නීතිඥ සංගමයේ ඉල්ලිම මත විනිසුරු පත්කලා-ජනාධිපති… කිසිඳු ඉල්ලීමක් කලේ නෑ-ශ්‍රී ලංකා නීතිඥ සංගමය

February 17, 2017 at 3:40 am | lanka C news | ලංකා සී නිවුස්
නීතිඥ සංගමයේ ඉල්ලිම මත විනිසුරු පත්කලා-ජනාධිපති…  කිසිඳු ඉල්ලීමක් කලේ නෑ-ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමක් මෙන්ම එහි නිලධාරින් ජනාධිපතිවරයා මුණගැසී කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මඩකලපුව අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කල රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙත් 2017.02.06 දින ලේකම්,අධිකරණ සේවා සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ (03) කරුණ ලෙස එම සංගමය පෙන්වා දී ඇත්තේ.”ශ්‍රී ලංකා නීතීඥ සංගමය රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට කිසිදු ඉල්ලීමක් ඔබතුමා වෙත හෝ ගරු අග්‍ර විනිශ්චයකාරතුමා වෙත සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා විසින් දැනටමත් තහවුරු කර ඇති බැවින්, මෙම පත්වීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම මත සිදු කළේ යැයි යමෙකු ප්‍රකාශ කරයි නම්, එය අසත්‍ය වීම.” යන්නයි.

තවද එම ලිපියේ 2 කරුණ හැටියට එම සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ (02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීම් කර තිබුනේ නම්, එයින් ගම්‍ය වන්නේ, දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම සිදු කළ බවයි. ඒ අනුව, එවැනි දේශපාලන සම්බන්ධතාවයන් පවතින තැනැත්තෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වීම. යන්නයි.

පෙර පුවත මෙතනින්

12,801 Viewers

10 Comments to “නීතිඥ සංගමයේ ඉල්ලිම මත විනිසුරු පත්කලා-ජනාධිපති… කිසිඳු ඉල්ලීමක් කලේ නෑ-ශ්‍රී ලංකා නීතිඥ සංගමය”

  1. Ajith says:

    මම දැක්කෙත් පත්තරෙන්

  2. Karu Jayasuriya says:

    No integrity for this man. Look like never stand firm on any issue and changing time to time. Not a good behavior as a president of the country.

  3. asaranaya says:

    කව්ද බොරා, පඹයද නැත්නම් ගරු නීති සන්ගමයද?.
    කොහොමටත් අද කියලා හෙට කිව්වේ නැහැ කියන පඹයා තුට්ටුවකට විශ්වාශ කරන්න පුලුවන්ද, කිව්වොත් කියන්නෙ ගල් පැලැන බොරු, මෙකා හොඳයි නිදන් හාරන්න ගෙනියන්න. ගල් පැලෙන බොරු කියවලා ගල් කපලා ගල් පලවන්න.

  4. කන රෙපුවා says:

    කපුව ගේ ඉල්ලීමට අනුව දේවාලෙට දෙවියො පත් කළා කියල නේ ඔය කියන්නේ…..

    සාස්තරේ අහන්න යන මිනිස්සු කපුවට නෙ පඬුරු දෙන්නේ…..

  5. YAMA DUTHA says:

    So, Any wrong thing can do if some rough requested to do so, That is why HOMOSEX RULER also do

  6. පොඩිMAN says:

    පිස්සුද මම එහෙම දෙයක් කිව්වද හිටං.

  7. Boo says:

    සිරිසේන කවදාවත් බොරුවක් කියල නෑ , කවදාවත් රටේ ජනතාව තියා තමන්ගේ පක්ෂේ නායකයාටවත් බොරුවක් කියල නෑ, රවටලා නෑ.

    ඒ නිසා නීතිඥ සංගමය කියන දේ බොරු වෙන්න ඇති.

  8. කයිතං - යාය 4 අරලගංවිල says:

    එකත් එකටම මෙතුමගෙ ඇඹෙණිය 1988 පරණ  පත්තර පිටුවක බත් බැඳල දෙන්න ඇති. මොකද ඒකාලෙ ඔයාකාර සිද්ධියක් වෙලා තිබුන.

  9. Critic says:

    He’s caught red-handed!What a shame on him as a head of the state! He’s lying to his Motherland.

  10. Goba says:

    What about the so called “Judiciary Committee”? Shouldn’t they approve it before the appointment?

    This just shows how ineffective and useless and undemocratic the 17th and 19th Amendments are. Now no elections to, so why need an “Election Committee”? These are all just parasites of public money.

    Further why need provincial councils as well, utter waste of money. No use of 13th Amendment as well.

    MR made a big mistake by not repealing the 13th Amendment though there was a huge support for it by the people. Now it is time for the JO to think seriously about repealing the 13th, 17th and 19th Amendments.

Main News