නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගත්තා.. සයිටම් ආයතනය පවරගෙන නෑ..- කිරිඇල්ල

August 17, 2017 at 5:30 pm | lanka C news
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගත්තා.. සයිටම් ආයතනය පවරගෙන නෑ..- කිරිඇල්ල

මෙතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ මණ්ඩපය වශයෙන් පැවති වව්නියාව මණ්ඩපය වන්නි විශ්වවිද්‍යාලය වශයෙන් පත්කිරීමට පිලිගෙන ඇති බවට උසස් අධයාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ අද (17) යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් කියා සිටියේ,මෙතෙක් පැවති වව්නියාව මණ්ඩපය වන්නි විශ්වවිද්‍යාලයක් වශයෙන් පත් කිරීමට අවශ්‍ය සියලු පයවර අරන් ඉවරයි තවත් නීතිමය පියවර එක්ක් හො දෙකක් පමණයි මේ සඳහා ඉතිරිව ඇත්තේ ඉතා ඉක්මනින් ඒ කටයුතුත් අවසන් වෙනවා,

මෙහිදී ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ, මොන මැතිවරණයක් තිබුණත් අලුත් ක්‍රමයට හරි පරණ ක්‍රමයට හරි එක්සත් ජාතික පක්ෂය සූදනම් අපි දිනනවා අපි මේ වෙනකොට ජනාධිපතිවරනය දිනුවා පාර්ලිමේන්තු මැතිවරණය දිනුවා අයේ මොනව පෙන්නන්නද මේ වසරේ දෙසැම්බර් අවසානෙට පලාත් පාලන මැතිවරණය අනිවාර්යෙන්ම එයි පසුව පලාත සබා අවශ්‍ය වුනොත් එක්ත් තියනවා ඒකත් දිනනවා අපි මැතිවරණයට බය නැහැ,

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ,

‘දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූරණයෙන්ම තියෙන්නෙ රජය අතේ නමුත් සයිටම් ආයතනය රජයට පවරගෙන නැහැ ඒක අපිට පවරගනන බැහැ ඕන වුනත් බැහැ මේක තේරුම්ගන්න බැහැනේ සයිටම් විශ්වවිද්‍යාලය අධිකරණයෙන් පිළිඅරන් තියනවා ඉතිං අධිකරණයෙන් පවරගත්තු එකක් කොහොමද රජයට පවරගන්නේ අපි පවරගත්තොත් ඒ සිසුන් අපිට නඩු දායි අනිත් එක 2011 මේක පටන්ගත්ත කාලේ කව්ද විරුද්ධ වුනේ ගිය ආණ්ඩුව මිලියන 600 ක් දුන්නා සයිටම් එක පටන් ගන්න කියලා ඒ කාලේ කව්රුත් කෑගහන්නේ නැතිව ඇයි දැන් කෑගහන්නේ ,

‘අද විශ්වවිද්‍යාල වල ආචාර්ය වරු මහාචාර්ය වරු ළමයින්ට නායකත්වය දෙන්න ඕන නමුත් අද වෙලා තියෙන්නෙ නායකත්වය දෙන්නෙ ළමුන් කතිකාචාර්ය වරුයි මහාචාර්ය වරුයි ළමයි පස්සේ යනවා ලැජ්ජයි කියන්න ,

වංචා දූෂණ විමර්ශනය හා අනෙකුත් කටයුතු සඳහා අධිකරණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍ය වරයා කියා සිටයේ .

‘සාමාන්‍යෙයන් දැන් නඩුවක් ඉවරවෙන්න අවුරුදු 10 ක්වත් යනවා ඒ නිසා ඒ අධිකරණ කටයුතු ඉක්මන් කරන්න අපි ඉදිරියේදී අධිකරණ කිහිපයක්ම ඇති කරනවා එතකොට නඩු කටයුතු ඉක්මන් වේවි’

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,252 Viewers

2 Comments to “නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගත්තා.. සයිටම් ආයතනය පවරගෙන නෑ..- කිරිඇල්ල”

  1. YAMA DUTHA says:

    He takk about his mother’s work

  2. දැන් කිරිල්ලගේ කුරුල්ලා පැන්‍ෂලු එවිට මොනවා හරි කියවනවා අර ඕනම මෝඩයෙකුට යුද්ද කොරන්න පුලුවන් වගේ බීපන්කෝ වියාග්‍රාවත් කුරුල්ලා පනගන්වන්න​???????????

Main News