නොරොච්චෝල බලාගාරය නිසා පුත්තලම් ජනතාව අළු කන්දට යටවෙති..

June 13, 2018 at 4:40 pm | lanka C news
නොරොච්චෝල බලාගාරය නිසා පුත්තලම් ජනතාව අළු කන්දට යටවෙති..

පුත්තලම් දිස්ත්‍රික් ජනතාව සිය ජිවිත අවදානම වටහා ගනිමින් පලකළ විරෝධය නොතකා පසුගිය රජය කල නොරොච්චෝලේ විදුලි ජනන ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාව අළු කන්දකට යට වී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

නොරොච්චෝලේ ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

‘නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය නිසා එහි සේවය කරන පිරිස් වලට මෙන්ම එම ප්‍රදේශයේ ජිවත් වන ජනතාවට බරපතල පිඩාවක් සිදුව තිබෙනවා. නිවැරදි පරිසර සඛ්‍යතා අධ්‍යනයන්ගෙන් තොරව ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්‍ෂගේ කොමිස් ගැසීමේ ආර්ථික න්‍යාය පත්‍රයේ තවත් එක් පියවරක් ලෙස නොරොච්චෝලේ ව්‍යාපෘතිය හැදින්විය හැකිය.

මාගේ දිස්ත්‍රික්කයේ ජනතාව සිය ජිවිත අවදානම වටහා ගනිමින් පලකළ විරෝධය නොතකා පසුගිය රජය මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කරනු ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදය වැළලී ගිය පසුබිමක එම ජනතාවට එදා සිදු වුයේ හැඩු කඳුලින් ඒ දෙස බල සිටීම පමණි.

අද වනවිට මෙම අක්‍රමවත් සංවර්ධන මාෆියාවේ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීමට මගේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කොටසකට සිදුවීම අතිශය කණගාටුදායක තත්වයකි. නොරොච්චෝලේ බලාගාරයේ අපද්‍රව්‍ය මේ වනවිට ඒ අවට වැසියන්ගේ හදවත් රෝගී කර ඇති අතර කුඩා දරුවන්ගේ ශ්වසන පද්ධති ද ආක්‍රමණය කර අවසන්ය.

පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජන කරන ආණ්ඩුවේ නායකයා වන මා හට ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉල්ලිමකටත් වඩා ජීවිතය බේරා දෙන ලෙස කරන ආයාචනයක් ලෙස මට හැඟී යයි. ගල් අගුරු දහනයෙන් ඉතිරිවන අළු, කන්දක් ලෙස ගොඩ ගසා ඇති අයුරු අන්ධයෙකු නොවන ඕනෑම පුද්ගලයෙකුට දැකගත හැකි කරුණක්.

අප පවසන්නේ මෙවැනි ව්‍යාපෘති සහමුලින්ම පරිසර හානියක් නොවන ලෙස කල හැකි ව්‍යාපෘති ලෙස නොවේ. කෙසේ වෙතත් එම හානිය අවම කිරීමේ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම තිබිය යුතු බව අමතක නොකළ යුතු කරුණකි. අවස්ථා ගණනාවකදී මා එම ප්‍රදේශය වල සංචාරය කර දෙඇසින්ම එම ගැටලුව නිරීක්ෂණය කල අයෙකි.

අවස්ථා ගණනාවකදී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අළු කන්දේ ශාපය පිළිබද දැනුවත් කල ද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව එම ජනතාව මැසිවිල් නගයි. අදවන විට LMG සහ ගල් අගුරු මාපියාව ලෙස දෙපිරිසක් බෙදී සටං කරන බව රහසක් නොවේ.

පසුගිය කාලයේ ගල් අගුරු ටෙන්ඩර්, පෞද්ගලික විදුලි මිලදී ගැනීම් වැනි මාතෘකා කරළියට පැමිණියේත් දිගු කාලින විදුලි සැලසුම් බාලගිරි දෝෂයට ලක් වුනෙත් මෙම ගැටුම නිසා බව කිව යුතුය.

මේ වන විටත් විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කරමින් විදුලි ජනන සැලැස්ම ඉල්ලා සිටින අතර එය ලබා දීමට බලධාරීන්ට කොන්දක් නොමැති වීම ගැටළු සහගතයි.

මාෆියා සමඟ නොව මෙවැනි අවස්ථාවක අප ගනු දෙනු කල යුතුව ඇත්තේ පිඩාවට පත් ජනතාව සමඟ බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කලේය.

