නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට…

July 17, 2017 at 8:02 am | lanka C news
නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට…

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම අද (17) පෙරවරු 10.00 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙ පිළිබදව අදහස් පළ කළේ මෙලෙසයි.

“එම රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5 ක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා. ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියළුම අංගෝපාංග එම රෝහල සතුයි. රෝහල ඉදිකිරීම සදහා ලබාගත් බැංකු ණය සියල්ලම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබනවා. මෙය දානමය පරිත්‍යාගයක්. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එය අගෝස්තු මස 01 සිට ක්‍රියාත්මක කරනවා. සයිටම් වෛද්‍ය පීඨයේ එක් ගැටළුවක් වන රෝහලට රෝගීන් නැතිවීෙමි ප්‍රශ්ණය මෙමගින් විසදන්න පුළුවන්. නැගෙනහිර කොළඹ ජනතාවට මහරෝහලක අවශ්‍යතාවයක් ද තිබුනා. විශේෂඥ වෛද්‍යවරු 44 ක් මෙහි සේවය කරනවා. තවත් වෛද්‍යවරු 70 කට අධික සංඛ්‍යාවක් මෙහි සේවය කරනවා. අඩුපාඩු සකස් කරමින් මහජන සේවාවන් සදහා එය විවෘත කිරිමෙි දී විශාල ජනතාවකට සෙත සැළසෙනවා. තව ද විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132 ක මුදල ඉතිරිකර ගැනීමට හැකියාව ලැඛෙනවා. මෙමගින් තවත් ආයෝජන ව්‍යාපෘති ලැඛෙන්න පුළුවන්. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සියයට 100 ක් ම දේශීය ආයෝජනයක් වීම ද වැදගත්.”

– ප‍්‍රසන්න අධිකාරී

6,969 Viewers

8 Comments to “නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට…”

  1. Sunil Dahanayake says:

    The ultimate looser of this transaction is general public. The entire cost of this plotical blunder will be transferred to the poor ordinary public. That means they have to pay this money out of the Government Treausry. That means it will be financed out of the VAT and other taxes paid by the general public or “Appuhamys” in the village.

    The politicians are very smart and they know how to transfer the cost to the public. Who are the benefiaries of this transaction:

    1. Owner of the Hospital
    2. Ploticians who promoted this venture.

    • Disce aut (අම්ට​) descede says:

      Initial purchase price -Land Rs. 60,000 – 80,000 per perch. -few years ago
      Current valuation 1.3 million per perch.

      Neville F should THANK Anthare & GOMA ! What a profit !

    • Wijebahu says:

      Idiot, whats your problem, if government can get a modern hospital with all state of the art facilities with CT and MRI scanners free of charge. not only that Dr Neville fernando is paying rest of the loan as well. this is a very good deal for government who has provide health free of charge anyway. you baboons just critisize things for the sake of critisizing without any background knowledge. because you guys are used Rajapakse family haevy commsion based transactions.

  2. Chapa says:

    කොන්ද තියෙන එකාට වඩා… කොන්ද නැති එකාගේ වැඩ පට්ටයි බන්.

  3. AluthKade Saita says:

    සක්විති රණසිංහගේ හොර බැංකුවත් මෙලෙසින් රජයට පවරාගනු !
    සක්විති රණසිංහ වහාම නිදහස් කරනු!
    හොරු රජකරන යහපාලනය දිනේවා!

  4. Sihala Yaka - සිහල යකා says:

    අන්තරේ මෙහෙය වූයේ කවුරුන් ද ? අන්තිමට උනේ කුමක් ද ?

    කොල්ලො කෙල්ලො පාරෙ ගුටි කාපු එක​, මාස ගානක් අද්‍යාපනේ නැතිකර ගත්ත එක පමනයි.

    දිනුම නෙවිල් ප්‍රනාන් දු.

    සයිටම් පුද්ගලික විද්‍යාලෙ ඉගෙන ගන්න දරුවන්ට GOMA රජයේ රෝහල්තහනම්කළා. රජය යි නෙවිලුයිඑකතු වෙලා පුද්ගලික රෝහල රජයේ එකක් කලා.
    ඇරිය නේද නියම ඇරිල්ලක් ඈ ?

    Appa method . you must know appaya at least now.

    • පහල sika says:

      දැන් JVP එක නෙවිල්ගෙන් ගාන ඉල්ලගන්න ඇති.

  5. Sinhala Girl says:

    This is not an answer for Private Medical College.
    Only thing is they (SAITM students) now have government hospital to practice.
    Now SAITM can run without problem.
    KOHOMADA RAJITHAGE TIKIRI MOLE !!!

Main News