ඇන්ටනාව සවි කරන්න ගිය තාත්තටයි පුතාටයි විදුලිසැර වැදී මිය යයි…

May 24, 2018 at 8:02 am | lanka C news
ඇන්ටනාව සවි කරන්න ගිය තාත්තටයි පුතාටයි විදුලිසැර වැදී මිය යයි…

යාපනය වඩමාරච්චි කරනවායි ප්‍රදේශයේදී නිවසක ඇන්ටනා වයරයක් සවි කිරීමට ගිය පිය පුතු දෙපලට විදුලි සැර වැදීමේන් (23) මිය ගොස් ඇති බවට නෙල්ලියඩි පොලීසිය කියා සිටියේය.

කරණාවායි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසක පියා සහ පුතා විසින් පවතින අයහපත් කාලගුනය හේතුවෙන් ඇන්ටනාව වෙනස් කොට වයරය සවි කිරීමට යාමේදී නිවසේ ඇද තිබූ විදුලි රැහැනක පලුදු වූ ස්ථානයකින් පළමුව පුතාට විදුලිසැර වැදී ඇති අතර පසුව පියා විසින් පුතාව බේරීමට යාමේදී පියාටද විදුලි සැර වැදී ඇති අතර විදුලි සැර වැදීමෙන් පියා සහ පුතා නිවස තුලම මිය ගොස් සිටි බවට පරික්ෂන සිදු කල නෙල්ලියඩි පොලීසිය කියා සිටියේය.

මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ කරණවායි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පියා වූ ජෙගනාන්දන් හා 29 හැවිරිදි පුතා වූ සංජීවන් නැමති අය වන අතර මිය ගිය අයගේ දේහයන් පේදුරුතුඩුව මන්දගායි රෝහල වෙතට රැගෙන ගොස් ඇති බවට නෙල්ලියඩි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,737 Viewers

2 Comments to “ඇන්ටනාව සවි කරන්න ගිය තාත්තටයි පුතාටයි විදුලිසැර වැදී මිය යයි…”

  1. ExUNPer says:

    apparently there had been no circuit breaker !
    This shows why CEB should inspect ( while taking meter reading) circuit breakers to ensure the safety of Consumers.

    • mp says:

      CEB does not have to take responsibility of internal wiring of a house. it is the responsibility of the house owner. but town or urban council can impose regulations of house wiring

Main News