නීතිය ගැන හසරක් නොදත්, ලදරු නොමේරූ මහ ලේකම්වරුන් ශ‍්‍රී ලංකාව පරමාධිපත්‍ය නොසලකන වනචාරී රාජ්‍යයක් කරවනවා..

August 13, 2018 at 12:00 pm | lanka C news
නීතිය ගැන හසරක් නොදත්, ලදරු නොමේරූ මහ ලේකම්වරුන් ශ‍්‍රී ලංකාව පරමාධිපත්‍ය නොසලකන වනචාරී රාජ්‍යයක් කරවනවා..

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවහොත් විපක්ෂ නායක ධූරය ලබා නොදෙන්නේ යැයි සන්ධාන මහලේකම්වරයා සහ ශ්‍රීලනිප මහලේකම් වරයා විසින් කරන ප්‍රකාශ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුව නියෝජනය කිරීම සඳහා ජනතාව වරමක් නැති බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉතා පැහැදිලිව ජනතාව විසින් පෙන්වා දී ඇති බව පෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා සන්ධාන මහලේකම්වරයාගේ සහ ශ්‍රීලනිප මහ ලේකම් වරයාගේ නියෝජනය කරන ආසනද ඔවුන් අන්ත පරාජයට ලක් වූයේ මහජන මතය අනුව බවද සඳහන් කරයි.

ඒ අනුව මහජන මතයට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන් කටයුතු කළ යුත්තේ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබාදීම සඳහා බවද ඔහු සඳහන් කරයි.

ජනතා පරමාධිපත්‍යය බලය සියල්ලන්ටම ඉහළින් තිබෙන බැවින් ඒ අනුව ජනතා පරමාධිපත්‍යය නියෝජනය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ සිටිය යුතුය යන මතය බවත් ඒ මතයට ගරු කිරීමට මෙම දේශපාලනිකව නොමේරූ ලදරු මහලේකම්වරුන් කටයුතු කළ යුතු බවත් සරත් නන්ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම මහ ලේකම්වරුන් දෙදෙනා දේශපාලන කරන අතරතුරේ වුවද ජනතා පරමාධිපත්‍ය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මූලික සිද්ධාන්ත ගැන සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම සදහා ඒ ගැන හැදෑරිය යුතුව ඇතැයි තම පුද්ගලික අදහස යයිද ඒ මහතා අප වෙත අදහස් පල කරමින් වැඩි දුරතේ පැවසීය.

එසේ නොකලහොත් ශ‍්‍රී ලංකාව ජනතා පරමාධිපත්‍ය තුට්ටුවකට නොතකන, වනචාරී රාජ්‍යක් යයි 21 වන සියවසේ ලෝකවාසීන් විසින් හදුන්වනු ඇතැයිද හිටපු අගවිනිසරුවරයා වැඩි දුරටත් කියා සිටියේය.

21,123 Viewers

14 Comments to “නීතිය ගැන හසරක් නොදත්, ලදරු නොමේරූ මහ ලේකම්වරුන් ශ‍්‍රී ලංකාව පරමාධිපත්‍ය නොසලකන වනචාරී රාජ්‍යයක් කරවනවා..”

  1. Wijebahu says:

    Go to hell you self confessed rogue CJ.

  2. JANA says:

    Dear Sir,
    You should talk to people who has at least gone to school.These two does not.
    But voters can teach them a lesson when ever they visit your area.We all should do this
    without wasting more time to keep these “TUPPAHI MAHALEKAM DENNA ( Mahinda A. & Duminda D.)
    out of politics forever.

  3. HUNA says:

    Okun okkoma kata patam ugaththu.

  4. sithmal says:

    උබ දන්න නීතිය. මූට වාසියක් වෙලා නෑ වගේ.. මූ වාසි පැත්තට හොයිය ඩයල් එකක් නේ…

  5. Upul says:

    We know how this guy who knows the law, gave sentences favouring people. Please do not talk BS just to impress people. “OWA DENU PARAHATA THAMA SAMMATHEHI PIHITA”

  6. LION says:

    “යහපාලනය” බිහිවූ 2015 ජනවාරි 8 වෙනඉදා සිට මේ දක්වාම මේ රටේ සිදුකල එකම දෙය වන්නේ 30 වසරක යුද්ධය නිමාකල පාලකයින්, නිලධාරීන් හා වීරෝධාර හමුදාවන්ට එරෙහිව සෘජුවම කිසිදු බයක්, හිරිකිතක් නැතිව කටයුතු කිරීමයි.

  7. Love nature says:

    අද වන විට රට මුහුණ පා තිබෙන්නේ ඉතාමත් බැරෑරුම් තත්වයකටය. රටට වින කටින බටහිර ස්වාමියාගේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරන වත්මන් රජය රටේ සෑම දෙයක්ම පොළොවට සමතලා කර ඇත. ආර්ථිකය, දේශපාළණය, සමාජ සංස්කෘතිය මෙන්ම සිංහල බොදු සිරිත් විරිත්ද එයට අදාළය.

  8. chandu says:

    Ammapa Eththa..
    Boru nam Victor Ivon gen ahannakooo

  9. Nandasoma says:

    අද වන විට රට මුහුණ පා තිබෙන්නේ ඉතාමත් බැරෑරුම් තත්වයකටය. රටට වින කටින බටහිර ස්වාමියාගේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරන වත්මන් රජය රටේ සෑම දෙයක්ම පොළොවට සමතලා කර ඇත. ආර්ථිකය, දේශපාළණය, සමාජ සංස්කෘතිය මෙන්ම සිංහල බොදු සිරිත් විරිත්ද එයට අදාළය.

    ලංකාව විනාශ කරල, පාර්ලිමේන්තුව හෑල්ලු කරණ මේ බොරු ජාතික ආණ්ඩුව එලවා දමමු…..!

Main News