නීතිපතිට, මැකොට, කතානායකට එරෙහි සරත් එන් සිල්වාගේ නඩුව තවත් බලවත් වෙයි.. තවත් ප‍්‍රබලයින් පස් දෙදෙක් නඩු පවරයි..

October 18, 2017 at 3:50 pm | lanka C news
නීතිපතිට, මැකොට, කතානායකට එරෙහි සරත් එන් සිල්වාගේ නඩුව තවත් බලවත් වෙයි.. තවත් ප‍්‍රබලයින් පස් දෙදෙක් නඩු පවරයි..

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිමෙන් පසුව පසුගිය 9 වෙනිදා කැදවන ලදි.

අවස්ථාවේදි රජය නිතීපතිවරයා වෙනුවෙන් අතිරේක නීතීපති සංජය රාජරත්නම් විසින් පෙත්සම සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කල අතර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ එම කරුණු අනුව මෙම පෙත්සම නොසලකා නිශ්ප්‍රභා කරන ලෙසයි.

එමෙන්ම එයට සහයෝගය දක්වමින් දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණය අමතමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාගේ පෙත්සමට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරිමට උත්සහ ගත්තත් ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල එයට අවස්ථාවක් නොදි පුරවැසියෙකු ලෙස සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයාට නීතිපතිවරයා ගෙනහැර දැක්වු කරුණු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාව දුනි.

මෙම කරුණු සලකා බැලු ප්‍රියශාද් ඩෙෆ් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ල ලබන 19 වෙනිදා එනම් හෙට දිනයේදි නැවත මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සලකා බැලීමට තීරණය කලේ ය.

ඒ අනුව මෙම පෙත්සම සලකා බලන අවස්ථාව වන විට මෙම පෙත්සමට පක්ෂව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් 5 ක් ඊයේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනු කොට තිබුනි. එම පෙත්සම් පහත සඳහන් පාර්ශවයන් විසින් මෙරටේ සුප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරුන් විසින් ගොනු කොට තිබුනි.

1, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මගින් හිටපු අමාත්‍ය ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී එල් පිරිස්,
2, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මගින් ඕමාරේ කස්සප හිමි,
3. ජනාධිපති නීතිඥ කුෂාන් ඩි අල්විස් මගින් උතුරු මැද පලාත් සභාවේ හිටපු මහ ඇමති එස් එම් චන්ද්‍රසේන,
4. ජනාධිපති නීතිඥ අලි සබ්රි මගින් සබරගමු පලාත් සභාවේ සභාපති, කාංචන ජයරත්න.
5. ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මගින් පාර්ලිමේන්තුව මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල

ඉහත මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 ඇතුළු පෙත්සම් 6 ඉහත යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක් කොට ඇති අතර දෙමළ සංධාන ලේකම් පාර්ලිමේන්තුව මන්ත්‍රී පි සුමන්තිරන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධානයන් කිහිපයක් එක්ව ඉහත එම යෝජනාව සම්මත කරගත් ආකාරය නිත්‍යානුකූල යයි පවසමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අභියෝග කරයි.

කරුණු එසේ වූවත් මෙරටේ සිටි කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු මෙන්ම පාර්ලිමේන්තුව හිටපු මහා ලේකම්වරයෙකු වන නිහාල් සෙනෙවිරත්න මහතා පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් “කාන්තා අපේක්ෂක නියෝජන පලාත් සභා මැතිවරණයේ දි 30% විය යුතුය” යන්න පලාත් සභා පනත සංශෝධනය කිරිම සම්බන්ධව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ගොනුකර ඇති මූලික විරෝධතා පෙත්සමට අදාළව ඉතා වැදගත් විග්‍රහයක් සන්ඩේ ටෛම්ස් ඇතුළු ඉංග්‍රීසි පුවත්පතේ පලකොට ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව මගින් හදුන්වා දුන් අතර එම ව්‍යවස්ථාවම සංශෝධනයන් 19 ක් සහිතව අදටත් ක්‍රියාත්මක වේ, විධායක ජනාධිපති ක්‍රමය. සමානුපාතික ඡන්ද ක්‍රමය, පලාත් සභා ක්‍රමය වැනි මෙරටේ ආරම්භ කොට ක්‍රියාත්මක වූ කාලයේදී, එනම් 1981 සිට 1984 දක්වා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මහා ලේකම් ධූරයේත්, වසර 34 ක් පාර්ලිමේන්තු තුලත් රාජකාරි කල නිහාල් සෙනෙවිරත්න මහතා. ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් මෙන්ම පාර්ලිමේන්තුවේ අණ පනත් සම්බන්ධව මෙන්ම කෙටූම් පත් සංශෝධනය කොට සම්මත කරගැනිම පිලිබඳව හසල අත් දැකිම් ඇති පරිපාලන නිලධාරියෙකි.

