නිව්යෝක් ටයිම්ස් මහින්දට එරෙහි ලිපිය ලිවුවේ 2015 ඩෙිලි නිවුස් ලිපියක් කොපි කරලා.. NYT රෙද්ද ලිහේ..

July 5, 2018 at 4:40 pm | lanka C news
නිව්යෝක් ටයිම්ස් මහින්දට එරෙහි ලිපිය ලිවුවේ 2015 ඩෙිලි නිවුස් ලිපියක් කොපි කරලා.. NYT රෙද්ද ලිහේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ගැන නිව්යෝක් ටයිම්ස් නිවේදනය

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඉකුත් ජුනි 25 වනදා හම්බන්තොට වරාය චීනයට නතුවීම සම්බන්ධයෙන් පලකොට තිබූ ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ඉරිදා මාධ්‍ය නිවේදනයක් මාර්ගයෙන් ප්‍රතිචාර දැක්වූ පසු, තම විමර්ශනය සිදුකිරීමට උදවු දුන් ශ්‍රී ලාංකික මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තර්ජනය කළ බව කියමින් තවත් ලිපියක් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පලකොට ඇත. චයිනා හාබර් සමාගම රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ 2015 ඡන්ද ව්‍යාපාරයට විශාල මුදලක් ලබාදුන් බවත්, එයටී-ෂර්ට්  හා ඡන්ද දායකයන්ට බෙදන නොයෙක් තෑගි බෝග මිලදී ගැනීමට වියදම් කළ බවට වූ චෝදනාව මුලින්ම පල වූයේ මීට අවුරුදු තුනකට පෙර 2015 ජුලි 22 ආණ්ඩුවට අයත් ඩේලි නිවුස් පුවත්පතේය. මේ චෝදනා නැවතත් පුනරුච්චාරණය කරමින් මෙම වසරේ ජුනි 25 වෙනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපිය සැකසීමට රජයට අයත් සන්ඩේ ඔබ්සර්ව පුවත්පතේ ප්‍රධාන කතෘ සහභාගී වූ බව පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කිරීම,තර්ජනය කිරීමක් නොව සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීමට මේ රටේ ජනතාව අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණක් පැහැදිලි කර දීමක් පමණි.

පසුගිය සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට යැවු පිලිතුරු ලිපිය ඔවුන් පලකොට නැත. ඔවුන් අපට පිළිතුරු දීමේ අයිතිය හැටියට ලබාදී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පසුගිය ඉරිදා කල පැහැදිලි කිරීමට ‘ලින්ක් එකක්’ පමණක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ සම්බන්ධ නවතම ලිපියේ පෙනෙන නොපෙනන ආකාරයට පල කිරීම පමණි. අපට මෙයින් පැහැදිලි වන කාරණය වන්නේ, ඇමරිකාවේ ඔබාමා-ක්ලින්ටන් ලිබරල් කඳවුරට මතවාදී වශයෙන් බැඳී සිටින හා ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයාටවත් සාධාරණයක් ඉටු නොකරන පුවත්පතකින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. පසුගිය අඟහරුවාදා පලවූ දෙවෙනි ලිපියෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා ඇති එක් කාරණයක් වන්නේ, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කරන ලද සියලුම ශක්‍යතා අධ්‍යයන නිශේධනාත්මක වූ බවට ඔවුන්ට තොරතුරු ලැබුණේ 2010 මගේ ආණ්ඩුව විසින් පලකරන ලද ප්‍රවෘත්ති නිවේදනයකින් බවයි. අද කාලයේ අන්තර්ජාලයෙන් මතුවන ලියවිල්ලක් මත කිසිවෙකුවත් වෙනත් අයෙකුට  චෝදනා නොකල යුතුය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත රාජපක්‍ෂ ආණ්ඩුවේ හිටපු මහ බැංකු අධිපතිවරයා සමඟ සම්මුක සාකච්ඡාවක් කර තිබුණු අතර, ඒ අවස්ථාවේදී ඔහුගෙන් විමසුවේ  නම් කැනඩාවේ එස්.එන්.සී. ලවලින් හා ඩෙන්මාර්කයේ රැම්බෝල් යන සමාගම් දෙක විසින් කරන ලද ශක්‍යතා වාර්තා ගැන තොරතුරු ඔවුන්ට ලබාගැනීමට හැකියාව තිබුණි.

