නීති විරෝධී හංසයා පක්‍ෂයේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය අවලංගුයි.. ජාත්‍යන්තර පූර්වාදර්ශය එයයි.. ව්‍යවස්ථාව මෙන්න.. මහින්දට බඹරය කැරකෙයි..

October 13, 2017 at 10:31 pm | lanka C news
නීති විරෝධී හංසයා පක්‍ෂයේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය අවලංගුයි.. ජාත්‍යන්තර පූර්වාදර්ශය එයයි.. ව්‍යවස්ථාව මෙන්න.. මහින්දට බඹරය කැරකෙයි..

ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 ව්‍යවස්ථාවේ ශ්‍රීලංකාවේ පුරවැසියකු විම හා ඔහුගේ නිත්‍යානුකූල භාවය ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාව අනුව ශ්‍රීලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත. එනම් ජනතාව මෙරටේ නිත්‍යානුකූල පුරවැසියන්ගෙන් සැදුම්ලත් වනුය, ඒ අනුව ජනතාව පරමාධිපත්‍යය රටේ උත්තරිතර වනු ඇත.

එමෙන්ම මෙරටේ විධායකය ව්‍යවස්තාදායකය හා අධිකරණය ජනතාවගේ පරමාධිපත්‍යය මත පිහිටුවා ඇත. එනම් රටේ සියලු කාර්යයන් සිදු වන්නේ මෙරටේ නිත්‍යානුකූල පුරවැසියන්ගෙන් සැදුම්ලත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය මගින් ඔහුන් විසින් ඔහුන්ගෙන් පත් කර ගන්නා නියෝජිතයින් හරහා ය.

ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) ව්‍යවස්ථාවේ අ. යටතේ ශ්‍රීලංකාවේ පිලිගත් දේශපාලන පක්ෂයකින් ශ්‍රීලංකාවේ පුරවැසියකු ජනාධිපති ධූරය සඳහා යෝජනා කල හැක්කේ ය යන්න පැහැදිලිව සඳහන් වේ වන අතර එය ජනාධිපති ධූරය සඳහා මූලික සුදුසුකමකි.

ඒ අනුව 2014 නොවැම්බර් මස 24 වෙනිදා ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවකට පැවත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලංකාවේ පුරවැසියකු තම අපේක්ෂකයන් ලෙස මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කෙරෙනු අතර එහි මෙරටේ ප්‍රධාන පක්ෂ දෙක පහත පරිදි වේ.

1. එක්සත් ජනතා නිදහස් සංධානය ( ඡන්දය ලකුණ බුලත් කොලය) වෙනුවෙන් එහි සභාපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා විසින් පක්ෂයේ ඒකමතික තීරණය අනුව එක්සත් ජනතා නිදහස් සංධානය සභාපති මහින්ද රාජපක්ෂ මහතා.
2. ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) එහි සභාපති ශලිල මුණසිංහ හා එම පක්ෂයේ ලේකම් ශ්‍යාමලී පෙරේරා විසින් එම පක්ෂයේ තීරණය අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා

මෙහිදී ඉහත පක්ෂ දෙකේ නියෝජිතයින් ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( හංසයා) ඡන්ද 6,217,162 එක්සත් ජනතා නිදහස් සංධානය ( බුලත් කොලය) ඡන්ද 5,768,090 ක් ද ලබාගත්තේය.

ඉහත ඡන්දය පවත්වා අවුරුද්දයි මාස 10 ක් ගතවනතුරු එම මැතිවරණයේ වැඩි ඡන්දය ලබාගත් පක්ෂය මෙරටේ නිත්‍යානුකූල නොවන පක්ෂයක් බව මෙරටේ ජනතාවට දැනගන්නට ලැබෙන්නේ පසුගිය දා විදේශ බැංකුවලින් මුදල් වංචා කොට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල එම පක්ෂයේ නායක සහ සභාපති ශලිල මුණසිංහ ශ්‍රීලංකාවේ පුරවැසියකු නොවන බැවිනි.

