නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකාට දෙන්න.. පිං අගමැතිකම් මට එපා..- මහින්ද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක..

March 4, 2018 at 10:00 am | lanka C news
නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකාට දෙන්න.. පිං අගමැතිකම් මට එපා..- මහින්ද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක..

2015 ජනවාරි අට වෙනිදා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමෙන් පසු මහින්දගේ කාලය ඉවර යෑයි සිතූ බොහෝ දෙනාට, මහින්ද ගැන අලුතින් සිතන්නට කාලය පැමිණ ඇතැයි ඔහු මතක්‌ කර දී තිබේ. ඒ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමගය. ඔහු අනාගත කාලය ගැන සිතන්නේ කෙසේද…? ඒ පිළිබඳ ඔහු සමග කරන ලද සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – අලුතින් පත් කරන ලද කැබිනට්‌ මණ්‌ඩලය විහිළුවක්‌ ලෙස ඔබ විසින් හඳුන්වා දී තිබුණා…ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය ඇමතිකම ලැබුණා නම් කැබිනට්‌ මාරුව විහිළුවක්‌ නොව භයානක ආපදාවක්‌ බවට පත්වන්නට තිබුණා නොවේද…?

පිළිතුර – මම කැබිනට්‌ මණ්‌ඩලය පත් කරන්නවත්, නම් කරන්නවත් යන්නේ නැහැ. ඒක මට අයිති කාර්යයක්‌ නෙමෙයි. මේ කැබිනට්‌ මාරුව විහිළුවක්‌ ලෙස මතුපිටින් පෙනෙන අතරේ, එහි අභ්‍යන්තරය දෙස බලන විට, මේ සම්මුති ආණ්‌ඩුව තුළ තිබෙන බංකොලොත්භාවය පෙනී යනවා. මැතිවරණයට පෙර ජනාධිපතිවරයා විසින් ජනතාවට කිව්වේ, එජාපය කියන්නේ හොරුන්ගේ පක්‌ෂයක්‌. තමන්ට ආණ්‌ඩු කරන්න සිද්ධවෙලා තියෙන්න හොරු එක්‌ක කියලයි. දෙපැත්තේම හොරු එකතුවෙලා එතුමාට විරුද්ධව කටයුතු කරනවා කියලා කිව්වා… බොරැල්ල පැත්තේ තියෙන ගෙදරකදී හොරු – හොරු හම්බු වෙලා, තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා කිව්වා… එජනිසයේ මන්ත්‍රීවරු අනු හය දෙනා හෙට උදේ, එතුමාගේ ගෙදරට ආවොත් එජාපය නැතුව ආණ්‌ඩුවක්‌ හදන්නම් කිව්වා… බැඳුම්කර හොරු එක්‌ක ආයෙත් ගනුදෙනුවක්‌ නැහැ කිව්වා… එහෙම කිව්ව ජනාධිපතිතුමා, එජාපයේ කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ආයෙත් පත්කරන එක විහිළු නෙමෙයිද…? ඒක තමයි පළවෙනි විහිළුව…

ජනවාරි අටවෙනිදා ජනාධිපතිවරණයට එනකොට ඒ අය කිව්වේ, අපේ කැබිනට්‌ මණ්‌ඩලය විද්‍යාත්මක නැහැ… ඒගොල්ලෝ විද්‍යාත්මක කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කරනවා කියලා… මහජනතාව ඒ අයව විශ්වාස කළා… මේ තමයි ඒ විද්‍යාත්මක කැබිනට්‌ මණ්‌ඩලය… ඉතිං මේවා විහිළු නෙමෙයිද…? අජිත් පෙරේරාට තිබුණ ඇමතිකම් අයින් කරලා, බන්ධනාගාර ඇමතිකම දෙනවා… එයා ඒකට උරණ වුණහම පහුවදාට ආයෙත් පරණ ඇමතිකම දෙනවා කියලා ෂේප් කරගන්නවා … මෙන්න විද්‍යාත්මක ලෙස කැබිනට්‌ මණ්‌ඩලය තෝරන විදිහ…

