නීතිපති නිර්දේශ නොතකා නාවික හමුදා ලොක්කෙක් අත්අඩංගුවට ගන්න යයි..

July 12, 2017 at 3:00 pm | lanka C news
නීතිපති නිර්දේශ නොතකා නාවික හමුදා ලොක්කෙක් අත්අඩංගුවට ගන්න යයි..

නාවුක හමුදාවේ උසස් නිලධාරියෙක් වන ඞී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් නාවික හමුදා රෝහල වෙත් ගොස් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි. මෙම නිලධාරියාට අදාල චෝදනා වන්නේ යුද සමයේ කොටි සාමාජිකයින් දස දෙනෙකු යයි සැක කරන පුද්ගලයින් අතුරුදහන් වීමයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යවා ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ මතය ලෙස අදාල කිසිවෙකු මෙම චෝදනා මත අත්අඩංගුවට ගත නොහැකි බව සටහන් කර ඇතැයිද සදහන්ය. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය නොසලකමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට යන්නේ යයිද වාර්තාවල වැඩි දුරටත් දැක්වෙයි.

යුද සමයේදී ත‍්‍රිකුණාමලේ සිට කොළඹ මාළු ප‍්‍රවාහනය කරන ශීතාගාර ලොරියක බෝම්බ ප‍්‍රවාහනය නිරීම සම්බන්ධයෙන් සැක පිට එම ලොරියේ සිටි පුද්ගලයින් ඇතුළු තවත් පුද්ගලයටින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයින් අතුරැුදහන් වූයේ යයි නාවික හමුදා නිලධාරියා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

ඞී.කේ.පී. දසනායක යනු යුද සමයේ නාවුක හමුදා මාධ්‍ය ප‍්‍රකාශකයා මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (නාවුක මෙහෙයුම්), විශේෂ යාත‍්‍රා බලඝණය හා නාවික හමුදා විශේෂ බලඝණයේ අධ්‍යක්‍ෂක ලෙසද රාජකාරි කල අයෙකි.

13,101 Viewers

3 Comments to “නීතිපති නිර්දේශ නොතකා නාවික හමුදා ලොක්කෙක් අත්අඩංගුවට ගන්න යයි..”

  1. Police Junta says:

    Police Junta in full action distroying country

    • xxx says:

      පකිස්ලන්තේ (ලංකාවේ නොවේ) සී.අයි.ඩී. කාරයින් බොහොමයක් යූ,එන්.පිය තම ආගම මෙන් අදහන මැට්ටන් පිරිසකි.

      හමුදා බුද්ධි අංශ සමග තදබල වෘතීය ඉරිසියාවකින් පෙලෙන පිස්සන් පිරිසකි.

      යැංකි හෝ සමහරක් බටහිර රටවල තානාපති කාර්යාලවලින් හෝ දෙමල බෙදුම්වාදී ඩයස්පෝරාවෙන් මුදල් ලබාගන්නා බවට සැක සිතිය හැකිය.

  2. Mahasona says:

    Why only Sri Lanka Armed Forces ? They are defenders of our Motherland .
    .STOP THIS LTTE PROPAGANDA
    Should we level war crimes charges against those who dropped Nuclear bombs on Hiroshima and Nagasaki instantly extinguishing hundreds of thousands of people, conveniently forgetting that it saved the lives of perhaps 500,000 US troops in invading the home islands of Japan?
    Should we pursue war crimes charges against those who buried alive thousands of Iraqi soldiers alive n their bunkers with earth moving equipment and explosive charges in Desert Storm?
    I can go on … but it should be clear that these HOLIER THAN THOU critics of Sri Lanka are GUILTY OF FAR LARGER “War Crimes” when their own nations and lives were at risk. They conveniently forget that when we confronted with an implacable diabolical enemy intent of eradicating your people entirely, FIRE with FIRE … just as THEY DID then and DO to this day.

Main News