2015 ජනාධිපතිවරණයට චයිනා හාබර් සමාගම විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දීම සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස සියලුම චීන සමාගම්වල වැඩ තහනම් කරනු ලැබුවේ ඔවුන්ගේ ඉංජිනේරු සුදුසුකම් හෝ ව්‍යාපෘති අත්දැකීම් ගැන සොයා බැලීමට නොවන බවයි. වත්මන් ආණ්ඩුව විමර්ශනය කලේ මේ චීන සමාගම් රාජපක්‍ෂ ආණ්ඩුවේ සාමාජිකයන් සමඟ කුමක් හෝ අයතා මූල්‍යම  සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේද යන්න පමණි. චයිනා හාබර් සමාගම ඒ විමර්ශනයෙන් නිදහස් කොට වත්මන් ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුලු ඔවුන් කරමින් සිටි සියලුම ව්‍යාපෘති ඔවුන්ට ආපසු ලබාදෙන ලදී. වත්මන් ආණ්ඩුවට හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා ඔවුන්ට එම වරාය චීනයට බදු දීමට සිදු වූ බවනිව්යෝක් ටයිම්ස් පුවත්පත ඔවුන්ගේ දෙවෙනි ලිපියෙන්ද නැවත වතාවක් පවසා ඇත. ලංකාව කිසිදු චීන ණය උගුලක  පැටලී නොසිටි බවට රාජපක්‍ෂ මැතිතුමා කළ සවිස්තරාත්මක පැහැදිලි කිරීම ඔවුන් පිලිගෙන ඇති බවක් පෙනෙන්නට නැත. නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ තරම් උවමනාවෙන් මේ අදහසේම එල්බගෙන සිටීමට හේතුව ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2016 දීකළ අනාවරණයට අනුව ඔබාමා පාලනය විසින් ඩොලර් මිලියන සිය ගණනක් වැය කොට බලයට ගෙන එනු ලැබූ ආණ්ඩුව විසින්ම චීනයට මේ වරාය ලබා දීම නිසා බටහිර ලෝකයේ මුලු ලිබරල් කඳවුරටම සිදුවූ මහත් ලැජ්ජාවත් අවමානයත් වසාගැනීමට විය හැකිය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

23,831 Viewers

32 Comments to “නිව්යෝක් ටයිම්ස් මහින්දට එරෙහි ලිපිය ලිවුවේ 2015 ඩෙිලි නිවුස් ලිපියක් කොපි කරලා.. NYT රෙද්ද ලිහේ..”

  1. Wahab says:

    Mangala and Gobbles are ruining the reputation of NYT by fabricating stories and they also made China an enemy it is serious to blame country like China without facts if not China we are just old Surrutu shop with very low gdp and with poor infrastructure

  2. Devaka Jayasuriya says:

    නිවේදන වැඩක් නෑ නඩු දාල වන්දි අරගෙන පෙන්වන්න. ලී කුආන් යු අමරිකන් පත්තරේකට කලා වගේ

    • අනතෝල් ප්‍රාන්ස් says:

      ඔයා අායෙත් ලිබරල් කඳවුරට පැන්නද මිත්‍ර ද්‍රෝහියා ????
      ඔයා‍ගේ එතික්ස් අපට නම් හොඳින් මතකයි

      • Devaka Jayasuriya says:

        March 24, 2010 New York Times pays damages to Singapore’s leaders

        Reuters Staff

        SINGAPORE (Reuters) – The New York Times Co apologized to Singapore Prime Minister Lee Hsien Loong and former prime minister Lee Kuan Yew on Wednesday and paid S$160,000 ($114,000) in damages for an article about Asian political dynasties.

    • Darshana says:

      Umba genita bayayi nedha?

      • Dharshana says:

        අනේ දෙය්යො වත්ත වටේට මාද්ය නිවේදන කර කර ඉන් නැතුව නඩුවක් දාල රෙද්ද ගලවලාම දාමුකො. ඩොලර් බිලියන ගානක වන්දීයක් ගත්තම ආර සීටීබී එකටයි, අයි.ටී එන් එකටයි තියපු මිලියන ගනන් වල පොලු ටික බෙරලා. සිල් රෙදි කේස් එකටයි ජීඅයි බට කේස් එකටයි වියදම් කරපු ගානත් ගෙවල ඊලග චන්දෙත් ගොඩ දාන්න පුලුවන්නේ මයේ දෙය්යො. පොඩි එකාගේ කිරිපිටි පැකට් එකට ගහන බදු සල්ලි වලින්නේ දෙය්යො ඔය චන්දෙට වියදම් කරල තියෙන්නේ.