ඔහු පවසනුයේ ” පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පලාත් සභා පනතට අදාළ සංශෝධන කෙටුම්පත සැප්තැම්බර් මස 22 වෙනිදා කථානායකවරයා විසින් සහතික කල ද, එම පනත අනුමත කිරීමේදි එයට අදාළ කෙටුම්පත් හා සංශෝධනයන් නිත්‍යානුකූලව හා විධිමත්ව ඇතුලත් කොට සංශෝධනයන් කළේද ද යන්න විශාල ආන්දෝලනයක් රටතුල මේ වනවිට නිර්මාණය වී ඇති බවයි”. ඒ අනුව ඔහුගේ විග්‍රහය වනුයේ:

1. ඉහත කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කලේ පසුගිය ජූලි මස 26 වෙනිදා වන අතර එහි පලමු කියවීම සැප්තැම්බර් 20 වෙනිදා සිදු වු බවයි. එමෙන්ම එහි දෙවන වර කියවිමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමක් සිදු කල අතර එයට පක්ෂව ඡන්දය 154 කුත් විපක්ෂව ඡන්ද 43 ක් ලැබිණි, කමිටු අවස්ථාවෙන් පසුව තෙවැනිවර කියවිම සිදු වු අතර මෙම කෙටුම්පත ඡන්ද 157 කින් සම්මත වු අතර විපක්ෂව ඡන්ද 37 කි. ඉන් දින දෙකකට පසුව එම කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කල පසු 2017 අංක 17 දරණ පනත බවට පත් විය.

2. ඉහත පනත ගැටලුකාරි තත්ත්වයකට මෙන්ම අභියෝගයකට ලක්වන්නේ විශාල සංශෝධනයන් සංඛ්‍යාවක් කමිටු අවස්ථාවේදි එම කෙටුම්පතට ඇතුලත් කිරිම හරහා ය, ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කොට ඇත්තේ මෙවෙනි විශාල සංශෝධන සංඛ්‍යාවක් මුලින්ම ජනතාවට දැනගැනිම සඳහා අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් නොකිරීම සම්බන්ධයෙනි. එමෙන්ම ඒ සංශෝධනයන් සම්බන්ධව දෙවෙනි වර කියවීමේදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා ද එම සංශෝධනයන් ඉදිරිපත් නොකිරීම නිසා ඔහුනට නිසියාකාරව එම සංශෝධනයන් හා අන්තර්ගතය ගැඹුරින් හදරා අධ්‍යයන කිරිමට තිබු අවස්ථාවක් ද අහිමි කොට ඇති බවයි.

3.මේ සම්බන්ධව ගොඩනගන තර්කයක් තවදුරටත් සාධාරණය වන්නේ, ස්ථාවර නියෝග 37-40 මගින් ප්‍රතිපාදන සපයා ඇති ආකාරයෙන් ඕනම කෙටුම්පතක් කමිටු අවස්ථාවේදි යම් එකතු කිරිමක් සිදු කල හැකි වුවත්, එසේ එකතු කල හැකි සංශෝධනයන් කවරේද යන්න ස්ථාවර නියෝග 38 ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. එමෙන්ම එවෙනි අවස්ථාවක එහි 3 වෙනි අනු ඡේදයේ 3 වෙනි කොටසේ සඳහන් කොට ඇත්තේ, එසේ ඇතුලත් කල හැකි කොටස් සම්බන්ධව නීතිපතිවරයාට යොමුකර ඒ නිශ්චිත සෑම ඇමුණුමක්ම සංශෝධනය කිරිමට යෝජිත කෙටුම්පතට අදාළවද යන්න හා එහි නිත්‍යානුකූලභාවය ගැන විධිමත්ව නිරීක්ෂණය කොට නීතිපතිවරයාගේ මතය ලබාගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ 77 ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සපයා ඇත. මෙය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් වන අතර එසේ ක්‍රියාත්මක වීම ලෝකයේ ඕනම පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන රටක සිදු වන්නකි.

