සභාපතිගේ නිවසට විදුලිය දෙන්න බෑ කියයි.. ලංවිට එරෙහි මානව හිමිකම් නඩු..

September 19, 2018 at 8:02 am | lanka C news
සභාපතිගේ නිවසට විදුලිය දෙන්න බෑ කියයි.. ලංවිට එරෙහි මානව හිමිකම් නඩු..

තමන්ගේ නිවස සදහා අලුතින් විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සදහා ඉල්ලුම්පතක් විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කලත් තම නිවසට ආසන්න නිවසක විදුලි සම්බන්ධතාවයක් හේතු කර ගනිමින් තම නිවසට විදුලිය ලබා දීම ප්‍රමාද කිරීමට විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් කටයුතු කරන බවත් එසේ කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සමාන ලෙස සැලකිලි ලැබීමට තිබෙන අයිතිය උල්ලංඝණය කර ඇති බවත් සදහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලේ තවදුරටත් සදහන් කර ඇත්තේ කෙරවරපිටිය ස්භාවික වායු විදුලිබලාගාරය චීන සමාගමකට ලබා දීමට එරෙහිව තමා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එහි වගඋත්තරකරැ ලෙස විදුලිබල මණ්ඩලය නම්කොට ඇති බවත්ය. තවද පසුගිය කාලය පුරා විදුලි ඉංජිනේරැවන්ගේ වැටුප් පිළිබදව හා ඔවුන්ගේ ආදායම් බදු විදුලි බල මණ්ඩලය විසින් ගෙවීම පිලිබදව මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇති බවත් එම කරැණු හේතු කර ගෙන තමන්ට විදුලි සම්බන්ධතාවට ලබා දීම ප්‍රමාද කරන බවත්ය.

මේ පිළිබද අප විසින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් විමසා සිටීමේදී ඔහු සදහන් කළේ නීතිවේදිනියක වන තම බිරිදගේ නමින් තම නිවසට නව විදුලි සබදතාවයක් ලබා ගැනීම සදහා අයදුම්පතක් ඉදිරිපත් කලත් පිළිගත හැකි හේතු නොමැතිව ඒම විදුලි සම්බන්ධතාවය ලබා දීම ප්‍රමාද කරන බවය.

මේ පිළිබදව ශ්‍රෙෂ්ඨාධිකරණය දැනුවත් කිරීමට තමන් කටයුතු කරන බවත්  කුමන බලපෑම් ආවත් තමන් විසින් මෙරට පාරිභෝගිකයින් සදහා කරනු ලබන සේවය නවතා දැමීමට හෝ ශ්‍රෙෂ්ඨාධිකරණයේ පවතින නඩුව ඉවත් කර ගැනීම සදහා කටයුතු නොකරන බවත්ය.

9,189 Viewers

One Comment to “සභාපතිගේ නිවසට විදුලිය දෙන්න බෑ කියයි.. ලංවිට එරෙහි මානව හිමිකම් නඩු..”

  1. වින්ජිට් රටානගේ says:

    කාගෙ දරුවොද බන් මේ ? මේ මිනිහට කියාපන් සාමාජිකත්වය අරන් තියෙන ගණන පෙන්වන්න කියලා. මේ යක්කු බොරු ලෙටර් හෙඩ් එකක් හදං මාධ්‍ය සාකච්ඡා තිය තිය රටේ පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා පෙන්නගෙන හම්බු කරනවා. පොතකුත් ලියලා තිබ්බා බලු වටින්නේ නැහැ. විදුලිබල මණ්ඩලේ උන්ට මාත් කැමති නැහැ. ඒත් මේ වගේ බෝඩ් ලෑලි සංවිධාන අටෝගෙන තවුසන්ඩ් ටෝක් දෙන බූරුවො රටේ පාරිභෝගික ජනතාව නියෝජනය කරන උන් නෙවේ. උන්ට තියෙන්නේ වෙනම ඇජෙන්ඩා.

Main News