ප්‍රශ්නය – එජාපය සහ ජනාධිපතිවරයා අතර වෙනදා මෙන් දේශපාලන සුහදතාවයක්‌ නැති බව පැහැදිලිව පෙනෙන කාරණයක්‌… එසේ වුවත්, එජාපය සමග ගමනක්‌ යනවා හැරෙන්නට ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක්‌ ඉතිරි වී නැහැ… ඊට හේතුව වී ඇත්තේ ඔබ ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ සහයෝගයත් ජනාධිපතිවරයාට නොලැබී යාමයි…

පිළිතුරු – එජාපය කියන්නෙත් එජනිසය කියන්නෙත් අද වෙනකොට පරාජිත බලවේග දෙකක්‌… රටේ ජනාධිපතිවරයාගේ පක්‌ෂය පළාත් පාලන මැතිවරණයෙන් ගත්ත ඡන්ද ප්‍රමාණය දෙස බලන කොට, රට කරන්න ජනාධිපතිවරයාට හැකියාවක්‌ තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. එජාපයටත් එහෙමයි. ඒ දෙගොල්ලන්ගේම පක්‌ෂවල දැන් අර්බුද මතුවෙලා… ඒ අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ, පොහොට්‌ටුවේ ජයග්‍රහණයයි. මේ රටේ ජනතාව පෙබරවාරි දහවෙනිදා දුන්නේ අමුතුම තීන්දුවක්‌… රටේ අගමැතිගේ සහ ජනාධිපතිගේ පක්‌ෂය එකට තියලා ඔවුන් විසින් පරාජය කර දැම්මා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදනකොට ඔය අය කියපු දේවල් මතකනේ… අලුත් පක්‌ෂයක්‌ හැදුවොත් අපිව පාරේ ඇවිද්දනවා කිව්වා… අපේ පක්‌ෂයට සම්බන්ධ වෙන අයව හිරේ දැම්මා… එහෙම තර්ජන කරලා, මර්දනය කරලා, ජනතා බලවේගය නතර කරන්න බැරි බව ඒ අය දැන්වත් තේරුම් ගන්න ඕනේ…

ප්‍රශ්නය – පළාත් පාලන ඡන්දයෙන් ලබපු පරාජය පිළිබඳව එජාපය පැත්තෙන් කියවෙන්නේ වෙන කතාවක්‌… පසුගිය අවුරුදු තුන තිස්‌සේම හොරු අල්ලන බැරි වුණු නිසා මේ පරාජය අත්විඳින්න සිදුවූ බව ඔවුන් පවසන්නේ… ඒ නිසා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය තනතුර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත ලබා දෙන ලෙස එජාපයේ පිරිසක්‌ කියා සිටිනවා…

පිළිතුර – මම නම් කියන්නේ එයාට ඒ ඇමතිකම දෙන්න කියලයි… මාස තුනක්‌ විතර යනකොට මේ තියෙන ඡන්ද ටිකත් ආණ්‌ඩුවට නැතිවෙලා යනවා…

ප්‍රශ්නය – සරත් ෆොන්සේකාට ඒ ඇමතිකම දෙනවාට රාජපක්‌ෂලා බයේ ඉන්න බව සමහරු සඳහන් කරනවා…

