නිල්වලා බෝම්බයෙන් ආණ්ඩුව පුපුරන්න යයි.. රාජපක්‍ෂලාට චෝදනා නැති නම් විමර්ශන නවතන්න යයි..

December 7, 2016 at 4:05 am | lanka C news | ලංකා සී නිවුස්
නිල්වලා බෝම්බයෙන් ආණ්ඩුව පුපුරන්න යයි.. රාජපක්‍ෂලාට චෝදනා නැති නම් විමර්ශන නවතන්න යයි..

නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගියදා ගාල්ලේ දි කල ප්‍රකාශය අනුව සිදු වී ඇති බව කියන රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදල් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් FCID ආරම්භ කර තිබූ විමර්ශන අත්හිටුවීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මෙතෙක් භාරව සිටි අමාත්‍යවරුන් ගෙන් කට උත්තර ගැනීම පසුගියදා FCID ආරම්භ කොට තිබුනි. එසේම මුදල් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගේ සාක්ෂි මේ වෙනවිටත් සටහන් කරගෙන ඇත.

මේ තත්වය මත සම්මුති රජය පවත්වාගෙන යන ශ්‍රීලනිප ඇමතිවරුන් අපහසුවට පත්වී කලකිරුණහොත් ඉදිරියට රජය පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිවේයැයි ඉහළ පෙලේ සාකච්චාවක්ද සිදුව ඇති අතර ඒ අනුව අදාළ අංශ දැනුවත් කොට ඇත්තේ ගිය රජයේ පාලකයින්ට නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා ගොනු කල නොහැකි නම් පරීක්‍ෂණ හදිසි නොවන බවයි.

ප්‍රශ්නගත වකවානුවේදී එනම් 2015 ජනවාරි 8න් පසු නව රජයේ වාරිමාර්ග අමාත්‍යවරයා දුමින්ද දිසානායකය, වර්තමානයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසාය, කෝටි 420 ක් මුදල් ලබා ගන්නා අවස්ථාවේ අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

36,089 Viewers

4 Comments to “නිල්වලා බෝම්බයෙන් ආණ්ඩුව පුපුරන්න යයි.. රාජපක්‍ෂලාට චෝදනා නැති නම් විමර්ශන නවතන්න යයි..”

  1. පොදු says:

    ඕකට තමා යහපාලනය කියන්නේ. ආණ්ඩුවේ නම් ඇමතිකම් සුර සැප සමඟ ගෙදර. පොදු විපක්ෂයේ නම් නඩු දූෂණ චෝදනා සමඟ හිරගෙදර.

  2. රාජ්‍ය සේවක says:

    එම පරීක්ෂණවලට අනුව ඕනම අවස්ථාවක මෙයට සම්බන්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට බන්ධනාගාර ගත කිරීමට හැකිය.
    නිල්වලා ගග ව්‍යාපතියේ වෙනුවෙන් ගිය රජයේ අන්තිම සතියේදී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදලක් මුදාල හැර තිබුනද එයින් අඩුම තරමේ මේ දක්වා පස් පිඩල්ලක්වත් කපා නැති බවත් මෙතරම් විශාල මුදලක්ට සිදු වූ දෙය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කල යුතු බවත් පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගාල්ල නගර ශාලවේදි කියා සිටියේය.
    2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය. දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.

  3. සමයන් says:

    ආණ්ඩුවේ නම් කහ බත් …………… නැත්නම් කාපල්ලා හිරබත්. සම්මුති ආණ්ඩුවේ යහපාලන නියයාය.

  4. ll says:

    oya salli MR kantenarayaka dagena giya kiyala iye pereda MY3 ta othowak labila .ekayi oya pariksana kadinam karanna kiyala odoborala thibbe.

Main News