කරුණු එසේ නම් එදා 2015 ජනාධිපතිවරණය සඳහා ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) එහි සභාපති ශලිල මුණසිංහ හා ලේකම් ශ්‍යාමලී පෙරේරා විසින් ශ්‍රීලංකාවේ මැතිවරණ කොමිසම රවටා ඇති බැව් ඉතා පැහැදිලි ය. ඒ අනුව මේ වනවිට රටේ සමස්ථ ජනතාවගේ ස්වාධිපත්‍යයට වංචා කොට ශ්‍රීලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා කූට ලෙස ලේඛන සකස් කොට නිත්‍යානුකූල නොවන පක්ෂයක් විසින් නිත්‍යානුකූල බවට දිව්රුම් පෙත්සම් ඉදිරිපත් කරමින් නියෝජිතයකු ඉදිරිපත් කොට ජනතාවගේ පරමාධිපත්‍යයට වංචා කොට ඇත.

එමෙන්ම මෙවෙනි ශ්‍රීලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයකු විසින් අටවා ගත් නිත්‍යානුකූල නොවන පක්ෂයක් හරහා නියෝජිතයකු ඉදිරිපත් නොකලේ නම් ශ්‍රීලංකාවේ පුරවැසියන්ගේ සැදුම්ලත් නිත්‍යානුකූල පක්ෂයක් විසින් ඉදිරිපත් කල නියෝජිතයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇත.

සුසන්තිකා ජයසිංහ 2000 වසරේ ඔලිම්පික් සඳහා ඉදිරිපත් වී තෙවැනි ස්ථානයට පැමිණ ලෝකඩ පදක්කම දිනාගත් අතර එහි පලමු ස්ථානය දිනාගත්තේ ඇමරිකානු ක්‍රීඩිකාවක් වු මේරියන් ජෝන්ස් ය. එහෙත් පලවෙනි ස්ථානයට පැමිණි මේරියන් ජෝන්ස් ධාවනය නීති විරෝධී යයි ඊට වසර 4 කට පසු හෙලිවීමෙන් පසු ලෝක ඔලිම්පික් කමිටුව විසින් ඇයගේ එම ජයග්‍රහණය අහෝසි කොට ජීවිතාත්තය දක්වා නැවත තරග කිරිම තහනම් කලේ ය. ඒ අනුව දෙවෙනි ස්ථානයේ ක්‍රීඩිකාව පලවෙනි ස්ථානයටත් සුසන්තිකා ජයසිංහ දෙවෙනි ස්ථානයට පත්කොට ඇයට වසර 4 කට පසුව ලෝකඩ වෙනුවට රිදි පදක්කම ලෝක ඔලිම්පික් කමිටුව පිලිගැන්විය.

මේ අනුව බලන කල 2015 ජනාධිපතිවරණය සඳහා ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) එහි සභාපති ශලිල මුණසිංහ හා ලේකම් ශ්‍යාමලී පෙරේරා විසින් ශ්‍රීලංකාවේ මැතිවරණ කොමිසම රවටා නියෝජිතයකු ඉදිරිපත් කොට ජයග්‍රහණය කිරිම මොන විදියට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසම විමර්ශනය කරන්නේ ද යන්න ජනතාව මෙන්ම නීති කේෂ්ත්‍රයේ පිරිස් බලා සිටි.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදි ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මෙරටේ පුරවැසියකු නොවන පුද්ගලයකු වශයෙන් එහි සභාපති ශලිල මුණසිංහ කටයුතු කොට ඇත. එමෙන්ම ඒ හරහා ශ්‍රීලංකාවේ පිලිගත් දේශපාලන පක්ෂයක් ලෙස එම විදේශිකයාට විසින් මිලදී ගත් පක්ෂයක් කූට ලේඛන සකස් කොට ජනාධිපතිවරණය හරහා මුලු මහත් ජනතාව මුලා කොට ඇත.

එමෙන්ම මෙම විදේශිකයා එම පක්ෂයේ සභාපති ලෙස නිලධාරි මඩුල්ලක් ඇතුළු ලේකම් පත් කොට පසුගිය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කොට එම පුද්ගලයා ද නිතී විරෝධී පෙළඹීමකට පත්කොට ඇත. එමගින් රටේ නිත්‍යානුකූල පුරවැසියන්ගෙන් සැදුම්ලත් පිලිගත් දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකු එම ජනාධිපතිවරණයේදි පරාජයට පත්කිරීමට කුමන්ත්‍රණය කිරිම මෙන්ම ශ්‍රිලාංකික ජනතාවගේ අයිතිවාසිකම් කඩ කොට මෙරටේ උත්තරිතර වූ ජනතාවගේ පරමාධිපත්‍යය බලය කූට ලෙස වංචා කිරිම නිති විරෝධිය.