පිළිතුර – අපි නම් හිරේ යන්න බය නැහැ… දාන්න කියන්න ඕනේ හිරගෙයක… අපි අද ඊයේ හිරේ ගිය මිනිස්‌සු නෙමෙයි. අපිව හිරේ දාන්න කියලා මුලින්ම කිව්වේ එල්ටීටීඊ ඩයස්‌පෝරාව… ඒ අයගේ වුවමනාව අද ඉටු කරන්න හදන්නේ මෙහේ ඉන්න අය. එදා ඉඳලා අපිට හොරු කියලා ලේබල් ඇලෙව්වා… අන්තිමට අල්ලපු හොරකමක්‌ නැහැනේ… සිල් රෙදි බෙදපු එකයි, නගර සභා වලට පයිප්ප බට බෙදපු එකයි, ලිත් ගහපු එකයි තමයි මේ ගොල්ලන්ට හොරකම් කියලා නඩු දාන්න ඉතුරු වුණේ… මේ රටේ ජනතාව බොරු කියලා ගොනාට අන්දන්න පුලුවන් පිරිසක්‌ නෙමෙයි. ජනතාව මේ බොරු තේරුම් අරගෙන තමයි, පෙබරවාරි දහවෙනිදා අපට ඡන්දය දුන්නේ… ජනවාරි අට වෙනිදා වෙච්ච වැරැද්ද ජනතාව යළි නිවැරදි කර ගත්ත එක තමයි, මට තියෙන ලොකුම සතුට. දැන් අපේ පවුලේ හිරේ දාන්න තව ඉතුරුවෙලා නැහැනේ… ඔක්‌කොම හිරේ දැම්මනේ… තාම හිරේ දාගන්න බැරි වුණේ, ගෝඨාභය විතරනේ… නාමල්ව හිරේ දැම්මා. යෝෂිතව හිරේ දැම්මා… අපේ පවුලේ නෑදෑයෝ හිරේ දැම්මා… ඒ විතරක්‌ද…? මුලින්ම හිරේ දැම්මේ, එස්‌.එම්. චන්ද්‍රසේනව, විමල් විරවංශව හිරේ දැම්මා… විමල්ගේ නෝනාව හිරේ දැම්මා… උදය ගම්මන්පිල, ජොන්ස්‌ටන්, මහින්දානන්ද… වගේ මගේ ආණ්‌ඩුවේ කටයුතු කරපු උදවියව හිරේ දැම්මා… මෙහෙම පෝලිමක්‌ හිරේ දැම්මානේ…

ප්‍රශ්නය – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය සහ සාමය අමාත්‍යංශය බාරදීම නිසා, ඔබට දැන් සැනසිල්ලේ ඉන්න පුලුවන්, කියලයි සමහරු කියන්නේ…

පිළිතුර – ශ්‍රීලනිපයේ ඉන්න ඇමතිවරු, රනිල්ගේ ඔඩොක්‌කුවේ ඉදගෙන, මම රනිල් එක්‌ක ඩිල් දානවා කියනවා… මම කවදාවත්ම එජාපය සමග ඩීල් දාලා නැහැ. ඒ කාලේ එජාපය අය අපේ පැත්තට අරගෙන මම ආණ්‌ඩු කරන කොට කිව්වේ, මම එජාපය විනාශ කරනවා කියලා. අද ශ්‍රීලනිපය එජාපයට පාවා දුන්න අය මට එජාපය ගැන කියලා චෝදනා කරනවා. ශ්‍රීලනිපය පරද්දන්න එජාපය එක්‌ක කුමන්ත්‍රණය කළේ මම ද…? ශ්‍රීලනිපයට එරෙහිව තරග කළේ කවුද…? බහුතරය තිබුණු ශ්‍රීලනිපය අයින් කරලා සුළුතර එජාපයට බලය දුන්නේ මමද…? ශ්‍රීලනිප අගමැති අයින් කරලා එජාප නායකයා අගමැති කළේ මමද…? මහ මැතිවරණයේදී අපේ කකුලෙන් ඇදලා එජාපයට ආයෙත් බලය දුන්නේ කවුද, කියලා මුළු රටම දන්නවා. එජාපයට ආසන 106 ක්‌ තියෙද්දී අපේ අයට ඇමැතිකම්, උප ඇමතිකම් දීලා ඒ පැත්තට යැව්වේ කවුද…? එහෙම ගිහිල්ලා එජාපය එක්‌ක ආණ්‌ඩු හැදුවේ මමද…?

ඒ අය එජාපය එක්‌ක එක ගෙයි කන ගමන් අපිට චෝදනා කරනවා. මම රනිල් එක්‌ක ඩීල් දාන නිසා අපිට නඩු නැහැ, හිරේ දාන්නේ නැහැ කිව්වා. මගේ දරුවෝ හිරේ දැම්මා, බැසිල්ව හිරේ දැම්මා, එතකොට කෝ ඩීල්… මේ අය එජාපය එක්‌ක හොඳට ඩීල් දාගෙන අද ඒකත් මගේ ඇඟේ ගහන්න එනවා. රනිල්ගේ කැබිනට්‌ එකේ ඉඳගෙන මම රනිල් එක්‌ක ඩීල් දානවා කියලා කියනවා. ඔය පික්‌පොකට්‌ න්‍යායනේ. පික්‌ පොකට්‌ ගහලා …හොරා… කියලා මුලින්ම දුවනවා වගේ නේ මේ අයගේ වැඩ…

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණයෙන් ඔබ ලබපු ජයග්‍රහණය ගැන දැනෙන සතුට කොහොමද…?