        • Dilshan says:

          ඩොලර් වලින් කුලිය ලබන කුලී ලියන්නෝ හෝ ගාලා වැඩ .ලංකාවේ මිනිසුන්ට බෝලාගේ ඇමෙරිකාවට වගේ චීන භීතියක් නෑ .බෝලාගේ බටහිර රටවල් බංකොලොත් උනාට චිනේ පලි නෑ .මහින්දට සහ චීනෙට මඩ ගහන්න එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාන්න හිතුවට මේකෙන් වෙන්නේ උඹලගේ ඇමෙරිකාව ලංකාවේ දේශපාලනයට බොහොම ලජ්ජා නැති විදියට මැදිහත් වෙන බව මෙච්චර කල් එක විශ්වාස කලේ නැති මෝඩයන්ටත් පැහැදිලි වෙන එකයි .මේ මහා විශාල ඇමෙරිකාව මහා බලවත් කියල කියන ඇමෙරිකාව ( බංකොලොත් වලවූ වගේ තමයි ) මේ පුංචි රට ගැන පුදුම කරදරයක් වෙන්නේ මොකද බන් ?උඹලගේ ඇමෙරිකාව චීනෙට බයයි නේද ?උඹලා මේ රටට කරන හිරිහැර වලට හිලවුවට මේ රටේ මිනිස්ස්සු තවත් චීනෙට ලංවෙනවා .වෙන්නේ එච්චරයි .මහින්ද නිවැරදි බව රටේ මිනිස්සු දැන් දන්නවා ඇමෙරිකාව හැංගි හැංගි නටපු නාඩගම දැන් එලිවෙලා .ලිබියාවට කල දේ අපිටත් කළා කියල ජනතාවට වැටහිලා

          • බබා says:

            අර සුනාමි ආධාර හොරා කෑව වගේ චීන ණයමුදලිනුත් හොරා කෑවෙ නැත්තම් මේ හැටි දිගට පර්සි ම⁣හේන්ද්‍ර සුදනා කරන්න ලියන්න ඕන වෙන්නෙ නෑනෙ නේද?

          • ආකිමිඩිස් සිරිපාල says:

            උබ වගේ ගොන් බයියෝ විතරක් මහින්ද හොරාකාපුවා ගෙවනනවම් කමක් නැ. අපිටත් ගෙවන්න වෙනවනෙ ඒකනෙ ප්‍රශ්ණෙ.

        • KP says:

          නිකමට හිතමු NYT ලිපිය ඇත්ත කියලා. ඒක එහෙම නම් චීන සල්ලි යෙදවිලා තියෙන්නේ ආයෙමත් අපේ රටේම මිනිස්සුන්ට ටී ෂර්ට්, සාරි අරං දෙන්නනේ අයියා.
          දර්ශන අයියා කඩේ යන සෙට් එක මහ බැංකුවට වැඩේ දීලා හම්බ කරපු සල්ලි කාට ද ගියෙ අයියා? මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි නේද අයියා?

          • බබා says:

            නිකමට මල්ලි අහන්නෙ, මොකද්ද ඔයාගෙ ඉස්කෝලෙ? ඉස්කොලෙ ගියාද මල්ලි ඔයා.මොකද මාර තියරියක් මල්ලි ඔයාලට තියෙන්නෙ.රටක් පරම්පරා ගානක් පිටරටකට ණය කරල ව්‍යාපෘතිවලට කියල ණය අරන් ඒව එක හොරෙකුගෙ ජන්දෙට වියදම් කරල ඒක මහජනතාවට ගෙවන්න වෙන එක සාරි ටී ෂර්ට් ගත්තෙ මිනිස්සු නිසා කමක් නෑ කියන්නෙ.හැබැයි එතනත් අවුලක්, මේ මුදලෙන් රටටම සාරි ටීෂර්ට් දෙන්න පුලුවන් ලැබුනෙ කීපදෙනාටයි.ඒකෙනුත් පර්සි මහේන්ද්‍ර හොරාකාලා!

