නියම රත‍්‍රන් ආභරණ හොරකං කර ඉමිටේෂන් බඩු තියලා..- විකටර්ගේ බිරිද හිරේ දැමූ හපන්කම මෙන්න..

January 10, 2018 at 10:40 am | lanka C news
නියම රත‍්‍රන් ආභරණ හොරකං කර ඉමිටේෂන් බඩු තියලා..- විකටර්ගේ බිරිද හිරේ දැමූ හපන්කම මෙන්න..

උකස්‌ කරන ලද රුපියල් දොළොස්‌ ලක්‌ෂ අසූ දහසක්‌ වටිනා රන් ආභරණ තොගයක්‌ වෙනුවට ව්‍යාජ ආභරණ මාරුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය මේ මස 17 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහී විඡේවීර මහතා ඊයේ (09 වැනිදා) තංගල්ල මහේස්‌ත්‍රාත් උසාවියේදී නියෝග කළේය.

හෂිනි රත්නායක මහත්මිය තංගල්ලේ රාජ්‍ය බැංකුවක උකස්‌ අංශයක සේවය කරමින් සිටියදී ඉකුත් 2016 වර්ෂයේදී මෙම රණ්‌ භාණ්‌ඩ තොගය භාරගෙන තිබුණි.

තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම රණ්‌ භාණ්‌ඩ උකස්‌ තැබූ අතර ඊට මාස කීපයකට පසු එම භාණ්‌ඩ බැංකුවෙන් බේරාගෙන ඇත.

රන් භාණ්‌ඩ තොගය බැංකුවෙන් ලබාගෙන ඒවා පරීක්‍ෂා කිරීමේදී ඒවා තමන් විසින් උකස්‌ තැබූ භාණ්‌ඩ නොවන බව හෙළිවී තිබේ.

පසුව මෙම පුද්ගලයන් දෙදෙනා මේ පිළිබඳව තංගල්ල පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

ඒ වන විට හෂිනි රත්නායක මහත්මිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ බැංකුවක සේවය කරමින් සිටියාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට තංගල්ල පොලිසිය වෙත පැමිණෙන ලෙස හෂිනි රත්නායක මහත්මිය වෙත දැනුම්දීමක්‌ කර තිබිණි.

ඒ අනුව රත්නායක මහත්මිය තංගල්ල පොලිසිය වෙත ඊයේ දහවල් පැමිණි අවස්‌ථාවේ ඇය අත්අඩංගුවට ගත් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

හෂිනි රත්නායක මහත්මිය ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායක මහතාගේ දෙවැනි බිරිඳ වෙයි. මාතර නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්‌ෂණය මත තංගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

– Divaina

34,860 Viewers

18 Comments to “නියම රත‍්‍රන් ආභරණ හොරකං කර ඉමිටේෂන් බඩු තියලා..- විකටර්ගේ බිරිද හිරේ දැමූ හපන්කම මෙන්න..”

  1. මල්සරා says:

    මෙි ගෑනි බැංකුවෙ රත්තරන් ඉමිටෙිෂන් නොකර වයස 75 පැනපු වික්ටර්ගෙ රත්තරං ඩිංග අතගගා හිටියනං අහවරයිනේ.ඇයි මෙයා පත්තරේකට කියල තිබුනනෙ වික්ටර් තවම කොල්ලවගේ කියල.

    • ජනක says:

      වික්ටර් :දයිවයෝගයකින් නොවේදෝ
      හමු උනේ අප හමු උනේ
      දයිවයේ සරදම් ලබන්නට
      කීම මෙසේ අප හමු උනේ

      ගෑනි (සිතෙන් )
      දයිවයෝගයකින් නොවේ
      මගේ වාසනාවට හමුවුනේ
      බැංකු කොල්ලයෙන් මිදෙන්නට
      ඔබේ කරේ මම එල්ලුනේ

  2. SWoRD says:

    වෙනත් හෙලි නොවූ කරුණු නැත්නම් මේ නඩුවෙන් ඇය නිදහස් වෙනව​.

    අප බඩු උගස් කරන විට බැංකුවෙන් ඒවා නියම රන් භාන්ඩ කියා බාර ගන්නව​.
    නැවත නිදහස් කර ගන්නවිට ඒ වා අප විසින් නැවත නිසි පරිදි බාරගත්බවට අත්සන් කරනව​.
    ඒවා තමන් ගෙදර අර්න් ගියායින් පසු තව දුරටත් බැංකුවේ හෝ බැංකු නිළධරින්ට ඒවා ට වගකිව නොහැකියි.