පිළිතුර – ජනවාරි අට වෙනිදා මේ රටට වෙච්ච වැරැද්ද, පෙබරවාරි දහවෙනිදා නිවැරදි වෙච්ච එක ගැන ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා. ඒක මට විශාල මානසික සුවයක්‌. අපේ දේශපාලනය වළදාන්න හිතාගෙන හිටපු අයට, තමන්ගේ දේශපාලනය වළලන දවස ළඟයි කියලා, රටෙන් පණිවිඩයක්‌ ඇවිල්ලා තියෙනවා.

ප්‍රශ්නය – මේ ජයග්‍රහණයෙන් පස්‌සේ, ඔබ ඊළගට කරන්න හදන්නේ කුමක්‌ද…?

පිළිතුර – මේ රටේ ජනතාව සතුව තියෙන උත්තරීතර අයිතිය තමයි මැතිවරණය කියන්නේ… ඒ අයිතිය උදුරාගෙන, හංගගෙන අවුරුදු ගාණක්‌ හිටියා… මේ අය හිතුවේ, කල් මරලා, අපිව හිරේ දාලා, මැතිවරණය ජය ගන්න පුළුවන් කියලා… ඒ ප්‍රොaඩාවන් හැමදාම හරි යන්නේ නැහැ. අපේ ඊළඟ අදියර වන්නේ මේ ඡන්දයේ ප්‍රතිපල පිළිබඳව තියෙන ගැටලු නිරාකරණය කර ගන්න එකයි. මැතිවරණ කොමිසමට අපි පෙන්වා දී තිබෙන විදිහට මේ ප්‍රතිඵලය ගණනය කර තිබෙන විදිහේ දෝෂ රාශියක්‌ තිබෙනවා. කොහොමද මෙහෙම දෙයක්‌ අපේ කාලයේදී වුණා නම්… රතු අලි පැටව් ටික මේ වෙන කොට පාරට බැහැලා, යකා නටලා… තානාපතිවරු, විදේශ නායකයන් නිවේදන කීයක්‌ නිකුත් කරලද…? මේ පාර මැතිවරණ ප්‍රතිඵලය ප්‍රමාද වුණා කියලා අපි පාරට බැස්‌සද…? ජනවාරි අටවෙනිදා පාන්දර ප්‍රතිපල එන්නත් ඉස්‌සෙල්ලයි මම ගෙදර ගියේ… මේ අයට පහුවදා රාත්‍රී වෙනකොටවත් ප්‍රතිඵල නිකුත් කර ගන්න බැහැ… තාමත් හරි ප්‍රතිඵලයක්‌ දුන්නේ නැහැනේ… ස්‌වාධීන කොමිසම් දැම්මාම, ඔක්‌කොම හරි කියපු අය අද කට වහගෙන, හැංගිලා ඉන්නවා…

ප්‍රශ්නය – පළාත් පාලන ඡන්දයෙන් පස්‌සේ, ආණ්‌ඩුවේ වෙනසක්‌ වෙන බවට අනාවැකි පළවුණා… පාර්ලිමේන්තුවේ බහුතරය අරගෙන ඔබ අගමැති තනතුරට පත්වෙන බවට ආරංචි පැතිරුණා… මොකක්‌ද එහි අලුත්ම තත්ත්වේ…?