4. ඒ අනුව අදාළ කෙටුම්පතට ඇමුණුම් එකතු කිරිමකින් පසුව ඒ සියලු ඇමුණුම් සහිතව යෝජිත කෙටුම්පත නිත්‍යානුකූලව සිදුව ඇති බැව් නිරීක්ෂණයකින් පසුව නිතීපතිවරයා විසින් කථානායකවරයා වෙත දන්වනුයේ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් මගින් අදාළ කෙටුම්පත අනුමත කල යුතුය යන්න යි, කථානායකවරයා වෙතනිතිපතිවරයා දැන්වුවත් කමිටු අවස්ථාවකදි එසේ කල හැක්කේ 1988 අංක 2 දරන පලාත් සභා පනත සංශෝධනය කිරීමට අදාළව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අදාළ සංශෝධනයන් සඳහා පමණි. එනම් 1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කල පලාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස කාන්තා නියෝජනය 30% දක්වා ඉහළ දැමීමට අදාළව යෝජිත මූලික කෙටුම්පතට අදාළවපමණි.

5. එහෙත් ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රය මගින් ජනතාවට දැන ගැනිමට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු කරන ලදි. එනම් සිමා නිර්නය කිරිමේ කමිටු පිහිටුවා ඒ සඳහා සමාජිකයින් 5 දෙනෙකු පත්කිරිමේ බලය ජනාධිපතිවරයාට පැවරිම, මූලික කෙටුම්පතට අදාළ නොමැති දේශපාලන පක්ෂ හා එහි නායකයින් කමිටු සඳහා පත්කිරිම, පලාත් සභාවේ මන්ත්‍රීවරු කොට්ඨාස ක්‍රමයට තොරා ගැනිම, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම් ද ඇතුලත් මැතිවරණයන් පවත්වා ඡන්දය පාවිච්චි කිරිමේ දිනයන් ද වෙනස් කරන සංශෝධනයන් යෝජිත කෙටුම්පතට එකතු කිරිමක් සිදු කොට ඇත.

ඉහත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සම්බන්ධව ආණ්ඩුක්‍රම විශාරදයකු වන ආර්ක්ශයින් මේ Erksine May විසින් P 496 අනු මාතෘකා යටතේ සඳහන් කොට ඇත්තේ ( P 496 under the sub heading “object of an amendment is effective debate” 🙂
“කෙටුම්පත් සංශෝධනයකදි ඇමුණුමක් එකතු කිරිමේ පරමාර්ථය වනුයේ එම කෙටුම්පත් තව දුරට ශක්තිමත් කිරිම හෝ කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තුව තුල වැඩි අගයයන් සහිතව මූලික කෙටුම්පතට පිලිගැනිම වැඩි කිරිමට යොදන වෙනත් විකල්පයක් වශයෙනනි”.”The object of an amendment may be either to modify a question in such a way as to increase its acceptability or to present to the House a different proposition as an alternative to the original question” යන්න ය.

6. එමෙන්ම අමතක නොකළ යුතු වැදගත් කරුණක් වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව පැහැදිලි සඳහන් වනුයේ: “කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් සහතිකය නිකුත් කල පසුව කෙටුම්පතක් නීතියක් බවට පත්වන බවයි. එමෙන්ම ඒම සහතිකය නිකුත් කල පසුව අදාළ පනත සම්බන්ධව කිසිම අධිකරණයකට හෝ විනිශ්චයකට භාජනය කිරිම ඒ සම්බන්ධව විමර්ශනය කිරිමට හෝ ඊට අදාළව ප්‍රශ්න කිරිමට නොහැකි මෙන්ම එසේ කිරීමේ වලංගු භාවයක් ද නොමැති බවයි,