66,207 Viewers

41 Comments to “නීති විරෝධී හංසයා පක්‍ෂයේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය අවලංගුයි.. ජාත්‍යන්තර පූර්වාදර්ශය එයයි.. ව්‍යවස්ථාව මෙන්න.. මහින්දට බඹරය කැරකෙයි..”

  1. aagamikaya says:

    Deviyanvahanse rate janayata a dare nisa me deya side kalata obavaha nseta isthuthi wewa.Deviyani me amana palakayagen rata bera duna manava.

    • සිරිකොත අරක්කැමි says:

      මේක අපේ රවිගේ උපක්‍රමයක් ලිට්ත්‍රෝ ගෑස් සභාපති බැංකු මංකොල්ලය අල්ලා දීලා උගේ හංසයා පක්ෂය නීතිවිරෝධී කරලා ජනාධිපති කොමිසම එතකොට අහෝසි වෙනවා. එතකොට ඔක්කෝම බේරෙනවා. මොකද නිතිවිරොධි ජනාධිපතිවරයා පත්කල කොමිසමක් ඔහු ඉවත් වෙනකොට බල රහිත වෙනවා.

      • Amda says:

        😀
        Quite Possible

        • Ananda says:

          ඔන්න ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමක් දැනුයි වැඩ කරන්නේ….

        • Sathya says:

          Leagal Luminaries should answer solve this question.

          CAN A POLITICAL PARTY COULD BE CONSIDERED AS DISQULIFIED FOE FEILDING CANDIDATES FOR ANY ELECTION, WHEN THE PRESIDENT OF THAT PARTY IS A NON NATIONAL OR A DUEL CITIZEN.

          This has to taken to Supreme court to give their ruling.
          That Joker Mako will tell some moda jokes and try to eveade and save his face.
          He will say ball is in AluthKade court, while his balls hangs between legs.

    • ඇත්ත says:

      ලංකාව යනු නීතියේ පාලනය පවතින රටක් ද? ‍මේ කථා සාප්පු පමණි. 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන වෙලාවේ මේ කයිවාරැ ගහන සෙට් එක කොහෙද හිටියේ්‍…..මොකද ඒ වෙලාවේ විරෝධතා ගත්තෙ නැත්තෙ….අස්වයා ගිය පසු ස්තාලය වහන්න අපේ සිංහලයින් සූරයින් ය.

    • Democrats for anti corruption says:

      මේ ජනාධිපතිවරයා පත්වු විගසම එවකට හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ලියුමකින් ජනාධිපතිවරයා විසින් ඉවත් කලේ ඔහුගේ වරදක් නිසා නොව ඊට පෙර සිටි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කල නිත්‍යානුකූල දෝෂාභියෝගයේ අඩුපාඩුවක් නිසාය.
      කරුණු එසේ නම් රටේ අගවිනිසුරුවරයාට අත් වු ඉරණමට සමාන තත්ත්වයක් නිත්‍යානුකූල පිලිගත් දේශපාලන පක්ෂයක් නොමැතිව ජනාධිපතිවරණයේ ඉදිරිපත් වීම අතීතයට බලපානු ඇත.
      ඒ අනුව ඒ අනුව 2014 නොවැම්බර් මස 24 වෙනිදා ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවකට පැවත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලංකාවේ පුරවැසියකු තම අපේක්ෂකයන් ලෙස මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කෙරෙනු ලැබුවේ නිතිවිරෝධි පුද්ගලයකු ගේ දේශපාලන පක්ෂයක් විසිනි. මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණයක් ස්වාධීන මැතිවරණ කොමිසම ලබාගෙන ඒ අනුව දැන් ක්‍රියාත්මක විය යුතුය.
      නැත්නම් හොරාගේ අම්මාගෙන් පේන අහපු වගේ වරද කිරිමට අනුබල දුන් මැතිවරණ කොමිසමම තනිව තීරණයක් නොගත යුතුය.

