නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත‍්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..

October 23, 2017 at 10:36 pm | lanka C news
නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත‍්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..

බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී රන්දීර් රොද‍්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල අාසන්නයේදී වන අතර යෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලීසිය එම ස්ථාවයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප‍්‍රදේශය තුල නිශ්ශංකමල්ල රජ කාලයේ විශාල නිධානයක් ඇතැයි ප‍්‍රදේශයේ බොහෝ දෙනා කියති.

සිදුවීම මාධ්‍යවලට යාම වැළැක්වීම සදහා ප‍්‍රබල උත්සාහයක් ගෙන ඇතත් වෙඩි වැදුනු පුද්ගලයා මිය යාම නිසා එම උත්සාහය සාර්ථක වී නැත.

අත්අඩංගුවට ගෙන ඇති බස්නාහර පළාත් සභා මන්ත‍්‍රී රන්වීර් රොද‍්‍රිගු මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකුද වෙයි.

– අන්තර්ජාල වාර්තා ඇසුරිනි

43,203 Viewers

9 Comments to “නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත‍්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..”

  1. ජෝන්-වල්-ජෝන් says:

    අයියෝ සල්ලි!

    • Jonaa'S Brother says:

      මම ජෝන් අයියට කිව්වා බහුබූත වැඩ කරලා සල්ලි සොයන්න එපා කියලා,,

    • Amda says:

      මුන්ට වස් වදින්නේ නැති හැටි !!!!

  2. Long john says:

    ඇත්තද මේ කථාව​?
    මම දන්නෙ නැහැ
    එයා ඔබතුමාගෙ නෑයෙක්ද​?
    මට මතක නැහැ.
    දැන් වැඩේ ගැස්සෙයිද​?
    එහෙම වෙන්නේ නැහැ.
    ඒ කියන්නෙ ප්‍රශ්ණයක් නැහැ.
    ඒක මට කියන්න බැහැ.
    මේ වැඩ හොඳ නැහැ නේද?
    ඒක මං දන්නෙ නැහැ.
    ලැජ්ජයි නේද​?
    එහෙම එකක් අපිට නැහැ,,,,,,,,,,,

  3. මලබද්ද විපක්ෂය says:

    මෙන්න රණවිරුවන්ගෙන් පලි ගන්නවෝ

  4. S kumara says:

    Idiot
    He could have easily broken a bank like other UNPers.
    Take tuition from RK, AM, PM

  5. Nalika says:

    Onna ohe ona nidanayak kadagaththawe. Rajawaru owa walaluwe Thambingewath demalungewath hadisi mudal awashyathawalata nowe.

  6. silvas says:

    නාවුක හමුදා සෙබලෙක් ? Ranawiruwek Ekek Atha Thiyanne Naaaa .Balagena #$#%^#&%$^$

  7. ජෝන් බාස් says:

    අර කොලොන්නාවෙ තරුනයෙක් පැහැරගෙන ගොස් පහර දුන් කොලොන්නාවෙ මයිලානන්දව
    පැයක් ඇතුලත
    නිදහස් කර තේ පැන් සංග්‍රහයකිනුත් සංග්‍රහකර ගෙදර
    එවූ ආකාරයටම මෙයාටත් සලකමුනේද? 

Main News