නිමල් සිරිපාලගේ-රාජිතගේ රෙදි ගැලවෙයි.. මත්තල ගැන බොරු කියූ බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී එරට ගුවන් සේවා ඇමති කියයි..

July 28, 2018 at 3:28 am | lanka C news
නිමල් සිරිපාලගේ-රාජිතගේ රෙදි ගැලවෙයි.. මත්තල ගැන බොරු කියූ බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී එරට ගුවන් සේවා ඇමති කියයි..

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් අයිතිය මිලදීගැනීම සඳහා ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය හමුවට මෙතෙක් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැති බව ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරියක් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සිවිල් ගුවන් සේවා රජ්‍ය අමාත්‍යවරයා මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණි.

මත්තල ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු ඉන්දීය රජය යටතට පවරාගන්නේ දැයි පාලක භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූනම් මහජන් මහත්මිය ලෝක් සභාවේදී (27) ප්‍රශ්න කර තිබේ.

ඊට පිළිතුරු වශයෙන් එරට සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සින්හා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය හමුවට මෙතෙක් එවන් යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි.

එසේම මත්තල ගුවන්තොටුපොළ භාවිත කරමින් පියාසර පාසලක් විවෘත කිරීමේ අපේක්ෂාවක් ඇත්දැයි යොමු කෙරුණ ප්‍රශ්නයටද පිළිතුරු දෙමින් සිංහා අමාත්‍යවරයා පවසා ඇත්තේ එවන් අදහසක් නොමැති බවයි.

කෙසේ වෙතත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් ජූලි 19 වැනිදා මෙරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් පවරාදීම සම්බන්ධයෙන් ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

එසේම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ඉකුත් කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට සහ හම්බන්තොට වරාය චීනයට ලබාදීමට අදාළ ගිවිසුම්වලට රජය එළැඹෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එල්ල විය හැකි අභියෝග සමනය කරගැනීමට බවයි.

මේ අතර රජයේ නිල පුවත් වෙබ් අඩවියද මත්තල ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු පවරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව තහවුරු කර සිටියි.

– adaderana

12,996 Viewers

5 Comments to “නිමල් සිරිපාලගේ-රාජිතගේ රෙදි ගැලවෙයි.. මත්තල ගැන බොරු කියූ බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී එරට ගුවන් සේවා ඇමති කියයි..”

  1. Ranjan says:

    Munta pissu. Janadhipathi ekkak kiyanawa anik wun thawath ekkak kiyanawa. These fellows are mad they don`t know what they are doing. When you are mad you cannot run a country. They may say that the Indian Govt. is telling lies. KOHOMADA BALANCE EKA. MUNTA LEJJAWAK BAYAK NEHE.

  2. King says:

    හුටා.. මොකද යකෝ වෙන්නේ. පාර්ලිමේන්තුව මෙහෙම නොමග යවන්න පුලුවනද? මේවා වෙන්නේ ලන්කවෙ විතරයි. ව්ශ්වාස භන්ගයක් ගෙන ආයුතුමයි.

  3. ධනපාල says:

    රාජ්‍ය තාන්ත්‍රික ගැටලු විසදන්න මුන් මත්තල නිකම් දෙයි වගේ

  4. David Milli-banda says:

    Nimal Siripalayage mo’lay dan badata gihilla.

  5. Dp says:

    බොරු හෙඩිo එකක්නෙ.රෙදි ගැලවෙන්න රෙදි තියෙන්න එපැයි.

Main News