නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් අලුත් බැංකු ගිණුමක් ඇරියා.. අපි ඒකට සල්ලි දානවා..- සෞඛ්‍ය අමාත්‍යංශය

September 21, 2017 at 6:30 am | lanka C news
නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් අලුත් බැංකු ගිණුමක් ඇරියා.. අපි ඒකට සල්ලි දානවා..- සෞඛ්‍ය අමාත්‍යංශය

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ නව බැංකු ගිණුමක් ස්ථාපිත කර ඇති බවත්, අමාත්‍යාංශයෙන් ලබාදෙන මුදල් එම ගිණුමට බැර කර ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

තවද මෙම රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල නමින් පවත්වාගෙන යනු ලබන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට කරන ලද පරිත්‍යාගය ඇගයීම හේතුවෙන් මිස රෝහලෙහි අයිතිය ඔහු සතු නිසා නොවන බව එම නිවේදනයේ දැක්වෙයි.

– ප‍්‍රසන්න අධිකාරී

6,084 Viewers

5 Comments to “නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් අලුත් බැංකු ගිණුමක් ඇරියා.. අපි ඒකට සල්ලි දානවා..- සෞඛ්‍ය අමාත්‍යංශය”

  1. කයිතං says:

    තවම ඔය කියන රෝහල රජයට පවරන ලියකියවිලි අත්සන් කරල නෑ. තියෙන්නෙ ඉදිරියේදි දෙන්න කැමැත්ත දක්වන ලියුමක් විතරය. ඉතින් කොහොමද ජනතාවගෙ බදු මුදල් පුද්ගලික ගිණුමකට දාන්නෙ? ඊලඟ ආණ්ඩුවක් ආවම කූරු ගනින්න ලෑස්ති වෙයවි.

  2. Nandasoma says:

    රජයට පවරා නොගන්නා ලද පෞද්ගලික ආයතනයකට සල්ලි දාන්න පුලුවන්ද? සිල් රෙදි බෙදන්න විතරමද බැරි??

  3. Chami says:

    අම්මප මේ රාජිතය මැරෙන්නෙ කවද්ද?

  4. saitm kukka says:

    Rajaye mudal pudgalika ginumakata daana saukya amathita thibena balaya saha aithiya kumakda? Kohenda? Kathawa hariyata neethyanukula wedak karala wagei. Mewata yahapalanaye nayakayoth wagakiyanna ona . Wagakiyanna wei.

  5. Asaadaranaya says:

    Dan rata paalanaya karanne janadipathida nathnam rajithada? Ehema nathnam Rajaye mudal me widiyata neethiwirodeewa pudgalika ginum walata denna puluwanda. Ammage appage budalayada?

Main News