පිළිතුර – මම ආණ්‌ඩු කරන කාලයේ මේ විදිහට ඡන්දයක්‌ පැරදුනා නම්, මොකද වෙන්නේ… පහුවදාට අපිට එළියට බහින්න දෙන එකක්‌ නැහැ… ඉල්ලා අස්‌වෙන්න කියලා, කොළඹ වට කරයි… යුද්ධය තියෙන කාලයේ මතකනේ … ආරක්‌ෂක මණ්‌ඩලය අරලිය ගහ මන්දිරයේ රැස්‌වෙන කොට, ජවිපෙ ඇවිල්ලා, අරලිය ගහ මන්දිරය වට කරලා උද්ඝෝෂණය කරනවා… මේ රටේ ත්‍රස්‌තවාදය නැති කරන්න, ඒ අය සහයෝගය දුන්නේ එහෙමයි… දැන් මේ ආණ්‌ඩුව ඡන්දය පැරදිලා, කිසිම ලැඡ්ජාවක්‌ නැතුව තවත් ඉන්නවා… ලැඡ්ජාවක්‌ තියෙනවා නම් කරන්න ඕනේ දේ අපි කියන්න ඕනේ නැහැනේ… අපි කියන්නේ වහාම මහ මැතිවරණයක්‌ පවත්වන්න… පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි එහෙට මෙහෙට කරලා, ආණ්‌ඩු අල්ලන්න අපිට හදිස්‌සියක්‌ නැහැ… ඊළගට තියෙන්නේ, පළාත් සභා ඡන්දය… අපි දැන් ඒකට ලැහැස්‌ති වෙනවා.

ප්‍රශ්නය – කැබිනට්‌ සංශෝධනයට පෙර ඔබ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක්‌ සිදුවුණු බවට කට කතා පැතිරුණා… ඒ සාකච්ඡාවේදී තීරණය කර ගත්තේ මොනවාද…?

පිළිතුර – එහෙම සාකච්ඡාවක්‌ කළේ නැහැ… කැබිනට්‌ සංශෝධනය පිළිබඳව මගෙන් අහන්න ඕනේ නැහැනේ… හැබැයි මට ආරංචි වුණු විදිහට, සරත් ෆොන්සේකාට නීතිය සහ සාමය ඇමතිකම දෙන්න කියලා එජාපයෙන් යෝජනා වුණහම, ඒකට ජනාධිපතිතුමා විරුද්ධ වුණාලු…

ප්‍රශ්නය – ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයගේ අදහස වී තිබෙන්නේ, ඔබ සමග එකතු වී නව ආණ්‌ඩුවක්‌ පිහිට විය යුතු බවයි…

පිළිතුර – ඒක විසඳාගෙන තීරණයක්‌ ගත යුත්තේ ඒ අයයි… එහෙම වුණත් අපි ඇමැති තනතුරු ගන්න යන්නේ නැහැ…

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කරලා, එජාපයෙන් තොරව ආණ්‌ඩුවක්‌ හදන්න ඔබ සහයෝගය දක්‌වනවා ද…?

පිළිතුර – නැතුව… අපි ඒ ගැන මුල ඉඳන්ම කිව්වනේ… සුළුතරයක්‌ තියෙන රනිල්ට අගමැතිකම දුන්නේ මමද…? තනතුරු ගන්නේ නැතුව, ආණ්‌ඩුවක්‌ සදහා අවශ්‍ය බහුතරය ඇති කර ගන්න අපි සහයෝගය දෙන්න කිව්වහම, ඊට වඩා දෙන්න පුලුවන් සහයෝගය මොකක්‌ද…?

ප්‍රශ්නය – මේ ආණ්‌ඩුවේ අගමැතිකම භාර ගන්න ඔබ අකමැති මොකද…?

පිළිතුර – පිං අගමැතිකමක්‌ ගන්නේ මොකටද…? අපි පිනට තනතුරු ගන්නේ නැහැ…එහෙන් මෙහෙන් ගේම් ගහලා ගන්න තනතුරු අපිට වැඩක්‌ නැහැ… අපි පැරදුනු ගමන් ගෙදර ගිය මිනිස්‌සු… මහජන මතය තරම් වැදගත් දෙයක්‌ අපිට නැහැ… යන්න… යන්න… කියලා, අන්තිමේදී පලයන් කියලා එළවනකන් තනතුරු වල ඉන්න අපිට ඕනේ කමක්‌ නැහැ… සමහරු නම් එළවලාත් යන්නේ නැහැ… දැන් එජාපයේ තත්ත්වය බලන්නකෝ… තිස්‌ වතාවක්‌ පැරදිලත් කිසිම ලැඡ්ජාවක්‌ නැතුව, තවත් ඇමතිකම් අරගෙන ඉන්නේ… මහ බැංකුව මහ දවාලේ කොල්ල කන කොට, මහ බැංකුව තිබුණේ අගමැති යටතේ… අද ඒ හොරකම අල්ලන්න හදන කොට නීතිය සහ සාමය එයාට දෙනවා… මේක පුදුම යහපාලනයක්‌නේ… හොරකම ගැන පරීක්‌ෂණ හොරාට බාර දෙන ආණ්‌ඩුවක්‌ මේක… මැතිවරණයකින් හෝ විශ්වාශභංගයකින් මිසක්‌ අපි ආණ්‌ඩු ගන්න යන්නේ නැහැ… එකයි නෛතික ක්‍රමවේදය… මේ රටේ ආණ්‌ඩුව කියන්නේ දාම් ලෑල්ලක්‌ නෙමෙයිනේ…