    • NAK says:

      What s the hurry my friend be patient it is like money in the bank!

  3. Saman says:

    Oka athi ban dan. .

  4. ny says:

    අනේ පව්! කරපු වැඩ එලිවෙද්දි ඒවා වහගන්න දගලන දැගලිල්ලක්

  5. Lapaya says:

    Gaththama mokda widesha winimayane. Ape maha bankuwe hora gaththe apema salline.

    • බබා says:

      අනේ ගොං බයියො, මෙතන විදේශවිනිමය කතාවක් නෑ.ලංකාවට චීනය දීපු ණය මුදලෙන් කොටසක් පර්සි ම⁣හේන්ද්‍ර හොරාකාලා. තේරුම්ගන්න තරම් මොළයක් තියෙනවනම් තේරුම්ගනින්. මේකා උගේ ගොඩ වැඩිකරගන්න හොරාකාපුවා බයියො විතරක් ගෙවනවනම් අපිට කමක්නෑ.රටේ සමස්ථ ජනගහනය හා ඉදිරියට උපදින පරම්පරා ගානකුත් මේ කාලකණ්ණින් හොරාකාපුවා චීනෙට ගෙවන්න ඕන.

      • NAK says:

        Ko thopi horu alluwada? hamadama hora hora kiwwata kauda dan hora. maha bankuwa kadapu agamati neda hora?

        • බබා says:

          පව් බන් උඹලා, බයියයි උගෙ නෑදෑ බුරුත්තයි හොරාකනවා. තොපි උන් සුද්දකරන්න දඟලනවා.කොච්චර දැඟලුවත් හොරා හොරාමනෙ බන්. නැත්තම් අර අසරණ මිනිස්සුන්ට ආපු සුනාමි ආධාර හොරාකයිද?

  6. Gayantha says:

    Nadu danna naittan samahara harak hithanne oka horakamak kiyala.

    • බබා says:

      තොපි වගේ සමහර හරකුන්ට නොතේරුනාට රටට දීපු ණය මුදලින් කොටසක් එකෙක් උගෙ ජන්ද වැඩට යොදාගැනීම හොරකමක් තමයි. මේක චීන රජයෙ පරිත්‍යාගයක් නෙවෙයි.අපේ රටට දීපු ව්‍යාපෘතිවල ණය මුදල ඇතුලෙ තියෙන ණය මුදලෙම කොටසක්.අනික් අයට හරකා කියන පොල් බූරුවො, ඒක තේරුම් ගනින්

  7. දේශාභිමානී දේශ හිතෛශියා says:

    Ny නමින් ඉන්න නරියෝ…යහපාලන නඩය කරපුවා බැංකු කොල්ල කාපුවා වහගන්න දගලන දැගලිල්ල ඔයාට පේන්නෙ නැද්ද..එවානෙ නියම උලා කෑම්, මංකොල්ල කෑම්, හොරකම්…හොර තක්කඩි නෙ බන් යහපාලන නඩේ…

    • බබා says:

      හරිම කණගාටුයි පර්සි මහේන්ද්‍රට වෙච්ච වැඩේට.දැන් නිකං කොහොල්ලැ බබා වගේ. විවිධ කරුණු කියන්න කියන්න හොරාකෑව බව ඔප්පු වෙනවා.
      ඇයි පර්සි හොරාකාපු එකට නාමල් ලියුම් යවන්නෙ? ලංකාවෙදි මූ පර්සියාගෙ පුතා නිසා ගනන්ගත්තට පිටරටදි එහෙම නෑ.පර්සි තමුන්ගෙ නමින් උත්තරයක් යැවුවනම් පලවෙයි.ඇයි මේ බයි ගැලරියට දීපු දීර්ඝ කේප්ප උත්තරේ පරිවර්තනයක් යවන්නැත්තෙ. අනික මේ ප්‍රවෘත්තිය මුලින් පලවෙච්චි ලංකාවෙ පත්තරේට නඩු පවරන්න තිබ්බනෙ. ඒත් නෑනෙ.මේ හැම දෙයකින්ම ඔප්පුවෙන්නෙ පර්සි මහේන්ද්‍ර හොරාකාපු බව.වටේ ඉන්න ඔක්කොමත් පට්ට හොරුනෙ.

