නොමිලේ ගිලන් රථ සේවාවකට ජර්මනියෙන් හෙළිකොප්ටර් 24ක්, ගිලන් රථ 1050ක්.. හදිසි ආපදා රථ 240ක්..

May 19, 2017 at 6:40 am | lanka C news | ලංකා සී නිවුස්
නොමිලේ ගිලන් රථ සේවාවකට ජර්මනියෙන් හෙළිකොප්ටර් 24ක්, ගිලන් රථ 1050ක්.. හදිසි ආපදා රථ 240ක්..

දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සදහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට ඛෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි.

ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම සමාගම් සහ එරට රජයේ ආර්ථික කටයුතු සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයින් මෙන්ම ජර්මන් රජයේ නිලධාරීන් සමග විශේෂ සාකචිඡාවක් ඊයේ (16) පවත්වන ලදි. ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයක දී රෝගීන් ප්‍රවාහනය කිරිම සදහා ජර්මනියේ එයාර් බස් සමාගම හෙළිකොප්ටර් යානා 24 ක ආයෝජනයක් සිදු කිරීමට මෙහිදී පොරොන්දු විය. දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාව සදහා ගිලන් රථ 1050 ක් සහ හදිසි ආපදා රථ 240 ක් ලබාදීමට ඛෙන්ස් සමාගම මෙහිදී පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඉන්දීය රජය විසින් දැනට ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක කර ඇති ගිලන් රථ සේවාව මගින් ජනතාවට විශාල සේවාවක් ඉටු වෙයි. ඒ ආකාරයට ජනතාවට නොමිලයේ ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජර්මනිය ලබාදෙන සහයෝගය අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය.

මෙම ආයෝජනය අඩු පොලී අනුපාතයක් යටතේ සිදුවන බවත්, එය කඩිනමින් ආරම්භ කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මෙවැනි සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා මතුව ඇති අවශ්‍යතාවය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ජර්මන් නියෝජිතයින් දැනුවත් කළ අතර, ඊට ඔවුන්ගේ ප්‍රසංසාව හිමි විය. මෙම ගිලන් රථ සේවාව සදහා අවශ්‍ය මානව සම්පත ශ්‍රී ලාංකිකයින්ගෙන් ලබාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ජර්මනියේ දී ලබා දීමටත් ඛෙන්ස් සමාගම එකඟත්වය පළ කර ඇත.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

20,447 Viewers

12 Comments to “නොමිලේ ගිලන් රථ සේවාවකට ජර්මනියෙන් හෙළිකොප්ටර් 24ක්, ගිලන් රථ 1050ක්.. හදිසි ආපදා රථ 240ක්..”

  1. Damian says:

    Will the GMOS tell us not to use this as this too is a German attempt at spying on Sri Lanka?

    • මෝදින් says:

      ඈ බොලං අමතක උනාද????
      දැන් අපේ පාර්ලිමේන්තුවෙ ඉන්නේ රටට පලදායි කිසිම වැඩක් නොකරපු නොහිතපු ලෙඩ හිටපු ගමන් හැදෙන වයසක උන්දැලා ටිකක් නොවැ …
      ඒක ගැන හිතල ජර්මානුවො හෙලිකොප්ටර් දීල …
      සිංගප්පූරුවෙ මවුන්ට් එළිසබත් ඉස්පිරිතාලෙන් ඕනි වෙලාවක හිතුන ගමන් ගිහිල්ලා බෙහෙත් ගනිල්ලා කියල…

  2. Bobby Pereira says:

    Another Volkswagen story? We don’t trust either Kakkussi Kata or his media releases.

  3. බන්ඩය්යා says:

    එක තැනක කියනවා “නොමිලේ” ලු. තව තව තැනක කියනවා “අායෝජන” කරනවලු.
    තව තැනක කියනවා “අඩු පොලි අනුපාතයක් යටතෙ” ලු. ලෝකෙ කොයි පුද්ගලික සමාගමද නොමිලේ සමාජ සේවය කරන්නෙ? දතාගෙ බයිල බූරු ටොය්යන්ට හොඳය්.

  4. Sumane says:

    Ohommama Pitin Docala la gennaganna Kramayakuth baluwanam neda Honda.?

  5. හීන් බබා සීයා says:

    අප්පේ මම කියාපු දේ මේ උන්දැ ලස්සනට කියල තියෙන්නේ.මම දැන් මහත්තයලැ උපදෙසොකයෙක් නොවෑ…

  6. Champa says:

    ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයක දී රෝගීන් ප්‍රවාහනය කිරිම සදහා ‘නොමිලේ ආයෝජනයක්’ කරනවා? මේ කතාව මට නම් තේරුම් ගන්න බැහැ. නොමිලේ නම් ප්‍රදානයක් මිසක් ආයෝජනයක් නෙමෙයි.

