නිල්වලා ෆයිල් ඇදේ.. ලේකම්ට වරෙන්තු නිකුත් කෙරේ.. ප‍්‍රබල ඇමතිවරයෙක් අත්අඩංගුවට..?

February 13, 2018 at 10:40 am | lanka C news
නිල්වලා ෆයිල් ඇදේ.. ලේකම්ට වරෙන්තු නිකුත් කෙරේ.. ප‍්‍රබල ඇමතිවරයෙක් අත්අඩංගුවට..?

පසුගිය රජය සමයේදී ආරම්භ කරන ගග නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කල රුපියල් කෝටි 400ක මුදලක් අවභාවිත කලේ යයි එවකට වාරිමාර්ග හා ජල කලමණාකාර අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි කේ.ඩබ්. අයිවන්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර ඇති නඩුවකට අදාලවයි.

මෙහි ඊලග පියවර ලෙස චෝදනාව එල්ල වන ඇමතිවරයෙකුද අත්අඩංගුවට ගැනීමට වැඩි ඉඩක් ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම අමාත්‍යංශයේ එකල සිට මේ දක්වා ඇමතිවරුන් ලෙස කටයුතු කරන ලද්දේ නිමල් සිරිපාලද සිල්වා, විජිත් විජිතමුණි සොයිසා, දුමින්ද දිසානායක යන ශ‍්‍රීලනිප ඇමතිවරුන්ය.

35,974 Viewers

3 Comments to “නිල්වලා ෆයිල් ඇදේ.. ලේකම්ට වරෙන්තු නිකුත් කෙරේ.. ප‍්‍රබල ඇමතිවරයෙක් අත්අඩංගුවට..?”

  1. ගාමිණී says:

    රාජ්‍ය සේවකයෝ බිල්ලට දීල මුන් බේරෙයි

  2. බබා උක්කුන් says:

    පව්. කොටාට කූරු ගනින්න වෙනවා. බිලියනයේ තැන්පතුව හදාගන්න බැරි වෙනවා.
    දැන් ටිකක් මේසෙ වටේ දුවල ජම්පරේ අදින්න ලෑස්ති වෙලා හිටපන්.
    “කරන කලට පව් මිහිරිය මී සේ……………..

  3. Senerat says:

    මේ අයිවන් කාරයා අහිංසක නිලධාරියෙක් නොවෙයි. රට කාපු ඉංජිනේරු වරයෙක්.

Main News