නියං ආධාර සමූපාකාර හා සතොස හරහා..

September 1, 2017 at 2:20 am | lanka C news
නියං ආධාර සමූපාකාර හා සතොස හරහා..

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නියං සහනාධාර වැඩසටහන යටතේ නියගයෙන් පීඩාවට පත් වූවන්ට සහනාධාර ලබාදීමට සතොස හා සමූපාකාර හරහා කිසිදු හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මාන්තෙයි ලුනු කර්මාන්ත ශාලාව සඳහා ඉදිකෙරුනු නිවාඩු නිකේතනය විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

නියගයෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ උතුරු පලාතේ ඒ වගේම තමයි ලංකාවේ පලාත් කිහිපයකම ජනතාව නියගය නිසා පීඩාවට පත්වෙලා තියනවා මේ නිසා ජනාධිපති තුමන්ගේ සහ අගමැති තුමන්ගේ උපදෙස් වලට අනුව නියගයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සෑම දිස්ත්‍රීක්කයකම පිහිටා ඇති සමූපාකාර හා සතොස වෙළඳසැල් මගින් සහනාධාර ලබා දීමට පියවර ගන්නවා.

මේ අනුව පවුලේ පස් දෙනෙකුට වැඩිනම් එම පවුල් වෙනුවෙන් මසකට රුපියල් 5000 ක වටිනාකමින් යුත් සහනාධාරද පවුලේ පස්දෙනෙකුට අඩුවෙන් සිටින පවුල් වෙනුවෙන් මසකට රුපියල් 4000 ක වටිනාකමකින් යුත් සහනාධරද ලබා දීමට පියවර අරන් තිබෙනවා.

අදාළ මුදල් වෙනුවට සහනදායි පදනම මත සතොස සහ සමූපාකාර වෙළඳසැල් හරහා අඩු මිළට භාණ්ඩ ලබාදීමට රජය කටයුතු දිවයින පුරා පිහිටි සතොස සහ සමූපාකාර වෙළදසැල් හරහා කිසිදු හිඟයකින් තොරව භාණ්ඩ ලබා ගැනිමට හැකියාව පවතින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

505 Viewers
Main News