අළු කන්දෙන් වන පිඩාව අවම කිරීමට තාප්ප බදින බවත් විවිධ විසඳුම් ලබා දෙන බවත් පසුගිය කාලයේ පොරොන්දු වුනා. එහෙත් විදුලි බල මණ්ඩලයේ බලයට වඩා සල්ලි හුරා කන ව්‍යාපාරිකයන් පිරිසක ගේ ප්‍රබලත්වය නිසා ඒ කිසිවක් සාර්ථක වී නැත.

බලශක්ති ක්ෂේත්‍රය තුල සිදුවන මුදල් හුවමාරුව නිසා අප රට තුල ඒ හා සම්බන්ධ මෆියාවන්ද අඛණ්ඩව වර්ධනය වෙමින් තිබේ. අළු කන්දේ අළු ගෙවල් තුලට අනවසරයෙන් කඩා වදින විට ජලයට මිශ්‍ර වීමෙන් වතුර පොදක් සොයා ගැනීමේ ගැටලුවට ද මගේ දිස්ත්‍රික්කයේ මෙම ජනතාව අද මුහුණ දී සිටියි.

ප්‍රභූ රජයක් පරාජය කර සාමාන්‍ය ජනතාවගේ රජයක් පත්කර ගත්තේ මෙවැනි ගැටළු දැක කල් මැරීමට නොවන බව පුන පුනා කිව යුතු නොවේ. එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ නායක ලෙස මෙම කරුණ අතිගරු ජනාධිපතිතුමන් වෙතද දැනුවත් කිරීමට තමන් පියවර ගත් බවද රජය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.

– මාධ්‍ය ඒකකය

9,718 Viewers

9 Comments to “නොරොච්චෝල බලාගාරය නිසා පුත්තලම් ජනතාව අළු කන්දට යටවෙති..”

  1. Niru says:

    This idiot will preach this and then go to his air conditioned room where the power comes from Norichcolei and paid by poor people in Sri Lanka. If there is a problem in the power plant go and sort that without blaming your father and mother. No wonder nothing happens in this country when set of baffons like this are going round blaming condoms for their existence

    • ranjith fernando says:

      This donkey does not know that the waste product can be used to make cement. Go and check it out donkey

  2. බන්ඩා says:

    බූරුවෙක් බ්‍රෑ කියනවා. මහින්ද එදා පුත්තලම ගල‍් අඟුරු බලා ගාරය හැදුවෙ නැත්නම් අද වෙන කොට පැය 12 ක විදුලි කප්පාදුවක් වෙන බව මේ බූරුවා දන්නේ නැහැ. ඒ මදිවට ජහපාලනය/එජාප ය විසින් කිසිම විදුලි නිශ්පාදනා ගාරයක් තමන්ගෙ කාලය තුල පටන් ගත්තේ වත් නැහැ.

  3. Gayantha says:

    Solar energy walata rata yanna ona ( nuclear ekath hodai eeth safety paitta thamai gataluwa). Thawa 10 yrs wali wath solar walin ratama duwanna hadaganna moka rata karath. Puluwan tharam diesel galaguru ayeen karan yanna ona kramanukulawa. Mai okkoma prashna jathika prathipaththiyak naithi eka. Godak diyunu ratawala ekama waidapiliwela thiyenne kawuru balayata awath podi podi wenas kam ekka. Lankwai awula haimadama chanda manasikathwayak ekka kawuruth long term project hariyata nokirima. Maika nan hadanna puluwan ratak newai mai inna deshapaluwoi niladari rajyasewakayoyi ekka

    • බන්ඩා says:

      නොදන්න මගුල් කියන්න එපා යකෝ. කොය් දියුනු රටේද විදුලිය සඳහා ගල් අඟුරැ හෝ පරමානු බල ශක්ති පාවිච්චි නොකරන්නෙ? සෝලර් පවර් වලින් රෑට විදුලිය දෙන්නෙ පුලුවන්ද? බැටරි චාර්ජ් කොරගෙනද?

  4. බෙර හඬ says:

    කුමන රජයෙන් කලත් ගල් අඟුරු බලාගාර වලින් සිදුවන විපත මෙයයි. තාම ඇසිඩ් වැසි පටන් ගත්තේ නැත. සූර්ය බලය භාවිතා කිරීම පමණයි මේ වනවිට ඇති විසඳුම.

  5. Thilan says:

    Awurudu thunak giyada meyata mewa matak wenna..api nam chandaya dunne mechchara kal ganna neme, mula dawas walama Janathawa matak wei kiyalai..dan gilenna yanakota tama meyalata Sanchara matak wela tiyenne…

Leave a Comment

Main News