      • NAK says:

        If cases were to be filed for all the blatant lies that were spread during 2015 we will need a whole set of new courts!!
        Now that the people’s court has given their ruling regarding the so called thefts your yapping now has no meaning.

        • බබා says:

          එහෙමම කියන්න එපා බන්. දැන් පරණ කේස් එකක් උනත් පර්සියා මෙතන නෑවනෙ ගමක. උඹලා උනත් ඌව හෝදන හේදිල්ලෙන් ඒක පේනවනෙ.

    • බබා says:

      එතකොට පර්සියයි උගෙ පවුලෙ එවුනුයි, වටේ ඉන්න හොර හැතිකරෙයි සුද්දවන්තයො වගේනෙ කියෙව්වෙ, අපෙ හාමුදුරුවනේ කිය කියා. උන් කරපු මේ හොරකම් මැකිල යනවද මේ ආණ්ඩුවේ වැරදි කිව්වහම.යකෝ මොකා කලත් වැරැද්ද වැරැද්දමයි. පර්සියා හොරාකෑවාම ඒක හරි ගිහින් වෙන එකෙක් හොරාකෑවාම විතරක් ඒක වැරදි වෙන්නෙ නෑ. ඒක තේරුම්ගනින්.

      • අජිත් බණ්ඩාර තෙන්නකෝන් says:

        බබා තොපි වගේ සමහර හරකුන්ට නොතේරුනාට මේ ආණ්ඩුවෙන් අපිට ගහන සියලු බදුවලින් කරන්නේ එක එකා ගසා කන එකයි ඇමතිලට UNP මන්ත්‍රිලට කෝටි ගණන් වටිනා වාහන විතරයි. රටට කරපු එකදෙයක් කියපන් බලන්න. තොපි LOLO ට කරන්න පුළුවන් තවත් එකෙකුගේ ලිංගය උරන එක විතරයි. ඒකට තොපිට සල්ලි හම්බවෙනවනේ.
        එහෙම නොවෙයිනම් තොගේ අම්මාද මේ ලිපිය 2015 දී ලිව්වේ.
        චයිනා හාබර් සමාගම රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ 2015 ඡන්ද ව්‍යාපාරයට විශාල මුදලක් ලබාදුන් බවත්, එයටී-ෂර්ට් හා ඡන්ද දායකයන්ට බෙදන නොයෙක් තෑගි බෝග මිලදී ගැනීමට වියදම් කළ බවට වූ චෝදනාව මුලින්ම පල වූයේ මීට අවුරුදු තුනකට පෙර 2015 ජුලි 22 ආණ්ඩුවට අයත් ඩේලි නිවුස් පුවත්පතේය. මේ චෝදනා නැවතත් පුනරුච්චාරණය කරමින් මෙම වසරේ ජුනි 25 වෙනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපිය සැකසීමට රජයට අයත් සන්ඩේ ඔබ්සර්ව පුවත්පතේ ප්‍රධාන කතෘ සහභාගී වූ බව පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කිරීම,තර්ජනය කිරීමක් නොව සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීමට මේ රටේ ජනතාව අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණක් පැහැදිලි කර දීමක් පමණි

  8. Raawana says:

    hari..Hareee.. kopi karala hari wibhaage paasne.

    • බබා says:

      “යන්නෙ කොහෙද මල්ලෙ පොල්” කොපිකරල විභාග පාස් වෙන එක හරිද? එතකොට සහතිකේ තිබුණට දැනුමක් තියෙද? තොපි වගේ බයියගෙ වහල් පොල්බූරුවන්ට ඉතින් ඒ පවුලෙ එකෙක් ඇවිත් තොගෙ මෑණියන් එක්ක සැතපුනත් ආඩම්බරයක් නෙ නේද?

      • I.O.Sirisena says:

        Baba , tho nam mongalayge gal kollek wiywuthui nathnam mechchara kahinne naa. Kokatath puka bera gainin oya panapana thena widihata gange, moode nana barivei.

  9. Raawanaa says:

    Babaa kiyanne gon booruwek. yako mama keewe, Daily News eka, kopi karala hari horaa kaapuwa heli karapu eka honda wedak kiyala.

Leave a Comment

Main News