ප්‍රශ්නය – ශ්‍රීලනිපයේ ප්‍රබලයන් රාශියක්‌ ඔබ සමග එකතුවීමට බලාගෙන ඉන්න බවට ආරංචි පැතිරෙනවා…

පිළිතුර – ඔව්… බොහෝ දෙනා අපිට කතා කරනවා… ජනතා මතය ගැන සංවේදීභාවයක්‌ තියෙන අය, අපිට එකතු වෙයි.

ප්‍රශ්නය – මාර්තු හත් වෙනිදා නුගේගොඩදී ජනරැලියක්‌ පවත්වන්න ඔබගේ පිරිස බලාපොරොත්තු වෙනවා… මේ රැලියේ අරමුණ මොකක්‌ද…?

පිළිතුර – අපේ ජයග්‍රහණය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනේ… ඊළඟට අපි ගන්නා තීන්දු සඳහා ජනතාව සහභාගී කරවාගන්න ඕනේ… එකයි මේ රැලියේ අරමුණ… ඡන්දයක්‌ දින්නා කියලා, ඊලග මැතිවරණය එනකං අහක බලාගෙන ඉන්න අපිට බැහැ… මේ ආණ්‌ඩුව කරගෙන යන දුර්දාන්ත වැඩ පිළිවෙල ජනතාව සමග එකතුවී අපි පරාජය කළ යුතුයි… එජාපයේ අයත් මෙවර අපිට ඡන්දය දුන්නා… ජාතික සම්පත් විකිණීමට එරෙහිව, මේ රට ෆෙඩරල් රාජ්‍යයක්‌ කිරීමට එරෙහිව, රටේ අභිමානය ලෝකයා ඉදිරියේ බාල්දු කිරීමට එරෙහිව ජනතාව සමග පාරට බහින්න දැන් කාලය ඇවිල්ලා…

මනෝඡ් අබයදීර
– Divaina

55,657 Viewers

35 Comments to “නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකාට දෙන්න.. පිං අගමැතිකම් මට එපා..- මහින්ද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක..”

  1. Ananda says:

    This government will go to the hell.What will happen to the country?

  2. ආනමඩුවෙි නන්ද හිමි says:

    ආයෙමත් ආණ්ඩුවක් හැදුවත් බලයට එන්නෙ පරණ සෙටි එකම නේද? බැසිල්, ගෝඨාභය, චමල්, නාමල්, ශිරන්තිගෙ නෑයො ටික අයින් කරල බැහැනෙ.
    එතකොට විමල් වීරවංශ කිවිව නේද පසුගිය පරාජයට වගකිව යුත්තා බැසිල් කියල? දැන් විමල් බැසිල්ට කැමතිද?
    ආයෙමත් බලය ලැබුනොත් ලගම නෑයින් වන උදයංග වීරතුංග රැසියාවෙ තානාපති හැටියටත්, ජාලිය වික්‍රමසූරිය ඇමරිකාවෙ තානාපති හැටියටත් පත්කරනවාද? ඔක්කොම බොරැ චෝදනා නිසා නඩුවලින් ගොඩයන්න විදියක් බලමු.

    • Suba Anagathayak says:

      හාමුදුරුවනේ, “චරත භික්ඛවේ කම්මං, බහුජන හිතාය, බහුජන සුඛාය” කියල බුදුහාමුදුරුවෝ දේශනා කළේ “මහණෙනි, බහු ජනයාගේ හිත සුව පිණිස හැසිරෙව්” කියන එකයි. හාමුදුරුවෝ මේක වැරදියට තේරුම් අරගෙනද මන්ද? “සුඛාය” මිසක් “හුඛාය” නොවෙයි!!

