඔහුගේ රජපවුලේ අය අපේ රටේ කොළණි සාදා අපේ රට විනාශකිරිමට ස්තුති කිරීමටද මේ ගෙන්නුවේ ? මේ යහපාලන කලුසුද්දෝ මොකද්ද මේ නටන නාඩගම ? මේ රට තවමත් යටත් වහල් ජාතියක්ය කියන පණිවිඩය ලොවට පෙන්වීමටද ?
    සිංහල බෞද් ධයකුටවත්…ගෞරවනීය සංඝයාවහන්සේ නමක්වත් දළදාමලිගාවේ පත්තිරුප්පුවට ගොඩවී නැත එයට අවසර නොදේ ..එසේ නම් අන්‍යආගමිකයකු වූ එඩ්වඩ් කුමරුට එයට ගොඩවීමට අවසර දුන්නේ මන්ද ? දියවඩන නිලමේ වහාම ඉවත්කළ යුතුයි ….
    අද ලංකාවේ රජකරන්නේ කලුසුද්දන්ගේ වහල් ආණ්ඩුවයි මේ ආණ්ඩුව වහාම නෙරපා දැමිය යුතුයි

    • chithrananda says:

      අපි තාමත් ඉන්නේ ගෝත්‍රික,බොරු දේශමාමකයක් මවාගත්ත තැනක.ඇමෙරිකාව ජපානෙට බෝම්බ දාලා තවමත් ජපානය එකේ ප්‍රතිපල විඳිනවා.ඒ කියලා රටවල් දෙක පරණ තරහ තියාගෙන වැඩ කරනවද?නැහැ,දෙගොල්ලෝ එකතු වෙලා වෙළඳ ගිවිසුම් ගහගෙන,ආයෝජන කරගෙන ඉදිරියට යනවා.අපි බොරු ජාත්‍යාලයක් මවා ගෙන එක තැන පලවෙනවා.සතියක් තෙල් නැවක් ආවේ නැත්නම් රටම නැවතිලා.සතියක්‌ පොහොර නැවක් ආවේ නැතිනම් වගාව නතරවෙලා.පාවිච්චි කරන්නේ පිටරැටියෝ නිර්මාණය කරපු පරිඝනක,ස්මාර්ට් පොන්,ෆේස්බුක්,වාහන.එහෙනම් අපි ඒවා අතහැරලා දාන්න ඕන නේද?බොරු එපා.අපි තවදුරටත් දුපත් මානසිකත්වයකින් හිතන එක නතර කරමු.

      • saman says:

        correct. lets sale all valuable proprieties to Europe and come to developed mentality.

      • JOY says:

        @ chithrananda

        ඔබ පත්තර බලන්නේ නැද්ද ? ජපානේ ජනතාව ඇමරිකාවට විරුද්ධව කොතරම් පෙළපාලි යනවද ? ජපානේ තිබෙන ආණ්ඩුව ඇමරිකාවට පන්දම් ඇල්ලුවට රටේ ජනතාව ඇමරිකාවට අකමැතියි ..නොදන්නා දේවල් ලියමින් රටේ සිංහලයන්ට අවමන් නොකර හිටු ..ඔබ සුලුජාතිකයෙක් විය යුතුයි

  8. daminda says:

    maharajenagae atha simbeemata apa lokaya dina atha…………..

  9. KMR says:

    මේ උත්තමයා පරසුද්දොත් එක්ක මේ හැටි අමනාප නිසා වෙන්ටැති එකෙකුට මිලියන 20 කටම ඇරියේ…….පුරං අප්පු නෙවෙයි, මේ වගේ පුත්තු දහයක් ලක්මෑණි වැදුව නං ඩොනල්ඩ් ට්‍රම්ප් ටත් ඇරලයි පස්ස බලන්නෙ…..

  10. Kings says:

    මටනම් අපේ රටේ ඡන්දදායකයන්ගෙන් අහන්න තියෙන්නෙ එක ප්‍රශ්නයයි. මේ වගේ වහල් මානසිකත්වයෙන් පෙලෙන පරගැති නායකයො තව දුරටත් අපි තියා ගන්නවද කියන එකයි. මුන්ට බූ වලු වලින් ගහල එලවන්න ඕනි.

    • ගිරවා says:

      සිරිසේන ඇතුළු යමපාලන සැමට මඩු වලිගෙන් තලා එළවා දැමිය යුතුයි ….බ්‍රා එකක් විසිකලාට මඩුවලිගෙන් තලන්න ඕනේ කියා ජාතිය ඇමතු සිරිසේන මේ කරන මෝඩ වැඩවලට මඩු වලිග එකක් මදි නේද තලන්න…hik …hik…

  11. vishnu says:

    para සුද්ද්දන්ට දෙකට නැවෙන මේ වගේ අමන ජාතියක් ලෝකේ වෙන කොහෙවත්
    තියෙනවද, යකෝ මේකට සුදුසු එකම ප්‍රධාන ආරධිතය වෙන කව්රුත්
    නෙවයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා

  12. M de silva says:

    Can’t you all remember how R.Premadasa got on to Pattirippuwa to address the nation with his wife and children . After that what happened. The whole country was in fear etc etc.

  13. vijty says:

    නිදහස යලි හිමිවී වසර 70 යි.

  14. sri says:

    ආණ්ඩුවේ පාලකයන්.අපේ බෞද්ධයන්ගේ අති පුජනිය ස්ථානය මෙසේ පිට රැටියන්ට .පත්තිරිප්පුවට පය තැබීමට ඉඩදීම අපි හෙළා දකිමු

Main News