පනත සම්මත වුවත් උතුරුමැද, සබරගමු, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. මහීපාල, පේෂල ඇතුළු මැති ඇමති රොත්තම ඡන්දය එන තෙක්ම ගෙදර..

September 21, 2017 at 3:31 am | lanka C news
පනත සම්මත වුවත් උතුරුමැද, සබරගමු, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. මහීපාල, පේෂල ඇතුළු මැති ඇමති රොත්තම ඡන්දය එන තෙක්ම ගෙදර..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කලද නියමිත පරදි මේ මස 26 වැනිදා සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවන්හි ධුර කාලය අවසන් වෙයි.

ඉන් පසු ඔක්තොම්බර් 02 වැනිදා වන විට එම සභාවල සභාපති ධුරයන් හැර සෙසු සියළු මැති ඇමති තනතුරු අහෝසි වන අතර කවදා හෝ මැතිවරණයක් පැවැත්වෙන තෙක් ආණ්ඩුකාරයා හරහා සීමිත පරිපාලනයක් පවත්වාගෙන යා හැකිය.

ඒ අනුව මෙම පළාත් සභාවන්හි සිටින සියළු එජාප හා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ට ධුරයන් අහෝසියත් සමග මැතිවරණය එන තෙක් කොතරම් කාලයක් බල සිටීමට සිදුවේදැයි කිව නොහැක්කේ සම්මත වූ පනත අනුව කොට්ඨාශ ක‍්‍රමයට සීමා වෙන් කිරීම හා කාන්තා නියෝජනය 30% ගැසට් කරන්නේ කවදාදැයි තීරණයක් මෙතෙක් නැති හෙයිනි.

මෙම සියළු පළාත්වල මහ ඇමති තනතුරු දෙකක් ඇතුළු වැඩිම තනතුරු ප‍්‍රමාණයක් දරන්නේ ශ‍්‍රීලනිප නියෝජිතයින් වීමද විශේෂත්වයකි.

23,005 Viewers

10 Comments to “පනත සම්මත වුවත් උතුරුමැද, සබරගමු, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. මහීපාල, පේෂල ඇතුළු මැති ඇමති රොත්තම ඡන්දය එන තෙක්ම ගෙදර..”

  1. Niru says:

    Nothing happens in the country apart from talk of elections discussions about useless bills in parliament and overseas jaunts from president downwards. We are doomed. If not for money earned by housemaids people of this country would be starving by now.

  2. රාහුල කොලුවා says:

    ලබන මාර්තුවලට කලින් පලාත් සභා තුනේ චන්දය පවත්වනවා යැයි කීම ගැන විශ්වාසයක් තැබිය නොහැක.. සීමා නිර්ණය වැනි කාර්යයන් කෙටි කලක් තුල අවසන් කල නොහැකි වනු ඇත.. අවශ්‍ය වූයේ චන්දය කල් තැබීමයි.. එය නීති විරෝධිව සිදු කර ගත්තා…

  3. Rivert says:

    තම පක්ෂය ගණිකා වෘත්තියේ යොදවන, චන්ද්‍රිකා-මෛත්‍රී දෙදෙනාට
    ජනතා විමුක්ති පෙරමුණේ ආලය

  4. ඇත්ත says:

    නීතිපතිගේ නීතිය නැවීම යහපාලනයේ තවත් අපූරු නීතිය මැවීමකි….
    මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳ නීති පැනවීමේ දී ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය 20 සංශෝධනයට අදාල තීන්දුවේදී තීරණය කර තිබුණ ද,,,, නීතිපතිවරයා නීතිය නවා එකී ජනමත විචාරණය වෙනුවට 2/3 ඡන්දයක් බවට එය පරිවර්තනය කරයි.

    • Samare says:

      මෙයයි සිදුවිය හැක්කේ, 2/3 ක බහුතරයකින් පනත ජයගත හැකි බව නීතිපති වරයාව කලින් දැනුවත් කල පසු වඩා සාධාරණ බව
      පෙන්වීම සදහා ඔහු එසේ කලා විය හැක. ඔහුගේ අභිමතය පරිදි නීතියක් පෙන්වූවාදැයි පැහැදිලි නැත.
      කෙසේ හෝ සැමදා නියං එක දා වැහි වළාවේ ත් කියල කියනවනෙ

      • ඇත්ත says:

        ඒකාබද්ධය මෙදා සැරෙත් LOST….

        • ඇත්ත නොවෙයි ..ත්ත says:

          ඒකාබද්ධයට නොවෙයි …ත්තෝ රටටයි කෙලින්නේ මුන්.

        • ජසයා says:

          සම්මත පටිපාටායට පටහැනිව යමින්, නීතියටද එරෙහිව ක්‍රියාත්මක වෙන විට, LOST වීම, විධිමත් LOST වීමක් නොවේ…

  5. yasmin says:

    They will be given Cabinet minister positions soon. Most JO MP’s will lose the seats soon, They will be kicked out from SLFP. Under 19th amendment, if MP is kicked out from the party in 1 month they will lose the seat in parliament.

  6. Gunaruwan says:

    Minimaru Atha Kota ge God Father Maheepala gedera inna tharamata a paththe minissunta hondayi.

Main News