    • Tommy says:

      අනිවාර්යයෙන්ම. හාමුදුරුවෝ කියන දේ ඇත්ත.
      මුං ඔක්කොම එකයි බලය වෙනුවෙන් බඩ වෙනුවෙන් ඕනෑම දෙයක්.

      • FREE says:

        මූ කළුතර කළු අජිත් ටොමියගෙ නෑයෙක් වෙන්න ඇති.ඌ වගේම පණ්ඩිතයෙක්.

  3. Chami says:

    Monawa kiwwaoth janathawa rata ayeth Pawul palanayakata ida tiyanne naha.

    • HOO ! says:

      ජනතාව පවුලක් නැති නපුන්සකයින්ට ආයේ රට බාර දෙන්නේ නෑ

  4. Wijebahu says:

    Owu. SF awoth mulu pawlama hire. Eka thamai siduviya utthe.

    • Suba Anagathayak says:

      Chami කියල ලියනවා. විනාඩියකට පස්සේ Wijebahu කියල සපෝට් එකට උත්තරයක් ලියනවා. මොනවා කලත් රාජපක්ෂලා නැවත බලයට එන එක කොමෙන්ට්ස් වලින් නවත්වන්න බැහැ. චූ කරලා බුදියාගන්න චම්පලා කස්ටිය!

  5. kamalasirikuruwita says:

    පරිනත එඩිතර කොන්දක් සහිත නායකත්වයේ නියම පුර්වාදර්ශය !!!!!. රටට ජයවේවා !!!!

    • SUNIL says:

      මූට තියෙන්නෙ සමාජ ජාල වලින් මුගෙම එවුන් හදලා සමාජ ගත කරපු බොරු කොන්දක් පමනයි

      • SUNIL says:

        තව දෙයක්.හොරකම් කරන්න මැර ජඩ වැඩ කරන්න ඒවට විරුද්ධ වෙන එවුන් මර්ධනය කරන්නනම් කොන්දක් තිබුනා

        • FREE says:

          මූම ලියපු එකට ආයෙ මූම උත්තර ලියනව.ඒ කියන්නෙ මූගෙ පැත්තට මොකෙක්වත් නැහැ,ඇත්තනෙ මහ බැංකුව හොරකම් කල උන් ඉඹ ගන්න එකෙක් ගාවට මොකාද කිට්ටුු වෙන්නෙ.ගන්දස්සාරෙ බැහැනෙ?

      • දඟදාස says:

        සමාජ ජාල වලින් හදපු කොන්දක්නම් කොහොමද ගොනෝ 2009 ට පෙර ලෝකයේ මෙතෙක් පහලවූ දරුණුතම, සහ ම්ලේච්චතම ත්‍රස්තවාදී සංවිධානය සහමුලින්ම මේ පොලොවෙන් අතුගා දමන්ඩ පුලුවන්වුනේ?

  6. Hats off, well said Sir!

    • Asaranaya says:

      දෙනවානම් දෙනු පිලිතුරු පඹ තුමනී,
      කට තිබුනට වැඩ බැරිබව පිළිගැනුනී,
      කයිය තිබේ ජරබර ගා ගොර හඬිනී,
      වැඩ බැරි පාලගෙ බැරිකම රට දැනුනී

  7. මාතලේ බණ්ඩා says:

    අළුතින් පත්වෙන ආණ්ඩුවෙි ඇමතිවරැන්ට අහුනොවෙන්න හොරකමි කරන හැටි කියල දෙන්න අජිත් කබිරාල් සහ පී.බී.ජයසුන්දර ලවා පන්තියක් තියමු.එතකොට රනිල්වගේ හත්පොලේ ගාගන්න වෙන්නෙ නැහැ. නීති උපදේශක හැටියට සරත් එන් සිල්වා පත්කරගමු. සුනාමි සීයක් ආවත් ගොඩම තමයි.

  8. SUNIL says:

    යටින් ගේම් දිදී සුදනා වගේ කතා කරන හැටි විතරක්

  9. rathne says:

    I hope this analogy will be helpful to change some of the blind eyed population of Sri Lanka.

