පන්සල් හා පාසැල් ආසන්නයේ තැබෑරුම් දාන්න අවසරත් සූදානම්.. ජනාධිපති-අගමැති රටට කුමටද..

January 14, 2018 at 3:00 pm | lanka C news
පන්සල් හා පාසැල් ආසන්නයේ තැබෑරුම් දාන්න අවසරත් සූදානම්.. ජනාධිපති-අගමැති රටට කුමටද..

ලිහිල් කළ මත්පැන් නීති වහා අවලංගු කරන්නැවි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01.

ගරු ජනාධිපතිතුමනි,

ලිහිල් කළ මත්පැන් නීති වහා අවලංගු කරන්න .

‘’මතට තිත’’ තබන බවට ජනතාවට පොරොන්දු වී බලයට පැමිණි ඔබතුමාගේ නායකත්වයෙන් යුත් රජය මේ වනවිට මත්පැන් ප්‍රවර්ධනය කිරීම ඉතාම කණගාටුදායකය.

අනාදිමත් කාළයක සිට මෙරට ක්‍රියත්මක වූ මත්පැන් නීති ලිහිල් කිරීමට ඉඩදීම කිසිසේත්ම කලයුතු නැත. මුදල් ඇමතිවරයාට පමණක් අවශ්‍ය ආකාරයට නීති සැකසිය හැකිනම් අප රටට ජනාධිපතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය නැත.

ආගමික ස්ථාන හා පාසැල් ආසන්නයේ මත්පැන්හල් පවත්වාගෙනයාමට අවසර නොදෙන නීතියද ඉදිරියේදී ඉවත් කිරීමට නියමිතය. එබැවින් ඉතාම ඉක්මනින් ඔබතුමා විසින් ජනාධිපති ධූරයේ බලතල ක්‍රියාත්මක කලයුතු බව අපගේ හැගීමයි.

එසේ නොමැතිව මෙරට සිවිල් සංවිධාන කිසියම් කරැණක් පෙන්වා දෙන ආකාරයට කරුණු පෙන්න්වාදීම ඔබතුමාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නැත.

ජනාධිපතිතුමනි මෙරට පොහොර හිගය ඇති වූ අවස්ථාවේ ඔබතුමාගේ එක කෝල් එකෙන් පාකිස්තාන් අගමැතිවරයා පොහොර නැවක් එවූ බවත් රුසියාව අපේ රටේ තේ තහනම් කල අවස්ථාවේ ඔබතුමාගේ එක ලියුමෙන් තේ තහනම ඉවත් කළබවද ඔබතුමා ප්‍රකාශ කළේය.

එහෙම නම් ජනාධිපතුතුමනි, මෙරට විධායක ජනාධිපතිවරයා වන ඔබතුමා මුදල් අමාත්‍යවරයා විසින් මත්පැන් නීති ලිහිල් කල විට ඒ පිළිබදව ප්‍රකාශ නිකුත් නොකර මත්පැන් නීති ලිහිල් කිරීම අවලංගු කිරීමට මුදල් අමාත්‍යවරයාට නියෝග කරන ලෙස ඔබ තුමාගෙන් කරුණාවෙන් ඉල්ල සිටිමි.

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

7,855 Viewers

14 Comments to “පන්සල් හා පාසැල් ආසන්නයේ තැබෑරුම් දාන්න අවසරත් සූදානම්.. ජනාධිපති-අගමැති රටට කුමටද..”

  1. Jonaa'S Brother says:

    සරල ජනාදිපතියා බලු කරලා ගම් රට බලා යවන්නයි යුඇන්පී මන්ගලයා හදන්නේ, මේ මනුශ්යාට මේවා වැටහෙන්නේ නැති හැටි

    • ASEO Asela Sampath says:

      රංජිත් විතානගේ කියන්නෙ බීල බීල කානුවල ලගින පොරක්. රට හදන්න කලින් තමන් හැදිල ඉඳපන්.

      • suda says:

        සුපිරි වෙලන්දහල් වලට දී ඇති තැබෑරුම් ලයිසන් වහාම තහනම් කරවූ මේ මාර්ගයෙන් පාසල් අසල තැබෑරුම් සාර්ථකව ක්‍රියාත්මක වේ .පල්ලි ළඟ පන්සල් ළඟ පාසල් ළඟ මේ සුපිරි තැබෑරුම් මුළු රට පුරාම ඇත මෙවා ගැන කිසිවෙකුත් කතා නොකරයි

        අසේල සම්පත් යනු මොන්ගලගේ x කණ්ඩායමේ කෙනෙකි මෙවැනි නරුමයන් තමා මෙවැනි නීති වෙනුවෙන් පෙනී සිටින්නේ .

  2. Bebadda says:

    Balan inna karai menna kiyala. Beer mila adu kala. Mang kamathi nahai kiyuwa witharai gaththu kriyamaargayak dakke naha. Pansal, paasal langa thabarum dammath mang kamathi nahai kiyawi. Echchrai!

  3. Open mind says:

    කැමති එකෙක් බීපුදෙන්…..බැරි එකෙක් නිකං හිටපු දෙන්…..එක එකා පාලනය කරන්න තව එකෙකුට තිබෙන අයිතිය මොකක්ද ?

    • kamalasirikuruwita says:

      ඇත්තටම උඹට පුතෙක් හරි දුවක් හරි ඉන්නවනං උන් බොනවට උඹ හිතට එකඟවම කැමතිද කියල පපුවට තට්ටු කරලා උඹෙන්ම අහල බලපන් මල්ලි.

  4. KTD says:

    Where is this Kandy deity TIBOTTA???

    • chatu says:

      to KTD,
      THIBOTTA PAMANAK NOWEI,RATHANA, JARAAWIDYAACHAARYA. AMBARA DAMILA, GANINNAANSELA DENNATH AA GIYA THENAK DANNE NEHE,

  5. Saradiel says:

    බුදුදහම රටින් නැති ක‍රන්න හදන රනිල්ගේ එන්ගලිකන් රජය පරදවමු

  6. SUNIMAL says:

    පොළොන්නරුවේ ගොවි පුතාට මේ කියන්නේ දළදා මාලිගාව අවට ඇති සුරාසල් වහාම වහන්න

  7. love nature says:

    බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් රටපුරා තැබෑරුම් විවෘත කරමින් මෙරට වැසියන් බීමත් කමට පුරුදු කිරීම හා සමානය යහපාලනය

  8. love nature says:

    “සහන ලැබෙන තුරු ලංකා දීපයට

    ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට

    නහන රුපුන් නහමින් යමි ඉදිරියට

    මහණ කමත් බණ දහමත් එයයි මට”

    ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

  9. suneth says:

    බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ තියෙනවා ආරියපාල කියල මත්පැන් හලක්. එකේ ඉඳන් ආදී 50ක් වත් නැහැ මෙත්තාරාමය කියන පන්සලට. ඒ වගේම ඉස්සර ශිරන්ති රාජපක්ෂ නිතර එන ලෝරිස් පාරේ පල්ලියටත් මීටර් 50ක් වත් නැහැ. මොකද එකට විරුද්ධව කතා කරලේ කරන්නේ ,

Main News