      • nalaka says:

        ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමකට යන්න ගම්මන්පිල ඉදිරිපත් වෙයිද?

  2. Christopher says:

    Great! This is one step forward sending this Yamapalana home.

  3. Gamage3 says:

    පොතේ නම වෙනස්කරන්න වෙනවා “අවලංගු ජනාධිපති තාත්තා” කියල

    • Jonaa'S Brother says:

      අනේ සහෝ !ගමගෙ3 මයි 3 සම්බන්ද නැහැනෙ, ඒ පොතෙන් කොපියක් මටත් තියන්න.
      “සිත්යාය මත අපේ මල් යාය යළි පිපේ”
      හිටන් හුටන් වෙන දිනය ඇතක නොවේ සෙනසුරු මාරුව බලපාලා, මතකද ලඟදි තිරුපති ගියා, මොකක්ද තියා බිත්තියෙ හුණු ගාගත්තා,,සියලු සිද්දීන් ලස්සනට සිදුවෙයි
      මල් වඩම් අනවශ්යයි

  4. anil ..R... says:

    දැන් JVP අනුර කුමාරලා රට වටේ යයි මේක මහින්ද කාලෙත් දිනපතාම සිදුවුණා කියමින්..

    • සුනිල් says:

      අනුර කුමරල කවුද කියල දැන් මේ රටේ කවුරුත් දන්නව.
      ඒ  නිසා උන් රට වටේ නෙමේ ලෝකෙ වටේ ගියත් මේ රටේ මිනිස්සු දැන් උන් කියන ඒව තුට්ටවකටවත් ගනන් ගන්නෑ.

  5. David Milli-Banda says:

    Deiyo Sakki !!!!! ranilayata otunna pahala wela wage……
    keliya neda thappeta !!!!!!!!!!!!!!!

  6. කිරිහොඳා says:

    ඔන්න දැන් ඒ දවස්වල පොල් ගහපු ඒව ටික, ටික වැඩ කරගන එනවා. සාර්ථක ප්‍රථිථල සඳහා නොනවත්වා පොල් ගසමු.

    • Kumara says:

      හොර පොල් ගහන්ඩ එපා

      • සුවාරිස් says:

        මොන පොල් හරි කමක් නැහැ,
        ගහපල්ලා මේ යමපාලනය මකබෑ වෙන්ඩයි 
        කියල හිතාගෙන.

  7. siraa says:

    Wena deewal nemeyine owa

  8. Kumara says:

    බයියන්ට දැන් චූන් ඇති..හික් හික්

    • Saman says:

      ටොයියන්ට බඩ යනව ඇති.

    • Pemasiri says:

      Kumara…

      Ratata me tharam winasayak karapu palakayanta kade yanna ubata puluwan une kohomada?

    • Kumara දැන්වත් කඩේ වහපං හික් හික් හික් හුහුහුහුහුහු

      • Kumara says:

        එහෙම කඩේ වහල කොහොමද? කවුද එතකොට අපිට කොමෙන්ට් එහෙකට රුපියල්
        1,600/=  ගනනෙ ගෙවන්නෙ?

        • sanjeewa says:

          comment වලටත් සල්ලි ගෙවනවද ………පොඩ්ඩක් කියල දෙනවද කොහොමද ගන්නේ කියල

  9. john the baptice says:

    ගමරාලට කද බැදගන්න වේවි

  10. Saradiel says:

    ගමරාළ අලි වල්ගයේ එල්ලී දිව්‍ය ලෝකයේ ගියා වගේ දැන් වෙලා තියෙන්නේ

  11. Supundias says:

    Thirupathi giyot kelawenawa. Ranila digatama pairadunai ekai, mahindata giya saire kela wune ekai. Hitan gona wage giya thirupati. Dan utat kelawuna.

  12. Manel says:

    Do not get excited. Nothing will happen.