  10. Sumana says:

    MR MAHATTAYO.. ANE OYA ATI DAN OBA TUMATA PIN SIDDAWEI KARUNAKARALA WIAHRAAMA ARAN YANNA…OBA TUMA TAMAI LOKWA ITIHASAYE BIHIWUNA LOKUMA BALA PERETA DESHAPALANGKNAYA

    • ExUnper says:

      Thamuse napunsaka pakshe ekekda LTTE kaarayek da ? Mokek unath kelehigunayak nathi amanayek bava pahadiliyi.

    • hitan@hutan.com says:

      සුමනො,ඔක්කොටම කලින් සිංහල ඉගෙන ගනිං.මතක ඇතුව දිනපතාම ගන්න පෙත්ත ගනිං.

      • තෙපානිස් says:

        ඔය Sumana කියල කොමෙන්ට් දාල තියෙන්නෙත්, Sunil කියල කොමෙන්ට් දාල තියෙන අපතයමයි.
        එක කොමෙන්ට් එකකට 1,600/= ගානෙ, ඌ එතනම රු.3,200 ක් සිරිකොතෙන් කඩාගන තියෙනවා.

  11. Karu says:

    ගරු මහින්ද මැතිදුනි,
    කෙටි වූවත් හොඳ සාකච්චාවක්. එහි ඔබ පළකරපු එක් අදහසක් මගේ හිත බෙහෙවින් ගනු ලැබුවා.
    “ජනවාරි අට වෙනිදා මේ රටට වෙච්ච වැරැද්ද, පෙබරවාරි දහවෙනිදා නිවැරදි වෙච්ච එක ගැන ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා. ඒක මට විශාල මානසික සුවයක්‌.” ඇත්ත ජනතාව තමන් අතින් වූ වැරැද්ද නිවැරදී කළා. හැබැයි ඒ වගේම ඔබතුමාට ජනවාරි 8 ටොක්කක් අනින්නට හේතු වුන කරනු ඔබගේ මුලිකත්වයකින් බිහිවන රජයකින් නැවත නොවෙයි යන විශ්වාසයත් එක්කයි. එසේ නැතුව ඔබ තුමා මේ රටේ ජනතාව කිසිදාක ප්‍රතික්ෂේප කලේ නැත. ඔබට මේ රටේ මිනිසුන් කෙතරම් ආදරය කරන්නේද යන්න මෙම ජයග්‍රහණයෙන් පෙන්නුවා. එය ඔබට “විශාල මානසික සුවයක් වූ” ලෙසටම ජනතාව ඔබ කෙරේ තැබූ විශ්වාශය කිසි ලෙසකින් හෝ බිඳදමීමට කටයුතු නොකරයි නම් එය ඔබ විශ්වාශ කල සියලු දෙනාටමත් “විශාල මානසික සුවයක්” වනු ඇත.

  12. Basil silva says:

    Apita ona Mugabe vage nayakayek
    Ekata MaRa hondai
    Apita rata kana nayakayek ona
    Ape MaRa apita hondai

  13. aagamikaya says:

    Anamaduwe Nanda himiyo tho vage boorywek. Thoge mole pukeda?

  14. රතු මල්ලි says:

    මහින්ද මැතිදුනි… ඔබ මට අදත් වීරයෙක්! හෙටත් වීරයෙක්!

  15. David Milli-banda says:

    Here is the challenge……………………..Handover the Law & order Ministry to Kalaveddah, the looser who even lost his deposit in the Gampaha district in 2015 and was chased away by the Voters there.

  16. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේකෙ කමෙන්ට් කරන ආනමඩුවේ නන්ද හිමි නමින් ඉන්න චීවරධාරීයා හෝ කුලී ලියන්නා ඇතුලු විජේබාහු , ටොමී යන නම් වලින් ඉන්නා යහපාලන කුක්කොන්ගෙ ඇස් පොට්ට වෙලාද බැදුම්කරේ ට්රිලියනයක මංකොල්ලය නොපෙනෙන්න..අත් කොර වෙලාද ඒක වැරදියි කියලා ඒක කරපු එවුන්ගේ වැරැද්ද මේකෙ කමෙන්ට් කරන්න …අවස්ථාවාදී කාලකන්නි පර හැත්ත…

  17. lee says:

    Ela..

  18. lee says:

    Ela talk..

Main News