නිවාස කිහිපයක බිත්ති එක් වරම පුපුරා කඩා වැටෙයි..

June 23, 2018 at 2:06 am | lanka C news
නිවාස කිහිපයක බිත්ති එක් වරම  පුපුරා කඩා වැටෙයි..

ලූල්කදුර අපර් ගෝනාව ප්‍රදේශයේ  පිහිටි වතු කම්කරු නිවාස පේලියක තිබූ නිවාස කිහිපයක බිත්ති එක් වරම  පුපුරා කඩා වැටී ඇති අතර වහලවල් ද කැඩී ගොස් ඇත.

මෙම වතු නිවාස පේලියේ නිවාස විසි හතරක පවුල් විසි අටක් පමණ ජීවත් වන අතර සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

අද උදෑසන හත හමාරට පමණ නිවාසවල බිත්ති එක්වරම කැඩී වැටී ඇති අතර ඒවන විට නිවාස තුල කිසිවෙකුත් සිට නොමැත.

අනතුරට පත් නිවාස වල පදිංචිකරුවන්  හට වත්තේ බලධාරීන් විසින් වෙනත් ස්ථානයක පහසුකම්  සලසා ඇත.

මෙම ප්‍ර දේශය නාය යෑමේ අවදානමක් තිබෙන බවට දෙදහස් දහසය වසරේදි ප්‍රකාශයට පත්කොට තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කල බවත් මේ  පිලිබඳව පරීක්ෂණ සිදුකරන බවත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වරයා පැවසීය

– අසේල වික්‍රමආරච්චි

1,693 Viewers
Main News