    දැන් ඕන හොරෙකුට පුලුවන් බැංකුවෙන් නිදහස් කර ගෙන ගිය ඒවා තමන් ම ඉමිටේශන් කරවල පැමිණිලි කරන්න​. මේ විදියට උගස් අංශයේ කිසිම නිළධාරිණියකට සේවය කිරීමට නොහැකි වෙනව​. කොයි වෙලේ හිරේ ලගින්න වෙයිද දන්නෙ නෑ.
    මැය මෙය කළත් නොකලත් වරද තමන්ම පිලිගන්නේ නැත්නම් නිදහස් කළ යුතුයි.

    • තංගල්ලේ මාළු සැමිසන් says:

      එතකොට මෙි පැමිණිල්ල කරල තියෙන්නෙ 2016, මෙචිචර කල් පොලීසිය මෙික විභාග නොකර යට ගහගෙන හිටියෙ කාගෙ බලපෑමකටද? කියල හොයන්න පොලීසිය වෙනම පරීක්ෂණයක් කරනව කියල ලංකාදීප පත්තරේ වාර්තා කරනවා. පොලීසියට බැංකු මැනේජරැත් පැමිණිළි කරල. වික්ටර්ටත් ජංගිය ඇන්දුව නමි රත්තරං ගල්කරන එක මොකක්ද? මෙිකි පාර්ලිමේන්තුවෙ ඉන්න රත්තරංට නමි ගැලපෙනවා.

    • Deepika says:

      මේකි නිවැරදි nam මෙච්චරකල් හැන්ගිලා ඉන්න ඕනය….

    • aniwa says:

      Aniwa, from the moment you sign the papers, they don’t have a case. Not sure why she is even arrested. Looks like Lelum has paid some crooks to break the couple up.

    • Suba Anagathayak says:

      Thank you SWoRD for your analytical mind!

    • cctv says:

      They had cctv footage to prove that she changed

  3. Kings says:

    අපරාදෙ අර ප්‍රවීන ගායක වික්ටර් රත්නායක මහත්තය කරගත්තු දේ. දැන්නම් මටත් හිතෙනව වික්ටර්ගෙ පුතා කිව්ව වගේ මෙයා වික්ටර් ලඟට ඇවිත් තියෙන්නෙ වික්ටර්ගෙ වත්කම් ටිකට ආශාවන් කියල.

  4. SUNIMAL says:

    වික්ටර් මාරයාගේ දුවට රැවටුනා

  5. indunil says:

    addarayath imitashan nowewa…….

  6. අහෝ දුකකි says:

    තමන්ගේ ගෑනි මලලා වල ගැනියෙක් ගත්ත හිවලා හිරේ දානං ඕනෙ.

  7. pavu neda praveen gaayaka shilpee Victor Ratnayaka////////////////////////

  8. රොන් says:

    වෙලා තියෙන වැඩේ විදිහට වික්ටර් පුලුවන්ද නැවතත්
    තනිවෙන්නට ඔබේ ලොවේ පුරුදු පාලුවෙන්?

  9. මේවෙලාවේදී මටත් සැකයි වික්ටර් උන්නැහෙගේ රත්තරං සෙට් එකත් මාරුකර ඉමිටේෂන් සැට් එකක්වත් සවිකොරලාද කියා????????????

  10. Venura says:

    ලංකාවේ පොලීසියට බැරිවුණේ මොකද මහ බැංකුවේ කෝටි ගණනක
    බැඳුම්කර වංචාවට දුවලා ගිහිං මහේන්ද්‍රන් ව අත්අඩංගුවට ගන්න?
    ඒ පොර තවම යසට එළියේ අන්න ඉන්නවා.

    • ජනක says:

      ඇයි අරු මහා එකා ,රවියා ,අර්ජුන් මහේන්ද්‍රන් උන් ඔක්කොම එළියේ
      මේ ගෑනි laksha දහයක බඩු හොරකම් කරලා ඇතුලේ

  11. අමිල says:

    දැන් රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක කරලා දාල මේ ගැන හිතමු. කතා කරමු.
    අපි ඉතින්සිං හල මිනිස්සු නේ..

Main News