ඉහත සියලු කරුණු සම්බන්ධව විග්‍රහයක් කරමින් පාර්ලිමේන්තුව හිටපු මහා ලේකම්වරයා හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධව අපගේ අවධානය යොමු කරවමින් පවසනුයේ, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට ඇත්තේ කථානායකවරයා විසින් ඉදිරිපත් කල සහතිකයයි. පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලඅගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ පල කල මූලික කෙටුම්පතට සම්පූර්ණ පටහැනි විශාල සංශෝධනයන් සංඛ්‍යාවක් එකතු කොට ඇත, එමෙන්ම එම සංශෝධනයන් සම්බන්ධව දෙවෙනි වර කියවීමේදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා නිසියාකාරව එම සංශෝධනයන් හා අන්තර්ගතය ගැඹුරින් හදරා අධ්‍යයන කිරිමට තිබු අවස්ථාවක් ද අහිමි කොට, විධිමත් නොවන ආකාරයෙන් සම්මත කරගත් කෙටුම්පතක්, සඳහා කථානායකවරයා විසින් සහතිකයක් ඉදිරිපත් කිරිම අභියෝගයට ලක් කරමිනි.

හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඉදිරිපත් කල පෙත්සම නිවැරැදි බව පවසන පාර්ලිමේන්තුව හිටපු මහා ලේකම්වරයා මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී විභාග වීමට නියමිතව ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම නිවැරැදි තීරණයක් මේ සම්බන්ධව ලබාදෙනු ඇතයි බලාපොරොත්තුව සිටින බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සන්ඩේ අයිලන්ඩ් ඉංග්‍රීසි පුවත් පතේ ද මෙය පල කොට තිබුනි. Link

30,692 Viewers

17 Comments to “නීතිපතිට, මැකොට, කතානායකට එරෙහි සරත් එන් සිල්වාගේ නඩුව තවත් බලවත් වෙයි.. තවත් ප‍්‍රබලයින් පස් දෙදෙක් නඩු පවරයි..”

  1. bandu says:

    ඩොලර් වලට පෙනී ඉන්න කවුද අකමති….ජනාධිපති නීතිඥ වුනත් එහෙමයි

    • ඇත්ත says:

      සරත් සිල්වා‍ගේ පෙත්සම මගින් පළාත් සභාවලට ජනතාවගේ පරමාධිපත්‍යය බලය ලබා දීමට උත්සාහ ගන්නවා.මෙය තේරැම් ගැනීම ටිකක් අසීරැයි.
      20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීන්දුවෙන් සහ මත මේ වන විට පළාත් සභා වලට පරමිධිපත්‍යය බලය හිමිකර දී ඇති බව ජනතාවගේන් සැගවීම සරත් සිල්වාගේ සැගවුන උපායයි. පළාත් සභාවලට ව්‍යවස්ථාමය තත්ත්වය (Constitutional Status) හිමිකර දී තිබුණත් පරමාධිපත්‍යය sovereignty හිමිකරදී නැහැ.
      ජනතාව ඡන්ද අහේනියෙන් ඉන්නා නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීමට කියන මුවාවෙන් සරත් සිල්වා හදන්නේ මෙතෙක් පළාත් සභාවලට නොතිබූ පරමාධිපත්‍ය sovereignty බලය ලබා දීමටයි. උදාහරණයක් කීවොත් සාපිපාසයෙන් ඉන්නා මිනිසාට ගිනිවතුර පෙවීමට සරත් සිල්වා උත්සාහ කරනවා. මේ සිදුවීම යට ගසා ජනතාව ගොනාට ඇන්දීමට තවත් අය බොරැවට සරත් සිල්වාට විරැද්ධ වන ලෙස නඩුවට මැදිහත් වී සිටිනවා. ඇත්ත තත්ත්වය නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීන්දුවේ පළාත් සභා ඡන්දයට ජනතාවගේ පරමාධිපත්‍ය්‍ය ඇති බව දක්වා තිබුණත් එය වැරදිය. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ, 88 සහ 93 ව්‍යවස්ථා බැලීමේදී පළාත් සභා මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගත් මැතිවරණයක් නොවේ. ඒ වගේම පළාත් සභා මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍ය පෙන්නුම් කරන මැතිවරණයකුත් නොවේ. සරත් නන්ද සිල්වා සහ සුමන්තිරන් ඇතුළු සෙට් එක උත්සාහ ගන්නේ පළාත් සභා මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍යය නිරෑපණය කරන මැතිවරණයක් ලෙස අර්ථනිරෑපණය කරගෙන පළාත් සභා වලට 2000 පැකේජ් එකේ හිමිකර දී තිබෙන ස්වාධීනත්වය සහ පරමාධිපත්‍ය ලබා දීමටයි. එය රට බෙදීම සදහා උඩගෙඩ් දීමකි.
      2000 අගෝස්තු මස 03 වන දින ජී. එල්. පීරිස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් පැකේජ් එකේ එහි 2 සහ 106 ව්‍යවස්ථා මගින් පළාත් සභාවල මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලට ජනතාවගේ පරමාධිපත්‍යය ලබා දී ඇති ආකාරයට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කර ගැනීමට සුමන්තිරන් සහ සරත් නන්ද සිල්වා ගේමක් ගැසීමට මේ නඩුවේ මිතුරැ හතුරැ වී සිටිනවා…අනේ කාලේ වනේ වාසේ…

