නිධානයක් ගන්න ගිය 6 දෙනෙකු අත්අඩංගුවට කාන්තාවකුත් ඒ අතර…

September 3, 2018 at 6:48 pm | lanka C news
නිධානයක් ගන්න ගිය 6 දෙනෙකු අත්අඩංගුවට කාන්තාවකුත් ඒ අතර…

වව්නියාව,  ඕමන්ත,  පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින්  ඊයේ (02) දින  අත්අඩංගුවට ගත් බව වව්නියාව ඕමන්ත පොලීසිය පැවසීය.

ඕමන්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී අදාළ පිරිස ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර, අත්අඩංගුවට පත්වූවන් අතර නිධන් ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කොට අදුන බැලීම සිදුකළ පුද්ගලයෙකුද තවත් කාන්තාවක්ද සිටින බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූවේ සැකකරුවන් සතුව තිබි ගල් විදින යන්ත්‍රයක්, අලවංගු, උදලු, ගල් විදීම සඳහා යොදාගත් වෙඩි බෙහෙත්, පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් හමුව ඇති බවටයි.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් වව්නියාව ඕමන්ත හා කනගරායන්කුලම ප්‍රදේශයන්ගේ පදිංචි පුද්ගලයින් වන අතර සැකකරුවන් වයස අවුරුදු 22 ත් 28 ත් අතර පසුවන පිරිසක් වන බවටයි.

අත්අඩංගුවට ගත් පිරිස වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (03) දින ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,272 Viewers

One Comment to “නිධානයක් ගන්න ගිය 6 දෙනෙකු අත්අඩංගුවට කාන්තාවකුත් ඒ අතර…”

  1. supun says:

    oya nidhaanaya haarana thena USA NAM SIKURITI. MITI NAM . KAMKARU .hitiye nedda.?

Main News