නොරොච්චෝලේ යන්ත‍්‍ර දෙකක් නවතයි.. ජල විදුලිය 55%යි..

May 26, 2018 at 5:30 pm | lanka C news
නොරොච්චෝලේ යන්ත‍්‍ර දෙකක් නවතයි.. ජල විදුලිය 55%යි..

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදන යන්ත‍්‍ර දෙකක් අක‍්‍රිය කර දැමීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මෙසේ නවතා දමා ඇත්තේ දෙවන සහ තුන්වන උත්පාදන යන්ත‍්‍රයන්ය.

මේ අනුව බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයෙන් පමණක් විදුලිය නිපදවනු ඇති අතර මෙගාවොට් 200 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කෙරයි.

මෙම නඩත්ත කටයුතු ආරම්බ කරන ලද්දේ ජල විදුලි බලාගිරවලට අවශ්‍ය තරම් ජලය ඇති නිසා බවත් මේ දිනවල විදුලි ඉල්ලූමෙන් 55% ක ජල විදුලියෙන් නිපදවන බවත් මණ්ඩජලය කියයි.

දින 05 කින් පමණ මෙහි නඩත්ත කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.

6,786 Viewers

One Comment to “නොරොච්චෝලේ යන්ත‍්‍ර දෙකක් නවතයි.. ජල විදුලිය 55%යි..”

  1. Gadol says:

    එසේනම් දැන් වහාම විදුලි ගාස්තු අඩුකළ යුතුය

Main News