  13. රාහුල කොලුවා says:

    සැබවින්ම මෙය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්විය යුතු කරුණකි. පලමු කරුණ වන්නේ විදේශිකයෙකුට මෙරට දේශපාලන පක්ෂයක නායකත්වයට පත්විය හැකිද යන්නයි. එය නීති විරෝධි වේ නම් දැන් එය නීත්‍යානුකූල කිරීමට ආණ්ඩුවට සිදුවෙයි.. එසේ නීත්‍යානුකුල නොකලහොත් එහිදී පසුගිය ඡනාධිපතිවරණයේ හංසයා පක්ෂයේ නීත්‍යානුකූලභාවය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වෙයි. නීත්‍යානුකූල කිරීමට නම් අතීතයට බලපාන විදිහට විදේශිකයෙකුටද මෙරට දේශපාලන පක්ෂයක නායකත්වය දැරිය හැකි බවට මැතිවරණ නීතිය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කල යුතු වෙයි. එයට පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයට අමතරව ඡනමත විචාරණයකට යන්නට සිදුවෙයි.. හොර අයිඩෙන්ටිටි කාඩ් එකක් උප්පැන්න සහතිකයක් හදා ගන්න පුළුවන් රටක, අයිඩෙන්ටිටි කාඩ් එක මත පමණක් විශ්වාසය තබා රටක පුරවැසිභාවය පිලිගෙන කටයුතු කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමේ අනිටු පල විපාක පේනවා නේද..?

  14. අනාථ ජනයා says:

    මේ ආන්ඩුව කලේ හැමදේම නීති විරෝධී සහ වයවස්තා විරෝධී වැඩ. නීති හදන වුන්, නීති ක්‍රියාත්මක කරන වුන්, නීති තීන්දු දෙන උන් වගේම මහජන සේවයේ නියුතු හැම එකාටම අමුකැවිලා වගේ තමා වැඩ. හැමතැනම නපුංසක විදිහේ වැඩ. වහාම පසුගිය ජනාධිපතිවරණයයේ ප්‍රතිඵල අවලංගු කර නැවත ජනාධිපතිවරණක් පැවත්විය යුතුයි. එහෙම නොකලොත් මහජනතාව පාරට බැහැල මේක වෙනස් කලයුතුයි. මේ නීතිවිරෝධී වැඩ එක පිට එක කල මේ ආන්ඩුවෙ සියලු දෙනාම නීතියට යටත් කර දඩුවම් කල යුතුයි

  15. දුගී_පුරවැසියා says:

    ටොයියනේ, දැන් බෝධිපූජා පවත්වපල්ලා.

  16. රණහඩ says:

    වෙල්විදානේ දුවගේ පෙර පුරුෂය ලඟට පැනපං

  17. Gamaya says:

    Den adhikaranyen wimaseemata pethsamak kawru ho purawasiyek idiripath kala yuthui

  18. naliya says:

    onna ranil oyata chance eka badumkara seen ekin berenna mahinda ekka katakaragena sirawa pannala mahindawa patkaraganna etakota ubat birela ratat bera ganna puluwan

  19. අරුණ says:

    මං දකින හීන !……………………. සිරි-ලංකාව කියන්නනේ නීතිය හරි ව්‍යවස්ථාව හරි ක්‍රියාත්මකවෙන රටක් නොවෙයි……..

  20. නාමල් says:

    දැන් මේක දැකලා මෛත්‍රී ජනාධිපති කම බන්දේසියක තියලා පර්සිට දෙයි කියලා හිතන් ඉන්න බයියන් වෙනුවෙන් විනාඩි 58ක නිශ්ශබ්දතාවක් 😂😂😂

  21. සම්පතා says:

    අනා….කොහොම හරි එලවමු….

  22. Saradiel says:

    හංසයා කාපුවා වමාරන්න වෙන දවස අත ලග

  23. Minimuthu says:

    ලංකාවෙ සාධාරන නීති පොතක් කෝ? වාසි පැත්තට හෝයියා කියන චාරයකට නැති දේශපාලනයක්. ඉහේ ඉඳං මඩ නාගන්නවා. දැං බලමු ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසි නිසා මංත්‍රී ධූරය අහෝසි කරන්න යන අතරේ චන්ද්‍රිකා ද්විත්ව පුරවැසි කම තියාගෙන අත්තනගල්ලේ නව සංවිධායක වුනා. කෝ මේවාට උත්තර?

Main News