නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර, අකලංක රතු අලිපැටි නායකයා ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ කාටදැයි හෙලිවෙයි..

August 17, 2017 at 12:00 pm | lanka C news
නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර, අකලංක රතු අලිපැටි නායකයා ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ කාටදැයි හෙලිවෙයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

බැඳුම්කර කොමිසම ඉදිරියේ කරුණු අනාවරණය වෙලා සතියක් පමණ ගිය පසුවයි ඒකාබද්ධ විපක්‍ෂයේ අපි විශ්වාසභංගයක් භාර දුන්නේ. අපි විශ්වාසභංගය කථානායකවරයාට භාර දුන්නාම අර ජවිපෙ නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර, අකලංක රතු අලිපැටියා කියනවා, ‘ඒකාබද්ධ විපක්‍ෂයේ හොරු දාන ඒවාට අපි නැහැ’ කියලා. ඒ දවස් හතේ මේ නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර කට්ටිය බම්බු ගැහුවාද රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් භාර නොදී? ඇයි රනිල් හාමු එපා කීවාද? මලික් සහෝදරයා එපා කීවාද? අද මලික් සමරවික්‍රම ඉන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ වගෙයි පෙනෙන්නේ. එතැන වෙන සියලුම දේවල් එයා දන්නවාලු. මූල්‍ය ඩීල්වලට විතරක් නොවෙයි මේ වගේ දේශපාලන ඩීල්වලටත් හොඳට ගෙවනවා. බැඳුම්කරය කියන්නේ මූල්‍ය ඩීල් එකක්. දේශපාලන ඩීල්වලදී ජවිපෙ කියනවා ‘අපි බෝලෙ දාන්නම් හොඳට බැට් කරන්න’ කියලා. රනිල් හාමු එක්ක කතා කරලා මේ අය එවන ‘පන්දු’ තියෙනවා. ඒවාටත් හොඳට ගෙවනවා. ඒ ඩීල් අහුවුණු දාට මේ රතු අලි පැටවුන්ගේ ඉතිරි වෙලා තියෙන අමුඩෙත් ගැලවෙනවා. ඒක වළක්වන්න බැහැ. මේ හොර රැළ බලයට ගෙන ඒමට දර දිය ඇදපු හැමෝම මේ පාපකර්මයේ වගඋත්තරකරුවෝයි.

2015 ජනවාරි 08 වැනිදා ජවිපෙ නායකයා ඡන්දය දුන්නේ කාටද? හංසයාටද? බුලත් කොළයටද? සීනුව නැහැනේ. සීනුව මිසින්. ඔය අයියලා ඔක්කොම කතිරය ගැහුවේ හංසයාට. දැන් හරියට දන්නේ නැහැ වගේ කතා කරනවා. එදා මහින්ද රාජපක්‍ෂව එළවන්නම ඕනෙ කියපු මේ අය හංසයා දිනවන්නම ඕනෙනේ. ඉතිං හංසයාට කතිරය නොගහම බැහැනේ. දැන් මේ අයියලාට මාත්‍රා ගණනට ආණ්ඩුව විවේචනය කරලා කරපු පාපකර්මයෙන් ගැලවෙන්න බැහැ.

මේ ආණ්ඩුව එක පැත්තකින් තක්කඩි ආණ්ඩුවක්. තවත් පැත්තකින් දේශද්‍රෝහී ආණ්ඩුවක්. විදේශීය න්‍යාය පත්‍රයකට මේ රට ගැටගහන්න හදන ආණ්ඩුවක්. මෙහෙම ආණ්ඩුවකට වැඩිකල් හුස්ම ගන්න ඉඩ තියන්න හොඳ නැහැ. ජනාධිපතිතුමාට කියන්න බැහැ ‘බැඳුම්කර හොරකම ගැන මම දන්නෙත් නැහැ. දැක්කෙත් නැහැ’ කියා. මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට මතක නැහැ. මම දන්නේ නැහැ, ‘චම්පික රණවක මේ අයව අංගොඩ රෝහලට අරන් ගිහිල්ලා කරන්ට් අල්ලනවාද?’ කියා. එහෙම නොකළා නම් මෙහෙම අමතක වෙන්න විදියක් නැහැනේ

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

23,341 Viewers

14 Comments to “නිර්මල, පිවිතුරු, පරම පවිත්‍ර, අකලංක රතු අලිපැටි නායකයා ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ කාටදැයි හෙලිවෙයි..”

  1. Boga says:

    Handun Neththi kiyanne JVP nemeda?

    • Kariya says:

      U umbage bappane.

    • රබන්කිකිඳ says:

      බැඳුම්කරේ හොඋර් රටට එලිකලේ ජවිපෙ හඳුන්නෙත්ති. ඒවා උවමනාවෙන්ම අමතක කරන මේ අහල පහල කොල්ලන්ගෙන් ගෑණි බේරගන්න බැරි පුස් කොට්ටෝරුවා පශ්චාත්භාගෙ ඉරාගෙන බුරනවා. පාස්පොර්ට් දෙක අහුවෙච්චි වෙලාවෙ, ගේ ඇතුලෙ කොල්ලෙක් මැරුණු වෙලාවේ තමන්ව බේරගත්තේ රනිල් හාමු කියලා හංගන්න.

      රබන්කිකිඳ

      • Samantha Gangoda says:

        ඔහේට වැරදිලා මිස්ට සෙක්ස්ටස්, බැඳුම්කර හොරකම මුලින්ම හෙළි කළේ ඩිව් ගුණසේකර මහත්මයා. එවෙලෙ තමයි හොර අගමැට්ටව බේර ගන්න රූකඩ ජනාධිපතියා ආණ්ඩුව විසිරෙව්වෙ.
        හැබෑට තෝ වගේ බූරුවෙක් . . . මෝඩ මූසලයෙක් නොදකිං හාල්පාරුවා

  2. Toyyia says:

    මෙයා වගේ අය නිසා තමයි වැස්සක් වැටුනොත් වැටෙන්නේ.

    නැත්තන් කටුකර නියගයක්.

  3. kalawana says:

    nIYAMA TOLK 1

  4. Ashen says:

    Me ratu ali hora thakkadi thamai pahugiya anduwa peralanda wediyama kegahuwe me niwatayo hithenawa athi me rate minissu merila ipadila kiyala chandayak awoth munta apth ne

  5. buruputha says:

    Wimal sahodaraya haritatama hair. Anurata amathaka vela eyath prabakaran vage thrathavadiyek kiyala 1990 gananvala. Oya anura kiyana parayata mamath chande deela ravatila inne. Ayanam oya JVP gas ballanta api chande denne ne ea vagema chande denna Inna evunta denna denneth ne.

  6. රාහුල කොලුවා says:

    හංසයට රතු අලි පැටව් චන්දය දුන්න හින්දා තමයි දැන් වැඩිපුරම කැ ගහන්නේ.. මොකද තමන්ගේ හිත දන්නවනේ තමනුත් මළ මිනියට කර ගැහුවා කියලා…

  7. W.Milton says:

    The day JVP was founded basic policies are in favor of UNP politics.
    The JVP ever-never left political party like LSSP. Both parties were betray vital interest of People.
    Lapa Anura also same ?

Main News