නියගය නිසා දුකට පත් කැලේ සතුන්ට බොන්නට දිය පොදක් යුද හමුදාවෙන් දෙයි..

May 10, 2018 at 5:30 pm | lanka C news
නියගය නිසා දුකට පත් කැලේ සතුන්ට බොන්නට දිය පොදක් යුද හමුදාවෙන් දෙයි..

මුලතිව් දිස්ත්‍රීක්කයට පවතින අධික පෑවිල්ල හේතුවෙන් පවතින ජල හිගයෙන් වන සතුන් මුහුණ පා ඇති ජල හිගයට විසඳුමක් වශයෙන් රක්ෂිත කැලෑවලට ජලය සැපයීමේ වැඩසටහනක් මුලතිව් ආරක්ෂඛ සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් ආරම්භ කොට ඇත.

මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 64 වන සේනාංකයේ භට පිරිස් විසින් රක්ෂිතය තුළ ජල රැඳවුම් ස්ථාන හඳුනාගෙන යුද්ධ හමුදා ජල බවුසර් යොදාගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම ජල සැපයීම මගින් වන සතුන්ගේ ජල පිපාසය සංසිදෙන අතරම යුද්ධ හමුදා බවුසර් යොදාගනිමින් පීඩාවට පත් ප්‍රදේශවලට වැසිසමය ආරම්භවන තෙක්ම ජලය සැපයීමටද යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,059 Viewers

4 Comments to “නියගය නිසා දුකට පත් කැලේ සතුන්ට බොන්නට දිය පොදක් යුද හමුදාවෙන් දෙයි..”

  1. මදුශ says:

    ජාති ජාතිත් පින්…

  2. Love nature says:

    සත්ව ගාතනය අප රටින් තුරන් කරමු මුස්ලිම් වරුන්ට හා කතෝලිකයන්ට මස් කන්න ඕනේ නම් පිට රටින් ගෙන්වාගන්න කියමු.

  3. Love nature says:

    බුදුහාමුදුරුවෝ කියන්නේ සියලූ සත්ත්වයන්ට මෛත‍්‍රී කරපු කෙනෙක්. බෞද්ධ සාහිත්‍ය සඳහන් වන විදිහට උන්වහන්සේ ඉපදුණ වෙලාවේත් බුදුවුණ වෙලාවේත් මිනිස්සු සැනසුණා. අපායේ පවා ගිනි දැන් නිවුනා කියලා කියනවා. අපා ගත වූ මිනිස්සු එයින් මිදුනා. බිහිරන්ට කණ් ඇසුණා. ගොළුවන් කතා කළා. කොරුන් ඇවිද්දා. බුදුහාමුදුරුවෝ පහල වීමත් සමඟ සකල ලෝක සත්වයාට සැනසීම උදා වුණා. සෑම බුද්ධ දේශනාවක් තුළම මෛත‍්‍රීය කියන දෙය අන්තර්ගතයි. උන්වහන්සේ කිසිම ප‍්‍රාණියෙකුට හිංසාවක් කරන්න අනුබල දුන්නේ නෑ. බුද්ධ චරිතය තුළත් බුද්ධ දේශනය තුළත් ඇතුළත් වුණේ සියලූ සත්වයන්ට මෛත‍්‍රී කිරීම.

    අපි කොහොමද මෛත‍්‍රී කරන්නේ කියන එක කරණීයමෙත්ත සූත‍්‍රයෙන් තවත් පැහැදිලි කරනවා. ලොකු කුඩා සියලූ සතුන්ටත්, ළඟ සිටින සහ දුරසිටින සතුටන්ටත් සියලූම සත්වයෝ සුවපත් වේවා කියලා ඒ සූත‍්‍රය තුළ කියවෙනවා. ඒ අනුව බෞද්ධ දර්ශනයේ කොතනකවත් සත්ත්ව ඝාතනය, හිංසාව හෝ මංශ අනුභය අනුමත කරන්නේ නෑ.

  4. රොන් says:

    හමුදා සොහොයුරන්ට තවත් මෙවැනි උතුම් පින් කරගන්ට
    මඟ පෑදේවා!

Main News