  2. Roshan says:

    just shut your mouth former CJ, you and your cases have no weight at all…get some rest..

  3. අනාථ ජනයා says:

    මෙය සමස්ත චන්ද දායකයාට බලපාන කටයුත්තක්, යහපාලන ආන්ඩුව තමන්ට ඇති මහජන අප්‍රසාදය නිසා කූට ලෙස මැතිවරණ කල් දැම්මට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙහි කනෙන් රින්ගපු පනතක් බව ඉතාම පැහැදිලියි.

  4. namal says:

    සෙට් එකම පව්..

  5. Pachaya says:

    A very good case to establish government has ignored the constitution in order to gain political mileage.

    It’s very clear that the objective was to postponed the legitimate elections.

  6. Thilina says:

    This act is a baberian act of yahapalanaya. We look down upon entire process of current government. Mithripala sirisena should go home immediately. Otherwise srilankans will have no motherland to live.

  7. Saradiel says:

    ජය පතමු යමපාලනය ගෙදර යවමු රට බෙදුම් වාදයෙන් බේරාගමු

    • asaranaya says:

      පවුල් රැකා නොහොත් බලු මැකා ගේ “නඩුව බරක් “වෙලා විතරක් නොවෙයි ඔහෙම යනකොට නරක් වෙලත් යයි

  8. Park says:

    This is a trick to by the JO to delay the elections.

  9. K.S. අදිකාරම් says:

    විශිෂ්ඨයි!   
    ඒවාගේම අර කූට ලේඛන උපයෝගී 
    කරගෙන හංසයා ලකුණ  
    යොදාගෙන දේශපාලන පක්ෂයක්
    ලියා පදිංචි කල එකත්, එම හොර 
    පක්ෂය උපයෝගී කරගෙන 2010
    සහ 2015 ජනාධිපතිවරණයට
    ඉදිරිපත්වීම පිළිබඳවත් නීති මගින්
    කටයුතු කරන්නේනම් ප්‍රජාතන්ත්‍ර
    වාදය  අගය කරන මෙරටේ සියලූම
    ජනතාව තමුන්ණාන්සේලාට ස්තූති
    වන්ත වෙනු ඇත.

    • ගමය says:

      අනිවාර්යයෙනම එය සිදුකල යුතුයි. කූට ලේඛන සකසා හන්සයා පක්ෂය ලියාපදිංචි කර ජනාධිපතිවරණයට තරග කල නිසා හන්සයා පක්ෂය අහෝසි කර ප්‍රතිඵල අවලංගු කල යුතුයි. නැවත ජනාධිපතිවරණයක් හැකි ඉක්මනින් නැවත පවත් වන් තුරු හිටපු ජනාධිපති තුමා නැවත බලයේ පිහිටවිය යුතුයි

    • ගමය says:

      අනිවාර්යයෙනම එය සිදුකල යුතුයි. කූට ලේඛන සකසා හන්සයා පක්ෂය ලියාපදිංචි කර ජනාධිපතිවරණයට තරග කල නිසා හන්සයා පක්ෂය අහෝසි කර ප්‍රතිඵල අවලංගු කල යුතුයි. නැවත ජනාධිපතිවරණයක් හැකි ඉක්මනින් නැවත පවත් වන් තුරු හිටපු ජනාධිපති තුමා නැවත බලයේ පිහිටවිය යුතුයි. ඒ වගේ අවස්‍ය නීතිය ක්‍රියාත්මක කර හන්සයා පක්ෂයට සම්බන්ධ සියලුම දෙනාට අදිකරන ක්‍රියාමාර්ග ගතයුතු

  10. Chaminda says:

    Oya porama needa HELPING HAMBANTHOTA ganath oya kiyapu chande kalema keewe..
    Kabarayek thalagoyek wennema naha ….

Main News