    අගමැතිගේ පටන් හැම ඇමතිවරයෙක්ම විදේශිකයන් එක්ක ගනුදෙනු කරනවා. ගිවිසුම් අත්සන් කරනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ ගිවිසුම් වල තියෙන්නේ මොනවද කියලා. කතා කරලා එකඟ වෙන්නේ මොනවටද කියලා.

    කිසි ප්‍රමිතියක්, හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විදේශිකයනට නිදහසේ ලංකාවේ හැම ක්ෂේත්‍රයකටම රිංගන්න ඉඩදීලා තියෙනවා. බදු වලින් නිදහස් කරනවා. වෙනත් සහන දෙනවා. හැබැයි මේ කිසි දෙයක් ලංකාවේ ව්‍යාපාරිකයන්ට නැහැ.

    රනිල් එයාගේ හිතුමතේට ඉන්දියන් ගිලන් රථ සේවාව පටන් ගත්ත. GMOA එකට බැරිවුනා ඒක නවත්ත ගන්න. අඩු ගානේ අත්සන් කරපු ගිවිසුම ගැනවත් කවුරුවත් දන්නවාද?

    මෝඩි ඇවිල්ල කිව්වා රටේ අනිත් පළාත් වලටත් මේ සේවාව ව්‍යාප්ත කරනවා කියලා. ඉන්දියන් සමාගම් සූක්ෂම විදියට අපේ වාණිජ ක්‍ෂෙත්‍රය ආක්‍රමණය කරනවා. ඒ කාලෙම ඉන්දියන් ගිලන් රථ වර්ජනය කරන්න කියලා මිනිස්සුන්ට කිව්වා. කතාවෙන් විතරක් ඉන්දියන් වෙළඳ ආක්‍රමණ නවත්තන්න බැහැ. හැම සිංහලයෙක්ම ක්‍රියාවෙන් මේ විරෝධතා වලට එකතු වෙන්න ඕනේ. කතාවට විතරක් කරනවාට වඩා ප්‍රතිඵලදායකයි ගිලන් රථ වර්ජනය කලා නම්. තමන්ගේ රට වෙනුවෙන් ඒ තරම් සුළු දෙයක් කරන්න බැරිද?

  7. love nature says:

    අපේ මාලු ටික අරගන දෙන තෑගි

  8. Bakaladasa says:

    Can you visualize helicopter ambulances buzzing in the sky and German an Indian ambulances racing each other to save lives? All free of charge?

    Could you even dream these things under previous regime?

    😎

  9. "සාධාරණ සෝභිත​" says:

    අපි ජර්මනියේ වොක්ස්වැගන් කුලියාපිටියේ නිෂ්පාදනය කරන්නෙමු.වැස්සට නොතෙමී අව්වට නොවේලී රස්තියාදුවකින් තොරව ගමනක් බිමනක් යන්නට අක්කලාට නංගිලාට අපි දුන් පොරොන්දුව වොක්ස්වැගන්වලින් ඉටු කලෙමු.ජර්මනිය අපේ සුව සෙත තකා හෙලිකොප්ටර් දෙන බව ආන්ජලා මෙර්කල් චාන්ස්ලවරිය මට කීවාය​.සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර මර්ධනයට අපි ඒවා යොදා ගන්නෙමු.හෙලිකොප්ටරයේ ගොස් මදුරුවන් අල්ලන සාර්ථක ජර්මන් ක්‍රමවේදය අපි හෙළයට හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙමු.ලැබෙනා ගිලන් රථ 1050න් 50%ක්ම අපි යොදවන්නට බලාපොරොත්තු වන්නේ ඉන්දියාවෙන් අපට තෑගි දුන් අබලන් ගිලන් රථ ඇදගෙන යාමේ කටයුත්තටය​.ඉතිරි ගිලන් රථ 50%ම ඕනෑම සෞඛ්‍ය වර්ජනයකදී සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් වෙත රෝගීන් ගෙන යෑම වෙනුවෙන් වෙන් කරනු ඇත. වර්ජනවලට සාර්ථකව මුහුණ දෙන අන්දම ඕනෑම ජගතෙකුට පෙන්වන්නට හැකි නවීනතම විද්‍යාත්මක ක්‍රම වේදය එය වේ.හදිසි ආපදා රථ 240ම දියවන්නාවේ රඳවා තබන්නේ 225 දෙනා වෙනුවෙනි.
    “සැමට සරිලන සෞඛ්‍ය සේවයක්,නිරෝගීමත් ශ්‍රී ලංකාවක්”

    • බන්ඩය්යා says:

      සෝපිත අද නිවන් ගියෙ නැහැ, අපායෙ විඳවනව කියල මට කිව්වෙ නාග විහාරෙ දායක මහත්තයෙක්.

  10. kumara says:

    lets see what has mentioned in the airbus web..

Leave a Comment

Main News